පෙම් බැන්ද | Pem Banda Sith Banda by Chandra Kumara Kandanarachchi

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා

රන් තාරකාවෝ… දෙනෙතේ රැදුනාවේ…
මේ සොදුරු සිහිනේ… කවදා ඉටු වේදෝ ලදේ…
නිම් හිම් නැතේ… සෙනෙහෙ ලයේ…
මන්දෝ ලදේ… සැගවී ගියේ.

පෙම් බැන්ද හින්දා… ඉන් මා දැවුනාවේ…
මේ සොදුරු පියසේ… නොඇසේ මිහිරි ගියේ…
හැගුමන් මගේ… ඔබ හා බැදේ…
පැවතුම් ඔබේ… නොදනී ලදේ…

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා

පෙම් බැන්ද සිත් බැන්ද
නෙත් කැල්ම රන් සිහින සේයා
ඉදුදුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහු බදින මායා…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කිරළි සිය බිජු | Kirali Siya Biju by Chandra Kumara Kandanarachchi

කිරළි සිය බිජු රකින විලසින
නැතොත් මගෙ පන සේ රැකී
අනේ වන දෙවි දේවතාවුනි
නැතිවෙලා මගෙ ජානකී…

රාමා….
සීතා….
රාමා….
සීතා….

සීතා….සීතා….මම රාමා මම රාමා

මේ වනේ වන මල් පවා අද
බිමට වැටිලා මැලවිලා
ගීගැයූ සියොතුන් පවා නැත
උන් මොකෝ අද ගොලුවෙලා
උන් මොකෝ අද ගොලුවෙලා

සීතා…. සීතා….මම රාමා මම රාමා

වනේ විහගුනි කුරුල්ලනි
මුව සිගිත්තනි තෙපි ඇය සොයව්
කොහේ සිටියත් සොයා යන්නෙමි
සිටින තැන ඇය මට කියව්
සිටින තැන ඇය මට කියව්

කිරළි සිය බිජු රකින විලසින
නැතොත් මගෙ පන සේ රැකී
අනේ වන දෙවි දේවතාවුනි
නැතිවෙලා මගෙ ජානකී…
රාමා….
සීතා….
රාමා….