මං ආදරෙයී | Man Adarei by Kanchana Anuradhi [2024]

හුස්ම වැටෙනා ඇසිල්ලේ
මා ඔබ සොයා එමි නිදැල්ලේ
තබාගෙන ඔබෙ තුරුල්ලේ
නලවන්න ඔබෙ හද තොටිල්ලේ

කියනු මැන තුරුලට අරන්
මං ආදරෙයි මගෙ රත්තරං //

සඳේ සාවිය විලසටා
ගුලිවෙන්න මට ඔබේ තුරුලටා
නිශාවේ ඇති සරා සඳ වී
එළිය දෙමි ඔබෙ දිවියටා

කියනු මැන තුරුලට අරන් //

මා දකින හැම සිහිනයේ
ඇසිපිය හෙලන හැම වාරයේ
අතින් අල්ලන් තුරුළු වී අපි
ඇවිද යමු සංසාරයේ

ඔබේ ලෝකයෙ රැඳෙන්නම්
ඔබ භවෙන් භවයේ පතන්නම්
ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්

කියනු මැන තුරුලට අරන් //

written by Gen.Kamal Gunaratne

ඔපදා | Opada by Kanchana Anuradhi [2023]

ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා…
ඔයා…ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

පෙම්දඟ දාමී – දේහ නාරී – බැල්මකින් උදම් වනා
වැහි මුතු වෑහී – සේද සාරී – වාගෙ දැන් දුහුල් වළා
ගායනා සකුණ ගීයක නාදෙනා
කුසුම රහසෙම පූදිනා
අනගි මොහොතකි කිමිද කිමිද සරනා…මනා…

ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

හෝ….. නෑ හානිකාරී භාරී සුනාරී
හෝ….. නෑ හානිකාරී භාරී සුනාරී

නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා…
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

written by Lasitha Jayaneththi Arachchige

ලොවීනා | Loveena by Chitral Somapala & Kanchana Anuradhi [2023]

ලොවීනා
ලොවීනා මගේ සොදුරියේ
නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි

ස්වාමීනි මම රොඩි කුලයේ
ඉපදුනේ පෙර පවකටයි
ලැම වසන්නට වරම් නෑ මට
රාජ අණ හරි බලගතුයි

රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි

රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි

මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි

ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි

written by Gen. Kamal Gunaratne

පාවේ | Pawee by Kanchana Anuradhi ft. Thilina Boralessa [2023]

සිනා කෝ දෑසේ
පෙම් කතා නෑසේ
නිවා සැනසුව
නුඹේ උණුහුම
කොහේදෝ පාවේ
කොහේදෝ පාවේ

වරා මල් වාගේ
හිතුමතේ පාවේ
නුඹත් ඒ වාගේ
මා දවා පාවේ

කඳුළු ගංගාවේ
දෑල මල් යායේ
සුවඳ අරගෙන
වරෙන් හනිකට
පාවෙලා ආයේ
පාවෙලා ආයේ

සකිසඳේ ප්‍රේමේ
නුඹයි මා ප්‍රාණේ
පැටලිලා සුළඟේ
එන්නෙපා ආයේ

written by Kanchana Anuradhi

kanchana anuradhi songs,kanchan anuradhi song,kanchana anuradhi new song,kanchana anuradi cover,kanchana anuradhi,kanchana new song,kanchana anuradi songs collection,kanchana anuradi best song collection,sinhala new songs,sinhala songs,kanchi new song,kanchana,danena thuru ma,kanchi,dance songs,chamath new song,nepal viral song,danena thuru,ale mal song,sinhala song collection,uduravi cover,nepal trending song,chamath sangeeth new song,udhurawi

සංසාරිණී | Sansarini by Kanchana Anuradhi & Supun Perera

ඒ නෙතු රහසේ මා සොයා
හිත සොලවා සොරකම් කළා
නතු වී ඉන්නද හාපුරා ඉඩ හදා සදා

සංසාරිණිය වෙලා
පෙම් සාගරයම ගෙනා
උන්මාදිනිය නුරා
හංගා නොයනු දමා

සඳ වැනි ආදර කතා
බොඳ කළ වැහි කළු වළා
අතරින් යළි පීදෙනා
සඳ වගේ ඔයා
මේ සංසාරේ සරනා තුරා
ඔබ මිස අන් කවුරු හා
ගැලපේවිද නෑ නෑ මගේ නිසා…ඔයා

written by Lasitha Jayaneththi Arachchige

sansarini song kanchana ft supun,sansarini kanchana ft supun,sansarini mage song,sansarini song lyrics,sansarini sinhala lyrics,sansarini song,sansarini sharadha,sansarini teledrama,sansarini mashup,sansarini ai nissarane,sansarini karoke,sansarini covers,sansarini ai,kanchana songs,sansarini live,hiran kanchana,sansarini mage,sansarinee,sansarini audio,sansarini cover,sansarini lyrics,sansarini raspet,sansarini,kanchana drama song,hiru tv songs

නොමියෙන ආදරේ | Nomiyena Adare by Ridma W & Kanchana A

ගලනා සිතුවිලි ඉවුරුතල බින්දා
ස්වප්නයෙන් මිදෙනා තැනක මම උන්නා

ඒ හීනයේ හැඩරුව හදුනා
ඔය දෑස මානයේ මැව්වා
අපි උරුම ලෝකයේ
ඉවුර සොයා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

