මායම් තාරකා | Mayam Tharaka by Harshad Ibrahim [2022]

මායම් තාරකා ස්නේහයේ රෑ පුරා
සිහිනෙන් පෑව දෙව්ලිය මගේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ ආදරේ

ආලේ නම් හැඟුම් යාය පාටින් සදා
රෑනේ ආලෙ පාවී ගියේ
අදරෙන් පෑ සිනාවන්ද ගීයක් උනේ
සිහිනේ භාවනාවක් කලේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ ආදරේ

මාහා ලංවීලා හදේ ගායනා
ආලෙන් වෙලාගන්න කෝලම් කලා
මේ සීත රෑ යාමේ මාගේ වෙලා
සිත්තම් කලා ආදරේ ආදරේ

written by DidulaTharusara

රහසක් | Rahasak by Harshad Ibrahim ft. Harry Harsh [2021]

දිලිසී දිලීසී – හඳ සේ සිනාසී
ඇසිපිය මගේ නවත්තනා සුරූපී
දෙව්දූ විලාසී – ඔය බැල්මට වශී
හදවත පුරාම මේ නුරා මල් පිපී
රතු පැහැ තැවරූ දෙතොලේ
ඔපයට හුරු මුව කමලේ
වරුණට වදන් නොමැති අරුමේ
නෙතු බැමි නටවන තාලේ
දුටුදුටු විට මා සසැලේ
යටපත් කරන්න බැරි හැඟුමේ

රහසක් තියේ සුන්දර – හිත යට මගේ පෙම්බර
එය කියාගන්න කවදද මට දෙන්නෙ අවසර

ලස්සන – හින්දද දැක්කම
මට අහංකාරකම් පාන්නෙ ඉතින් ඔච්චර
තිස්සෙම – මැවි මැවි දිස්වෙන
නුඹ පතා ඉන්නෙ ආදරේට තමයි මෙච්චර

ගස්සන – ඉඟසුඟ පද්දන
ඔය දාංගලේ ඉලන්දාරි හිත් අවුස්සන
වස්සන – සිතුවිලි වැස්සෙම
තෙමෙමුකෝ තවත් කුමටද බොරු ගති නුරුස්සන