සරුංගලේ | Sarungale by Ridma Weerawardena ft. Nipuni Herath

ආදර පවනයි සිත්මල පොපියයි
ජීවිත කතරයි බාධක පවුරයි

ප්‍රේමය සසලයි හදවිල කැළඹෙයි
පවනේ හැරයයි නිලඹර පාවෙයි

කාලය ගතවී දෙලොවක තනිවී
වියරු බසින් අසන්
කවුදෝ නුඹ..සරුංගලේ

දෑසත් බැඳුනා මුවමල දුටුදා
ආලය ගැලුවා හදවිල උතුරා

ආලය පැතුවේ රාගය තවරා
නුඹ නෑ කිසිදා සිතුවිලි අතගා

කාලය ගතවී දෙලොවක තනිවී
වියරු බසින් අසන්
කවුදෝ නුඹ..සරුංගලේ

මා සිත නුඹ ළඟ කිම මා අමතක
පාළුව තනිකම පාරයි මා නෙත

හදවත පාරන අතීත අන්දර
පවසයි නුඹ හිත පාරපු අන්දම
කවුදෝ නුඹ..සරුංගලේ

written by Savindra Madushan

ridma weerawardane,ridmaw,ridmadw,ridma,imzys dance crew,nisal gamage,amazing voice,sobana,acoustic singer,sri lanka,srilankan vocalist,naadhagama,bollywood songs,imzys,hindi,senanga dissanayake,sobana(සොබනා),bollywood

කණ්ණා | Kanna by Stereomiinds ft. Kusal Lakshan & Nipuni Herath [2022]

මා සිර කළ ඒ මාළිගයේ
මේ පැලේ නුඹේ උරතලයේ

නීල නයන මුදු කෙහෙරැලි රේඛා
ආල වඩන නලලත රන් තිලකා
පීන පයෝදර හීලෑ කරනා
සේල දුහුල් මන සලෙලුන් ගැටුනා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල (මම) නුඹෙ, කණ්නා

නුවර’ත සිරි සර විදින’තරේ, ඔබ
වත මගෙ හිත ගැඹුරෙ ම සැතපේ
නුඹසිරි අඩුවෙන් ඛණ්ණා ගැයු සඳ,නුඹ
රුව ගැන දැන් දැන් දොසක් සිතේ

සේද සලුව සැලෙන හඩට වනන වරුණ රූ පැදී
පාද නිතඹ හිස වනනා , ඔහු ඇස දොස නෑ රැදී
වාද නොකර ඔහු කියවන ලිය සරුකම් ඇති මදී
මාද සිතේ සිර කල නුඹෙ, රූපෙ සෙමින් යයි ඇදී

මා සිර කළ මේ මාළිගයේ
පාලුව මා ගත දැවටූයේ
මා පැලේ නුඹේ උරතලයේ
සෙනේ සඳයි හද අම්බරයේ

වැනුම් සරින් බැලු මිස ඒ සේයා
හැගුම් සභාගත වී නුඹ ගාවා
රැගුම් අනෙක් උන් නැත සිරි මේසා
සිතින් නුඹව ඇද පබදිමි ගීතා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල (මම) නුඹෙ, කණ්ණා

වනමින් අගනුන් උන් හැඩ පෙන්නා
මගෙ සිරි මදිකම් පදකරලන්නා
කෝප නොවෙමි මා, නුඹ සිත දන්නා
නොරැදෙයි නොවටින දේ මෙහි කිසිදා මා එය දන්නා
නාරි ශ්‍රියා කවි කන්කලු බන්ධා
රජු මන සනසන මම වෙමි කණ්ණා
අගනුන්පුර සිර කල (මම) නුඹෙ, කණ්ණා

මගෙ ගී රස පිනවන අතරේ, නුඹෙ
රූ රජු සිත තුළ කැලල් කරේ
ඔහු අන්තඃපුර දුන් නුඹ පදවිය ගෙන
නැවතත් ගමටම පිටත් කරේ

සේද යහන් රන් සළු නැත පාලු පැලකි සඳවතී
සාද නැතත් පෙර සද මෙන් ආලෙ ඉතිර යයි නිතී
වාද මොටද රූ සිරි නුඹ සුර අගනුන් පරදිතී
මාද නුඹට, නුඹ මට දැන් රාජ සැපකි එය ඇතී

මම නුඹෙ කණ්ණා

written by Nelum Bopitiyegedara

ප්‍රේමයේ මුලකුරු | Premaye Mulakuru by Nipuni Herath [2020]

නින්ද යන්නැති ගොඩක් රෑවල
හිතට ඇවිදින් මතක දුන්නේ
නෙතට තනියට කඳුලු දුන්නේ
හීනයේ සැඟවී ගියපු නුඹ
ප්‍රේමයේ මුලකුරු කියූ නුඹ

නාභිනික්මන ලැබුව දා පුතු
සිනා කඳුලක් නැඟුණ දා නෙතු
කිරි සුවඳ විඳිනටද මත්තෙන්
රාගයේ වැට කඩුලු බිඳිමින්
මෝහයේ ගිනි සිළුව නිවමින්
ද්වේෂයේ කලු වලා දෙඅතින්
මෑත් කර නේරංජනාවෙන්
එපිට ලෝකය දිනා ගන්නට
හීනයේ සැඟවී ගියපු නුඹ
ප්‍රේමයේ මුලකුරු කියූ නුඹ

ගෝතමී ලෙස නොම හඬන්නට
පටාචාරා මෙන් දුවන්නට
හේතු කාරණ මටත් එමටය
රම්‍යයේ සුවිසල් ද්වාරෙන්
සුරම්‍යයේ රන් කවුලු අතරින්
සුබ මාලිගේ නිවි පහන දවමින්
සසර එතෙරට මග සොයාගෙන
මා ද නුඹ හා රැගෙන යනු මැන
හීනයේ සැඟවී ගියපු නුඹ
ප්‍රේමයේ මුලකුරු කියූ නුඹ