රූරා හැලෙන තරු අහුරු අවුරා
පලදා දෑසේ සතුට අපි වින්දා
අපි ආදරෙන් ජීවිතේ කියවා
ඒ ජීවිතෙන් ලෝකයක් සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නුඹ මාලගින් දැනෙනා හින්දා
මා කිසිදිනේ නොවැටී උන්නා
යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

written by Manuranga Wijesekara

මගේ | Mage by Kanchana Anuradhi [2022]

හද මඩලම දුනි පවරා
සදේ නුඹ
නැතුවම බැරි තැන මා

නෙතු බර කර නුඹ බලනා
අනේ මම
හද අවනත නැතුවා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

ඒ හැගුමේම පාවීලා මා
නොදැනිම බැදිලා මේ
උතුරන ස්නේහේ කිම
සගවනු මා

නෑ යන්නේ නෙතු තෙමලා මා
ඉන්නේ අද පේවීලා මේ
සසරේම ඒවී නුබේ
දෑතේ වෙලිලා

හද මඩලම දුනි පවරා
සදේ නුඹ
නැතුවම බැරි තැන මා

නෙතු බර කර නුඹ බලනා
අනේ මම
හද අවනත නැතුවා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

හද මඩලම දුනි පවරා
හද මඩලම දුනි පවරා
සදේ නුඹ
නැතුවම බැරි තැන මා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

මගේ ආලේ ඉල්ලන්න
දෑසේ යාවී ඉන්නම් මා
ආනේ මාහිත් ආයේ ඉගි මරනා

written by Dulan ARX

සීමා | Seema by Kanchana Anuradhi ft. Rivindu [2022]

මොහොතක් දැවටී මාව සිඹිනා
සුළගක් ඇවිදින් මා සොයා
හුරු වේදනා සාදලා
දුර යාවී දැන් මා දමා

නොරැදී බිදුවක් ඈත ඇදෙනා
නුඹගෙන් සැනසුම් කෝ කියා
හිත පෑරෙනා රෑ පුරා
තාමත් මං හොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලුම් සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
හීනෙන් පුරා
ඔබ හා මා

රිදවූ මතකේ දෑස වසලා
කදුලක් ඇවිදින් මා සොයා
මගෙමැයි කියා කී කතා
දෙසවන් මත ඇහෙනවා

යහනේ තනිකම් හීන රිදවා
ඇවිලේ සුසුමන් මා දවා
හිත පෑරේනා රෑ පුරා
අරුතක් මං සොයනවා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

ඉහිලූ සෝ සුසුමන් රිදුමන් එහෙනම් නෑ
ඔබ හා මා සිසාරා සිසාරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

සීමා බිඳදාලා සිසිරා සිසිරා
එනවා නම් මා සොයලා සොයලා
කඳුලැල් මල් මාලා ගොතලා ගොතලා
පිසඳා ගන්නම් සිතාලා සිතාලා

Written by Nisal Gamage

Kanchana Anuradhi new song , Kanchana Anuradhi song , seema kanchana anuradhi , kanchana anuradhi age , kanchana anuradhi hair , kanchana anuradhi photo , kanchana anuradhi boyfriend , seema kanchana anuradi song lyrics

නොලියමි | Noliyami by Kanchana Anuradhi

නොලියමී අසුන්දරකම්
ඉතින් මතකෙන් වියැකුනා වේ
හිමි නැතී පෙමින් තව නම්
නොවෙම් මා තොර සොදුර මාගේ

හීනයක් හීනයක්
දෑස අභියස මා ලග දැන්
හීනයක් හීනයක්
මවනු නොහැකිව මා

අහංවර වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී

මුවපුරා හරි ආදරෙන්
ආදරෙන් ඔබ කී වදන්
නෑසුනා තරමින් දුරින්
මා හිදින්නේ ඈතකින්

අහංවර වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී

රෑ පුරා දැවෙනා සුසුම්
සෝසුසුම් අළුවී ගිහින්
ඔබ ගෙනා උනුසුම් හැගුම්
හීතලින් වියැකී ගිහින්

අහංවර වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී

ආලේ මාල් | Aley Mal by Kanchana Anuradhi [2022]

සංසාරේ මා හද ගැස්ම
සොයන්නම වාගේ ආ ආවා
ශෘංගාරේ පෑ හිත
හීන මවන්නම් රහසේ පා පායා

ආලේ මල්
පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ

හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ
ඔයාදෝ

ආඩම්බරේ මා අම්බරේ
තරුවක් වගේ ඉන්නම්
හැන්දෑකරේ අන්ධකාරේ
හැංගී හිනා වෙන්නම්

ඒ හීනය නතුකර
ඔබගේ පාමුල තියා
මා ඔබ සතු වන්නට
නොඉඳුල් හිත පේ වීලා
සැබැවින් රන් නොපලන්දා
ප්‍රේමයනම් නම් අත් වින්දා
මේ ආශා දැහැනේ නිද්රාගත වෙම් මා

ආලේ මල්
පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ

හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ

සගමප ග රි
සගමනි ප ම
සගමප ගරිසනි ස
ඔයාදෝ

ආලේ මල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ

හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ

ආලේ මල්
පිපුණිද මේ දවල්
අත අල්ලාගෙන ආවේ
ඔයාදෝ

හාද වෙලා
පියඹාලා සුළං
රැල් අතර මගේ අසලින්
හිඳින්කෝ

Written by Lasitha Jayaneththi Arachchige