ගිනි මලක් | Gini Malak by Kithsiri Jayasekara [2014]

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්

මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්

දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක්

කැමීලියා මල් සුවඳට | Kameliya Mal Suwadata by Kithsiri Jayasekara

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා . . .

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා . . .

සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .

පෙනෙනා නිසා | Penena Nisa by Kithsiri Jayasekara & Shanika

පෙනෙනා නිසා අඳූරේ පවා
සිහිනේ වටී පැතුමට වඩා
මුළු ලෝකයේ සැරිසරා
ආදරේ දුක දරා
පරමාදරේ දුක දරා
විඳීන තුරා
පෙනෙනා නිසා අඳූරේ පවා

මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විඳී
සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිඳී
දුක නොතැකු ආදරේ.. ඇතී
දෛවයෝගේ කඳූළු ගෑ ත්‍යාගකී

සිහිනේ වටී පැතුමට වඩා
මුළු ලෝකයේ සැරිසරා
ආදරේ දුක දරා
පරමාදරේ දුක දරා
විඳීන තුරා
පෙනෙනා නිසා අඳූරේ පවා

දසුනේ පහසකී මන්දහාසේ මංපෙතේ
සප්නේ රැයක සුන්වේ පෙම නිමාවූ ජීවිතේ
තනියහනේ විසිතුරූ හතුරුවී
ශුන්‍යතාවේ නිරතුරා ඉතිරිවේ

පෙනෙනා නිසා අඳූරේ පවා
සිහිනේ වටී පැතුමට වඩා
මුළු ලෝකයේ සැරිසරා
ආදරේ දුක දරා
පරමාදරේ දුක දරා…