මගේ රත්තරන් | Mage Raththaran Helena by Rohana Baddage

දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි
දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි
කවුද……
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා

රාජ භෝජන නැත මට දෙන්නට
සිහින් සිනිඳු සළු නැත මට දෙනන්ට
ගේ දොර වතුපිටි නැත ගරු සරුවට
යාන්තමට ඇත දිවි රැකගන්නට
කවුද……
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා

දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි
දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි
කවුද……
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා

පසු කරමින් මහ කඳුවැටි ඕවිටි
පාලු සොහොන් පිටි රබර් වතු බඩවැටි
ගල් මුල් වල පය පැටලී වැටි වැටි
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි
කවුද……
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා

දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි
දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියි
කවුද……
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා
මගේ රත්තරන් හෙලේනා

සිරිලක පිරි අවුරුදු සිරි | Sirilaka Piri Awurudu Siri by Rohana Baddage and Various Artists

මේ අවුරුද්දේ
කිරි ඉතිරෙන්ටයි
රට වැසියන්ගේ
ආයු වැඩෙන්නයි

රට පුරාම අවුරුදු සිරි
මේන් බලන් රඑරබදු මල්
බක් මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට
මේෂ රාශියට පැමිනෙන
හිරු දෙවිදුගේ මංගල්ලේ මේන් බලල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

ගමේ පැටව් ගැටිස්සියන්
ගම් මැද්දේ රංචු ගැසී
අවුරුදු ජන කෙලි අතරේ
කරක් ගහන්ටා
ආච්චිඒ තාච්චියේ හැඩට නටන
කොන්ඩ කැවුම් රහ බලන්න
වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

අටු කොටු සරු වෙන්ටයි
දොම්නස් දුරු වෙන්නයි
පහුගිය දොහේ අබර දබර
දුරු වෙලාම යන්නටයි

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

කුඹුක් ගහේ ඔන්චිල්ලේ
නැගෙනා වාරම් මැද්දේ
ආන් බලන් ටිකිරි නගා
රන් ඔන්චිල්ලේ
රැක නැකතේ වැඩ ඇල්ලේ
මුලු ගමේම හරි සද්දේ
නැකත් වෙලාවත් කිට්ටුයි
වරෙව් ළමයිනේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සිතගේ පැතුම් ඉටුවේ
මුවගේ සිනා වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරි මේ

සකිය සගව්ව‍ට | Sakiya Sagawwata by Rohana Baddage

සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල (දිය පල්ලේ තිබෙයි අල )
දෙයියන්ගේ පිහිටයි ….
සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)
ගාලේ ලිහන්ඤයි
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල (දිය පල්ලේ තිබෙයි අල )
දෙයියන්ගේ පිහිටයි ….
සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ (දිය මතුපිට තිබෙයි කොළ)
ගාලේ ලිහන්ඤයි
වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා

සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා

සක්සඳ සත්සඳ සඳ පානේ අපි යනවා (සද පානේ අපි යනවා )
දෙයියන්ගේ පිහිටයි …
මක්කොලි බදට ගොන් බානක් බැද යනවා (ගොන් බානක් බැද යනවා)
ගාලේ ලිහන්ඤයි
සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
දත් කැකුලට නාරම්මල ලතවෙනවා

සක්සඳ සත්සඳ සඳ පානේ අපි යනවා (සද පානේ අපි යනවා )
දෙයියන්ගේ පිහිටයි …
මක්කොලි බදට ගොන් බානක් බැද යනවා (ගොන් බානක් බැද යනවා)
ගාලේ ලිහන්ඤයි
සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
දත් කැකුලට නාරම්මල ලතවෙනවා

සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා

සක්සඳ සත්සඳ සඳ පොබයන සාවුන්ට (සද පොබයන සාවුන්ට)
දෙයියන්ගේ පිහිටයි…
මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට (දුටු විගසට ගිරවුන්නට )
ගාලේ ලිහන්ඤයි
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

සක්සඳ සත්සඳ සඳ පොබයන සාවුන්ට (සද පොබයන සාවුන්ට)
දෙයියන්ගේ පිහිටයි…
මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට (දුටු විගසට ගිරවුන්නට )
ගාලේ ලිහන්ඤයි
පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට

සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා