රෑ තනියෙන් | Re Thaniyen by Krishan Perera [2021]

රෑ තනියෙන්
ඔබ හා තනියෙන්
මැවු හීනේ පෙරදා

ඔයදෙනෙතින් දුටුවා හැබැහින්
මගේ ලෝකේ සැමදා

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

කවුලු පියන් හැර අදරේ
ඔබ එනතුරු හිටියා
සීත සුලං පමණයි නේ
මට තුරුලුව හිටියා

සිහිනෙක පායා ඒ
සිත බැදි ආදරියේ
විදගමු මේ ආදරේ
මා ඔබේ

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

රෑ තනියෙන්
ඔබ හා තනියෙන්
මැවු හීනේ පෙරදා

ඔයදෙනෙතින් දුටුවා හැබැහින්
මගේ ලෝකේ සැමදා

සෙවනැල්ලයි නුඹ මාගේ
ඇවිද යං පෙම් හීනේ
තනිය නෑ මය ආයේ
කිසිදා
නුඹ හින්දා මං ආයේ
හිනැහිලා පෙර වාගේ
කදුලු නෑ නෙතු මානේ
සොදුරේ

ඇය එන තුරා | Aya Ena Thura by Krishan Perera [2012]

සඳක් ඉඟි කර ගියා
හිතේ පෙම් කවි ලියා
මටත් එන්නට කියා
බල හිටියා එයා
දුරක් යන්නට සිතා
ගියත් මා ඇය සොයා
අතින් අල්ලන් එයා
මගක් වෙනකන් ගියා

ඈ යලි ඒවිදෝ කියා
මුවින් සුසුමක් ගිලිහුනා
අද මන් මග බලා
ඉන්නේ ඇය එන තුරා..
ඉන්නේ ඇය එන තුරා..

සිතින් මම තනි වෙලා
නෙතින් කඳුලැලි සලා
හඬන්නට සිදු වෙලා
එයා එන මග බලා
සොයන් ආවත් එයා
පැතූ පැතුමන් දමා
දුරස් වේවිද කියා
හිතන්නට බෑ සදා

ඈ යලි ඒවිදෝ කියා
මුවින් සුසුමක් ගිලිහුනා
අද මන් මග බලා
ඉන්නේ ඇය එන තුරා..
ඉන්නේ ඇය එන තුරා..
ඉන්නේ ඇය එන තුරා..