සීතල කාමර අස්සේ | Seethala Kaamara Asse by Shana x Shena

එක එක ආතල් ඇති බජාර් එකක් ලංකාව
අවි අරගත් උන් අවියෙන්ම නැසෙයි ඉදුරාම
ආකහේ ගැටෙන කුලුනු තැනුවට චින්තනේ
පැල්පතේ තවම දරුවෝ නිදි ඇති හාමතේ

සීතල කාමර අස්සේ
බිත්ති හතරක් මැද්දේ
ඉන්න උන් නෑ දන්නේ
ටකරං ලයිමේ දැනෙන රස්නේ //

අවකාශේ රැපවේනම් ඔව් මම පදාර්ථෙ
නීරෝගි මිනිහෙක්ට හොඳනැහැ මෙහේ වාතාශ්‍රෙ
මමත්වේ නෙමෙයි ප්‍රගුන කලයුත්තෙ පරාර්ථෙ
කුඩා කාලෙදිම නැවැත්තුවා අපි ගෝත ආශ්‍රේ

නෑ භාදාකිරීම්
තනි වචනෙට වැඩ නෑ මේහෙ උන්ගෙ බාලාගිරී
බොක්කෙ දඩමස් හක්කෙ බුදුරැස් නෑ
එන්නම් කිව්ව එවුන් අදටත් නෑ
අපෙඋන් බොරුවට දඟලන්නෑ
ඒත් බිව්වම නාලාගිරී

ආහල පහල උන්ට නෑහෙන්න
කැස්සක් කිවිස්සක් බෑ මේහෙ
ආලෝ නිලෝ පොරවල් ඉන්නවා සෑහෙන්න
වැස්සත් දනහිස්සත් නෑවේ
ගේමක් දීල ඔලුව උස්සන් ඉන්නෙ
පොලිසියෙන් කියලා PHIටත් අපේ එවුන් කිනිස්සෙන් ඇන්නෙ

අපිට මොලේ තියනවා වඩා දෙසිය විසිපහටම
කතා බහේ Delivery වෙනස් දෙන්නෙ අමුතුම රහකට
වත්තෙ එකෙක් බැස්සම ඇති තනියම ගහනවා එකොළහකට
තෙලේ වැඩී මහත්තුරුනම් ගනං ගන්නෑ සතපහකට

ලොකුකම් නම් දැම්මත් ජීවිතේ
මැරුනම අපි සේරම කනත්තේ //

සීතල කාමර අස්සේ…

Written by Shan Putha x Shane Zing

ත්‍රෛයිලෝක | Thriloka by Shane Zing with Line One [2019]

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා

ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ
…අහසින්ද…
අහසේ පියසලන වලාපෙලට දෑස තියන්නේ
…..මුහුදින්ද……
මුහුදේ තරංගයක පෙනපිඩු කවුද මවන්නේ
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා

ආදරේ ජාති ජාති ආල හැගුම් කොහෙන්ද එන්නේ
….පපුවෙන්ද….
පපුවේද වෙනස් වෙනස් සිතුම්
පැතුම් ගිගුම් නැගෙන්නේ
….ඔලුවෙන්ද….
ඔලුවේද කැලතී කැලතී සිතුවිලි විෂ වන්නේ
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ

ත්‍රෛයිලෝක විජය පත්‍ර පවන් සලන ලෝකේ
වෛවර්ණ හීන පේනවා
ත්‍රයිරොදේ කැරකෙන මේ වයිතාල යාමේ
සන්සුන් හීන බිදිනවා
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ
ත්‍රයිරොදේ ඇඳීල තියනවා
සංසාරේ දකින දෑස ගීතෙකින් ඇහැරෙ
අපි එක තැන කැරකෙනවා

සංවේදනා | Sanwedana by Shane Zing

සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවීගියා
මං ගැයුව දුක් ගායනා…

ආකසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා…

ගංගා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලී තලා
සයුරෙන් ගෙනා දිය රැල් පවා
මහ දියබෙ මං නොදැන ගොලුවී සිනා
සයනේ වෙලී තනිවී මෙමා
ඔබ ගැනම සිතුවා එදා…

ආකසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා…