හිමිකමක් නැති
සිහිනයක් දැක
නුඹ මගේ යැයි නොකියමි
හිස් වසන ෆර්දාව
ඇස් වසා බැඳි දිනෙක
රාමලානයේ සඳ මියැදුණි
සිහිනයෙක මැවෙන මිරිඟුවක් සොයමි
ක්ශේමයක් නොදුටු සව්මයේ
සීතල ම රැයෙක උණුහුම් ම කඳුළ
සහරයේ මැද ඇහැරමි
ප්‍රේමයක් නොදත් හදවතක්
කර්කශ ම රළු පොළොවකී
සබඳ, ආදරය ඊමානයෙම කොටසකී
නැවතුමක් නොදැන දිග ගඟක් ගලන
ඉරිතැලුණු මිටියාවතේ
ලස්සන ම මල් පිපෙන බිමක් වේ එහි ප්‍රේමයේ
ස්වර්ගයේ ඊඩන් උද්‍යානයේ
ආදම් නොදුටු ඇපල් තවමත් තිබේ