රැල්ලෙන් රැල්ලේ | Rallen Ralle by Dinesh ft. Kanchana [2024]

Sinhala song lyrics with music notes illustration

රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ
වැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවා
නින්දේ වින්දේ පැද්දෙයි හීනේ
ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා //

ඔය අතගාවින් අතක් තියා හිතගාවින් හිතක් තියා
රෑ අහසට සදක් වැඩක් නෑ

මේ මහදියඹට රහස් කියා
ඒ රහසට පණක් පුදා 
එළිවෙනතුරු නින්ද ආවේ නෑ…..ඈ

මේ දියඹේ…සැඩ පහරේ
මාහිමිගේ…පණ රැකුණේ

කළු අහසේ…. තරු පොකුරේ
මගේ හුස්මේ… දුක රැදුණේ
එනතුරු හෙට දවසේ
ඇයි දෝ දුක් වෙන්නේ

කදුළට මං බය හින්දා

රැල්ලෙන් රැල්ලේ
පාවෙන රැල්ලේ 
නින්දේ වින්දේ
පැද්දෙයි හීනේ…

ඔය අතගාවින් අතක් තියා 
හිතගාවින් හිතක් තියා රෑ අහසට සදක් වැඩක් නෑ

මේ මහදියඹට රහස් කියා
ඒ රහසට පණක් පුදා
එළිවෙනතුරු නින්ද ආවේ නෑ…ඈ…

written by Manuranga Wijesekara

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply