Spaceman by DKM ft. Costa [2020]

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

ලෝකෙන්
ලෝකෙන්
ලෝකෙන්
එතෙරට අපි යන්නෙ
හිරකරුවෝ වගේ මචං
අපි ඉන්නෙ
කෙනෙක් හරි මග ගිහින්
නැහැ දෙන්නෙ
මචං ඒකයි වැරදි මගට
යන්නේ
spaceman ගේ හිත කවදත් නැහැ ගින්නේ
spaceman නැ මහ පොලවේ දැන් නින්දේ
ඒකයි අහසට අපි මේ දුක් වින්දේ
සෞරග්‍රහ මණ්ඩලෙ ඉම්බේ

ඉම්බේ මම සෞරග්‍රහ මණ්ඩලෙ
කචල් උඹලගේ බල මණ්ඩලේ
කන්ඩලේ දෙන්න දෙපලේ
දක්කනවා කන්ද දැකලා බං
බඩ යනවා

කන්ඩලේ දෙන්නා දෙපොලේ

දෙන්නා දෙපොලේ
මම නැහැ පොළවේ
spaceman වගේ බං මම ඉන්නේ
එලොවේ
මම එලොවේ

රට හදනවා කියලා
බොරු පොරොන්දු දී
දැන් රට කාලා
ජීවිතත් දැන් හිත මෝරා
එන්නේ පස්සෙන් දැන්
වගෙ සුදු ගෝනා

දැන්නම් තියෙන්නේ එක දෙයකුයි
ශොට් එකකුයි
අහසටම දැන් යන්නයි
කරදර මැකිලා
සිතම චිල් වෙන්නයි
ගෙදරට කියන්නෙපා
මං තරුණයි

හද පිරි ශෝක කදුලූ
හිත උඩ ප්‍රශ්න කෝටියයි
තියෙන්නෙ එක විසදුමයි
ගගනගාමි වෙන්නයි මේ
සැලසුමයි

නාසා වගේ වෙන්නයි යන්න
ලංකා
නවත්තන්න වෙන්නෙ නෑ
සුදු නෝනා
රොකට් ස්පීඩ් අල්ලන් යන්නේ
දැන් මං
තරු එක දෙක ගනිමුද
අපි මල් දම්

රට හදනවා
කිය කිය බොරු පොරොන්දු දුන් උන්
හොයනවා

සිරවී ඇති සිතුවිලි
එලියට ඇද දමා

ලෝකෙන් එතෙරට
අපි යන්නට හදනවා

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

cause Imma spaceman
cause Imma spaceman

උන්මාදනී | Unmadhani by DKM ft. Master D [2020]

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ලය පැද්දෙන ගැස්සෙන
රටාවට ඇය ඇවිදින
කොට මගෙ හද ගැස්සෙන
පපුව දැන් හෝස් ගාලා යනවා

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇත සුරලොව මලක්
මෙහි පිපිලා
දුර ඇදෙන මා
සද සිහිල් ගැලිලා
හිත කඩුලු තුලක්
තදින් වැදිලා
පුරා වදුලු සුවද
නුඹෙන් සැරිලා

හිත කැලබුනී
නුඹේ රුව උනී
ගත බර උනු
නුඹ හරි අපූරුයි

හමු වුනි
පෙති පිබිදුනී
කෙටුවද ටැටූ
ඉන හිනැහුනී
මද පවන් නෙත කදුලු
මතින් හැමූ
තවන් නුඹේ ඇදේවී
පියකරු

හිත දවන් නෙතු පියලී
නුඹ සෙවූ
පවන් දෙපසින් ගියා අලි හොරු

සුරන් එකවර
මසුරන් විසිකලා
අසුවෙන්නෙපා
කසුකුසුවක් මගේ හිත
පසුවෙන් ඇති වෙන කලක්
ඇසුරෙන් මුදාහල
දැන් පිනා ගියා ඇසුරෙන්

තරමගදී මා
නුඹ දැක මගේ හිත නැවතී
යලි කිතිකැවුනා

කෙල්ලෙ ඇයි ඔය
නෙත් යුගලින් මා දෙස රවනා

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

ඇගේ උන්මාද වූ දෙනෙත්
ඇය උන්මාදනී

අධිපතිවරු | Adhipathiwaru by DKM [2020]

R&B කලාවක් නම්
අපි එහි අධිපතිවරු වෙයි
එන්න එපා කියාගෙන නම් දැන්
අහගෙන ඉන්න බැරි වෙයි

