කපුටු කාක් කාක් කාක් | kaputu kak kak kak by Freddie Silva

හිතවත්කම හැදුනුම්කම
පෙන්න පෙන්න කිට්ටු වෙනවා
ඥාති කමට යාලුකමට
විශ්වාසෙට පැනලා දෙනවා
හෙමින් හෙමින් කුරුමානම
තමන් මල්ල පුරවා ගන්න
හිටපු ගමන් නිදිය ගත්ත
පැදුරටවත් නොකියා පනින

කට්ට කපටි කෛරාටික
කපුටු යාලුවෝ
කපුටු යාලුවෝ

කපුටු කාක් කාක් කාක්

කොහෙ බැලුවත් වටේ ඉන්න
පනන් අටට නිතර විදින
මිනිස් වෙසින් අපිට කොටන
කපුටු යාලුවෝ
කපුටු යාලුවෝ

කපුටු කාක් කාක් කාක්

ගරු සැලකිලි
බස් සැලකිලි
පෙන්නූ ගමන් තව කොටනවා
කිට්ටු වෙනවා
මිතුරු වෙනවා
පොකට් එකත් සුද්ද වෙනවා

මිනිස්කමට නිගා කරන
නොමිනුස්සුවී ලගින් ඉන්න
යාලු මිත්‍ර හිතවත් කම
බෑ කිසිදා මිලට ගන්න
මෙන්න නිතර ඔබත් සමග
හොදම යාලුවෝ
හොදම යාලුවෝ

කපුටු කාක් කාක් කාක්

කොහෙ බැලුවත් වටේ ඉන්න
පනන් අටට නිතර විදින
මිනිස් වෙසින් අපිට කොටන
කපුටු යාලුවෝ
කපුටු යාලුවෝ

කපුටු කාක් කාක් කාක්