ල ලාවට | La Laawata by Nethmini ft. JTSP Boy [2023]

ල ලාවට දෙතොලින් මගේ
තොල් රස වෑහෙයි ඵලේ
නො නොදැකපු මූනත් මගේ
පෙම්බර ගතී ඇතේ
මං සාමකාමී කෙල්ලෙක් අනේ
තාමත් පෙර පරිදි වගේ
මං දැක්කාම තැම්පත් වගේ
නෑ නෑ එසේ නොවේ
(නෑ නෑ එසේ නොවේ)

ඔය ගැස්සිල්ල පැද්දිල්ල කරා මාව පිස්සෙක් කෙල්ලෙ
කෝඩුකාර මගෙ හිත නුඹටමයි ආලෙ
විද්ද හී සර වැදුනා මට එක එල්ලෙ
දැවටෙද්දි ලඟින් ඈ නොදැනීම ගෙවෙයි කාලෙ
රති ඔය තොල් සමානයි මෙන් මිදී
ඔය කටකාර කියවිල්ල වෙන්නෑ මට ඇතී
දෙන්න දෙන්න ආලෙ මට තව මදී
ආසම වෙලා ඉන්න මනෝපාරෙම නිදී

හීන මාලිගා හදන්නම් මා
සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
නුඹ තරම්
මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්

කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා..//

ල ලාවට දෙතොලින් මගේ
තොල් රස වෑහෙයි ඵලේ
නො නොදැකපු මූනත් මගේ
පෙම්බර ගතී ඇතේ
මං සාමකාමි කෙල්ලෙක් අනේ
තාමත් පෙර පරිදි වගේ
මං දැක්කාම තැම්පත් වගේ
නෑ නෑ එසේ නොවේ
(නෑ නෑ එසේ නොවේ)

ල ලබඳ වයන්නම් මං ආල ගීතේ
අතරමං වෙලා මම ඔය නීල දෑසේ
කතරට හැලුනු මල් වැස්සයි කෙල්ලෙ නුඹෙ ආලේ
දෙන්න අල්ලන් අත ඇවිදිමු අපි හීන ගානේ
රුවනාරී දැක දැක කෝම ඉන්න තවත්
ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
ඉඟ සුඟ පද්ද පද්ද යද්දි වෙලා මාව හොල්මන්
රුවනාරි දැක දැක කෝම ඉන්න තවත්

හීන මාලිගා හදන්නම් මා
සැමට රහසෙ පහස විඳින්නයි ආස මෙ මං
නුඹ තරම්
මේ වගෙ හදට දැනුන්නෑ කවුරුත්නෙ මේ තරම්

කොල්ලො හිතුව තරම් මා නපුරුයි තමා
ඒත් ඔයා ලඟ නෑ මවන්නෙ කොමල රටා
භාරකාරිය වෙන්න ආස නුඹගෙම මා
කරගන්න හැමදාම මාව නුඹගෙ පතා

written by Adhi MR & Jtsp Boy

දකින තුරු ඔබ | Dakina Thuru Oba by Pasan ft. Thushadi Nethmini

පිනැති දැහැනක සමවැදී
නෙතට නොගැටුණු පෙමක් තිබුනා.
ගත්ත හුස්මක් පවා දැනෙනා
දකින තුරු ඔබ බලන් හිටියා.

හීන අතරින් ඔබව දුටුදා
ඔබට නොකියා ඔබව සෙව්වා
ළඟට එන්නට වරම් නැතිදා
දුක් සුසුම් හද ගිගුම් දුන්නා.

දිනෙන් දින රැය ගනන් ගෙවුනා
ඔබ දකිනතුරු සුසුම් හෙලුවා
හද නතර වුණ ඔබම පතලා
අදත් මං මග බලන් හිටියා.

පිනැති දැහැනක සමවැදී
නෙතට නොගැටුණු පෙමක් තිබුනා.
ගත්ත හුස්මක් පවා දැනෙනා
දකින තුරු ඔබ බලන් හිටියා.