ලොකුකම කියවනවා
නෙවෙයි අපි පෙන්නනවා

කලාවට හැදෙන්න නම්
වෙනසට ඉඩ දෙන්න

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

වෙනසට පෙරුම් පුරන
සංගීත කලාව
එකට ඉන්නෙ නැත්නම්
දෙන්න එපා උඹේ වෙලාව

සර්පයෝ එක්ක රන්ඩුවෙන්න
ගන්නම් නලාව

පල නොකියා බෙදුවද
මේ පලාව

උඩට එන්න දෙන්නෙ නෑ
එකයි මේ ප්‍රශ්නේ

ඇදන් ඉන්නෙ ටී ශර්ට් මාල
ඒකයි අපේ දිස්නේ

වෙනස් කරපු දාට කවදාහරි
අපේ දර්ශනේ

අමතක කරන්න එපා අපිව
අපිත් සිත් නේ

ඉන්න අපි තමයි දෙබල රටේ
කලාකරුවන්ට ලොකුම ගැටේ
ලිහාගන්න බැරි වෙන්න
අවුරුදු ගානකටම වගේ

representing motherland
we got more on the way

R&B කලාවක් නම්
අපි එහි අධිපතිවරු වෙයි
එන්න එපා කියාගෙන නම් දැන්
අහගෙන ඉන්න බැරි වෙයි

ලොකුකම කියවනවා
නෙවෙයි අපි පෙන්නනවා

කලාවට හැදෙන්න නම්
වෙනසට ඉඩ දෙන්න

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

අපි අධිපතිවරු වෙයි
ලංකාවේ ලංකාවේ

කදුළු | Kandulu by DKM ft. Kaizer Kaiz [2020]

සිරවී සිටිනේ ජීවිතයේ
නුබ රුව මැවී මැවී ඇවිලෙන්නේ
දුක නැති මග සොයනා කාලෙක
අප දෙදෙනා වෙන් උනේ
මග හැරුනූ ඒ දවසට යන්නයි
මා පැතුවේ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇගේ රුව මා දකිනා දවස
පලවෙනි ලියුම කියූ දවස
පලවෙනියට සිපගත් දවස
මතකෙට ආවේ අදද

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

ඇත්තක් වහන්න බෑ
දැම්මත් දාහක් මුඛවාඩම්

ලස්සනම දේවල්
ඉගැන්නුවේ කැත පාඩම්

අපේ අතීතෙට මට
එකපාරක් යන්නට හැකිනම්
උඹේ හිනහව ගෙනත් දෙනවා
කෙල්ලේ ආයේ නාඩන්

මගේ හිත දිනුවට
දුකද මම දුන්න සහතිකේ
සමාවෙයන් කෙරුවට
සෙනෙහස ගාතනේ

රට්ටුන්ට තොරණක් වෙලා
අපේ මේ ජාතකේ
උන් ඒ එලියෙන් සතුටක් ලබද්දී
අපි තාමත් කලුවරේ

නුඹ ගැන
මම ලියූ හැම වදනක්ම
මතක් වෙන නිසා කෙල්ලේ
උඹේ හැම අගලක්ම

හදාගන්නම් මම
මගේ අතින් උන වරදක්ම
නුඹේ සතුට විතරයි
මට ආයේ වැදගත්ම

ආදරේ නම් හිත
සනසපු වචනේ

උඹ අකුරක් ලිව්වත්
මම උනා නේද මකනේ
ආයේ සමාවෙලා
තුරුලු වෙලා මේ සීතලේ
මූන බලන් කියපන්
නුඹේ අවසන් තීරනේ

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළුවලින් පිරී
නුඹේ නෙතු අද
හදවතම පුරා මම බොද වුන

මතකයන් එහා අපි සිරවුන
මා නිහඩම උන
ඈ නිහඩම උන

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

කදුළු වලින් තෙමිලා
ඇගේ මුහුනේ
සිනහව නෑ

ඉස්සර වාගේ දැන්
ඈගේ ලග සෙනෙහස නෑ

දිව්රනා | Diwrana by DKM [2020]

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

මදහාස පවා මවලා
ජීවිතේ එළිය කරලා
යන්නට අවසරද මෙමා
යනවා මදුරසය සොයා

නුඹේ කුරුලු කූඩුව කඩා
ගිනිබත් කර අලුයට හා
ආයෙත් දකින්න නොවෙනා
යනවා මදුරසය සොයා

නිවනට යන පාර සොයා
මදුසමයක් ගත කලා
කාලය ගෙවෙනා ජීවිතයේ
අරුතක් සොයමි මා

එකතැනකට වී ඉන්නට
අදහස් කරමි මෙමා
ජීවිතයෙන් ඔබ්බට යන්නට
උත්සාහ දැරුවේ මෙමා

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

දිව්රනා
හදවත පාරනා
සිතින් මං ලං වෙලා
නුඹේ සිත
හොරකම් කලා

සිහිනෙක | Sihineka by DKM [2020]

