හිස් හිත | His Hitha by Krishni ft. Kaizer Kaiz [2022]

නිහඩව අසා සිටිනවා
හිත කියයි රස කතා
නුඹ ගැන තවම සිතනවා
පසුබසී දුක පවා

මතකය ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා
ආගිය පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

වරදට සමාව ඉල්ලා
හද මගේ වැලපුනා
අවනත නැතුව දුක ගියා
අපි හිතෙන් හිනැහුනා
මතකේ ඔහේ ගියා
නැවතුම මකා දමා
ආගිය තැනුත් හැර දමා

ආයෙත් පාර අසා
සැනසුම ඔබයි කියා
මතකේ ආයෙම එනවා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

තිත්තම උන ජීවිතේ
රහට හැපුන මුද්දරස්පලම
පද්දන පැද්දිල්ලට කඩන් වැටෙයි කෙල්ලේ
හෙල්ලෙන පාලම

කැටයක් කඩපු දාට
පොඩි එකාට කඩ චෝරු
වගෙමයි දැක්කම නුඹ
මැවුනේ මට මගුල් පෝරු

වැදිලයි හිටියේ මට
වැහි නැතුවත් හෙනේ
ගැරඬිත් මට පිප්පුව උන්ට
නැතත් පුප්පන පෙනේ
දෙබලක් අහුවුනා මම නැග්ගත්
තනි කෙලින් පුවක් ගහේ
පස්සේ උබ ඇවිදින් මට දැක්කුවා
පතරංගම සෙනේහේ

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

හිස් හිත පුරා
මා ගියා ලොව පීරලා
නුබ ගැන අසා තිබුනා
වස්කවි පවා
නැති වුනා නුඹේ නම් අසා
මන්තරේ ඔයා හින්දා

Written by Manuranga Wijesekara & Kaizer Kaiz