තුන් සිත දැහැන් | Thun Sitha Dahan by Kamal Addararachchi

තුන් සිත දැහැන් ගත වෙනා – සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන – ස්වරයේ සප්ත වර්ණ
සිත ළඟ ගයනවද ඔයා
තුන් පැය අතර නිම වෙනා – මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැඳෙන – සුන්දර සිහින රැඟුම
සිත ළඟ රඟනවද ඔයා

නෙතඟට කඳුළ ගෙන දෙනා – නරඹන සිත ද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම – සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා
තනිකම සිතට කැඳවනා – තනිවම සිතින් වැළපෙනා
දුක්බර විරහ ගැයුම – සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා

පෙම්බර වදන් වැල් විනා – දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක – දිවියක සැබෑ ලොවක
දුක්බර චරිතයක් එපා
සුන්දර අදහසක් තියා – දුක්බර පද වැලක් ලියා
සත්සර අතර මිසක – සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා

උන්මාද වූ | Unmada Wu by Kamal Addararachchi & Damayanthi

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ

රල පෙළ කැලබේ හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ
රල පෙළ කැලබේ හසගන විලසේ
ලවනත සුදු මුදු පහස ලැබේදෝ

ඔබ හදවත මා හදුනාගත් සේ
මා හදවත ඔබ හැදින ගනීදෝ

සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ

කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
සයුරු තෙරෙන් සැගවී අවාදෝ
කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
සයුරු තෙරෙන් සැගවී අවාදෝ

චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කිලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
සංසාරයේ සුබ ප්‍රාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ

උන්මාද වූ ප්‍රේමාදරේ
සමනළ වසන්ත යෞවනයේ
ඉදුනිල් දෙනයන සටහන් වේ
සමනළ වසන්ත යෞවනයේ

ඉදුනිල් දෙනයන සටහන් වේ

හ්ම් හ්ම් හ්ම් හ්ම් හා