සිහිනෙක
නුඹ දැක මා
සිරවී දැන් නිදහස් වුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

නුඹේ නෙතු දුටු සැනින් මා
වශීවී සිටිනා දැනුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

හදේ ඇදි රූපයේ
සිතුවම් නෑ
දැන්නම් මා යායේ

සිහිනෙක නුඹ පසුපස
දුව ආ මං දැන්
‍යන්නේ කොහෙදැයි
නොදැන සිටින්නේ
නොදැන සිටින්නේ නම්
කුමක් කරන්නදෝ මං
පසුබට වෙන්නට නම් දැන් බෑ

සිහිනෙක
නුඹ දැක මා
සිරවී දැන් නිදහස් වුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

සිහිනෙක
නුඹ දැක මා
සිරවී දැන් නිදහස් වුනා

නුඹේ නෙතු දුටු සැනින් මා
වශීවී සිටිනා දැනුනා

කෙල්ලේ එන්නද
නුඹගේ තුරුලට දැන්
රැය එලිකරමින්
සැරිසරමුද මෙහි දැන්

යාවෙලා | Ya Wela by DKM [2020]

යාවෙලා
හදින් හද අපි දැන්
දැහැන් බිද ලංවීලා
ඔබ මගේ වීලා

සැනසුමක් ඔබෙන් හැර
මම නෑ
මෙතෙක් විද කදුලුත් දැන්
අඩුයි ඔබ නිසා

සිනාසෙන්න මට කියලා
තුරුල් වෙන්න මටදීලා
හදේ ගැස්ම මං වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ

පියාඹන්න ඉඩ තියලා
අනන්තයක අපි රැදිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ

මාවතේ
දුරක් නැතේ දැනුනේ
ඔබේ ලගයි ඉන්නෙ මා
සිහිනෙක සේමා
සාගරේ තරම් උස තනිවී
විදිමී මම ගැඹුරේ
හින්දා ඔබගේ ආදරේ

මාවතේ
දුරක් නැතේ දැනුනේ
ඔබේ ලගයි ඉන්නෙ මා
සිහිනෙක සේමා
සාගරේ තරම් උස තනිවී
විදිමී මම ගැඹුරේ
හින්දා ඔබගේ ආදරේ

සිනාසෙන්න මට කියලා
තුරුල් වෙන්න මටදීලා
හදේ ගැස්ම මං වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ

පියාඹන්න ඉඩ තියලා
අනන්තයක අපි රැදිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ

සිනාසෙන්න මට කියලා
තුරුල් වෙන්න මටදීලා
හදේ ගැස්ම මං වින්දා
දැන් දුකක් නෑ ජීවිතේ

පියාඹන්න ඉඩ තියලා
අනන්තයක අපි රැදිලා
වසන්තයක සුව විදිනා
නෑ නිමක් මේ ආදරේ

රූනාවියේ | Ruunaviye by DKM ft. YAKA [2018]

මතකයන් වල සිර වෙලා
සිහිනයක මං තනි වෙලා
අදහස් වූයේ නුඹමයි රූනාවියේ
රාත්රියකදි දිලිසෙනා
නුඹේ සෙනෙහෙට පෙම් කරා, එයි, එයි
නුඹ සිහින ලොවෙන් ආවාදෝ රූනාවියේ

මගේ හද පුරවා
නෙතු යොමු කරලා
ඇයි දෝ මා තනි කළේ?
මුව සිප ගන්නා
මතකය රඳවා
ඇයි දෝ මා හැර ගියේ? යේ, එයි

රූනාවියේ
පැවසූ ලෝකයේ
මා සිරවී මුමුණන්නේ
කුරිරුයි ආදරේ
මා වෙනුවට නුඹ පෙම් කෙරුවේ
වෙන කෙනෙකුගේ සිතකටයි
කවදා හෝ නුඹට වැටහෙයි
වියැකුනේ සත්ය ආලයයි

මතකද? හැන්දෑවක මා
ගී ගයමින් පෙම් කළා
ගීතයකට ලියැවුණු ඇය රූනාවියේ
සීතලින් ළය මඬලෙ හා
වෙලෙමින් උන්නා වූ දවසේ
වැටහුන් නැතිදෝ ඒ ආලය රූනාවියේ?

මගේ හද පුරවා
නෙතු යොමු කරලා
ඇයි දෝ මා තනි කළේ?
මුව සිප ගන්නා
මතකය රඳවා
ඇයි දෝ මා හැර ගියේ? යේ, එයි

රූනාවියේ
පැවසූ ලෝකයේ (පැවසූ ලෝකයේ)
මා සිරවී මුමුණන්නේ (මුමුණන්නේ)
කුරිරුයි ආදරේ
මා වෙනුවට නුඹ පෙම් කෙරුවේ
වෙන කෙනෙකුගේ සිතකටයි (වෙන කෙනෙකුගේ)
කවදා හෝ නුඹට වැටහෙයි
වියැකුනේ සත්ය ආලයයි

රූනාවියේ (රූනාවියේ)
ඇයි දෝ මා හැර ගියේ? (හිමිකාරියේ)
රූනාවියේ (Ooh)
ඇයි හැර ගියේ?

රූනාවියේ
පැවසූ ලෝකයේ
මා සිරවී (මා සිරවී) මුමුණන්නේ
කුරිරුයි ආදරේ (කුරිරුයි ආදරේ)
මා වෙනුවට (මා වෙනුවට) නුඹ පෙම් කෙරුවේ
වෙන කෙනෙකුගේ සිතකටයි (Yea, yea-eh)
කවදා හෝ (කවදා හෝ) නුඹට වැටහෙයි
වියැකුනේ සත්ය ආලයයි (Yeah-eh)

ඇයි උඹ ඉරිසියා | Ai Uba Irisiya by DKM ft. Smokio [2020]

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

මට ගැලපෙන්නෑ ඔය චරිත
ඉදපං ඈතින් එයි
උඹලට වඩා කෙලින් කතා කරනවා
උඹලගේ කෑල්ලේ

කෙල්ලේ මං මාත්රුකාවේ
කියවන්නෑ වහෙන් ඔරෝ හැල්ලේ

උඹලගේ ඔය ඇද කොදු
තියලා බැදගනින් ලෑල්ලේ

අහසින් වැටුනේ නෑ
මං මෙතනට ආවේ නෑ එක රැයකින්
මම හිටපු තැන් වල අද උඹ හිටියනම්
නෑ අද කෑලී
මනින්න එපා හදන්න මාව
මම ආව පාරෙන් නෑවේ

කකුලෙන් අදින්නැතිව පෙන්නපං
උඹලත් ඇවිත්

උඹ මාව දන්නෑ
මං උඹව දන්නෑ
ඇයි එහෙනම් වහන්නෙ පාර?
මට නම් දාන්න එපා ඔය පාර
ගේමක්ම නෑ ආවත් ඔක්කොම
එකපාර
අත ගහලයි අයේ උඩටම ආවේ
සෙල්ලමේ ඔක්කොම දාර
ස්මෝකා

කැරකෙන ලෝකෙ වටේ
අපි ඇවිදින්නේ
එක තැන දුවන අයයි
මට වැටහෙන්නේ

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

ඇයි උඹ ඉරිසියා?
බලන්නේ කපන්න
පිටිපස්සෙන් අනින්න
බිමට වට්ටන්න

මේ ගතිගුණ තියෙනකන්
ඉන්නට බෑ නේ මචං
එකට එකා මරාගන්න කං
පැවැත්මක් නෑනේ මචං

ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?
ඇයි උඹ ඉරිසියා?

නිම්න අඩවිය | Nimna Adaviya by DKM ft. YAKA [2020]

සරාගී නෙත් වලින්
බලන්නේ විගස දැන්
සෙමින් ලය පැද්දෙමින්
රුවක් ඇදෙනා සැනින්
සොරාගත් හදවතින්
සිරකර මත්පැන් වලින්
බිදුනු ඒ මල්පෙති අගින්
කරයි දැන් කාමකම්

අන්දකාරේ සමවැදිලා
විසිතුරු සළුපට පවා
නලගන නැටුමන් නටා
මගේ ලෙය බිදවටමිනා
නිම්න අඩවියේ සැරිසරා
පෙම් කරමුද අපි සැමදා
වේදනාවක කාවැදිලා
පෙම් කරමුද අපි සැමදා

පෙමින් මත් වූ කයින්
සුරතින් මිහිරක් දෙමින්
රාගයේ ගැඹුරට ගිහින්
සොයම් ඔබේ මිහිර දැන්
සොරාගත් හදවතින්
සිරකර මත්පැන් වලින්
බිදුනු ඒ මල්පෙති අගින්
කරයි දැන් කාමකම්

අන්දකාරේ සමවැදිලා
විසිතුරු සළුපට පවා
නලගන නැටුමන් නටා
මගේ ලෙය බිදවටමිනා
නිම්න අඩවියේ සැරිසරා
පෙම් කරමුද අපි සැමදා
වේදනාවක කාවැදිලා
පෙම් කරමුද අපි සැමදා