කරඹ මල් | Karamba Mal by Sashika Nisansala ft. Bachi Susan

කරඹ මල් තලා
යන අයුරු බල බලා
හිතවත්කම් නැති ගොම්මන් යාමෙ තනි උනා
රුදුරු තැනිතලා පසුකරන් හෙල් පවා
එක හැල්මේ යන ගමනේ
මට මාව නැතිවුණා

හංගා මයෙ ආලේ
වින්දා ඇහි දාරේ
නින්දා වැහි කෝඩේ
තනිවුනු දා…
මට නැතිවුණු ආලේ
ඉරිතැලෙනා හෘදේ
නුඹ හින්දා ප්‍රාණේ ඉකිබින්දා…

නුඹ ගිය පාරේ මල් පිපුණාද ආයේ
නෑ දන්නේ හිත රිදුනේම මාගේ
සුවඳට නුඹගේ හිත උතුරන්න පිරුණේ
සංසාරේ එක සුවඳයි දැණුනේ…

වැව ඉරිතලා ගියා
වැව් ඉවුරෙ තනී වුණා
අපි ආයේ හමුවෙන්නෑ මේ භවයේ…

හංගා මයෙ ආලේ…

written by Manuranga Wijesekara

මේ ගින්දර | Me Gindara by Shashika Nisansala ft. Miyuru

මේ ගින්දර ඒ කඳුමත නෑ තව නිවුනේ
මේ හිත්වල නෑ සුන්දර කවි තව ගැයුනේ
හිතේ තවත් නෑ
දුකක් දැනුන් නෑ
අපේ නමින් බැඳි ආදර කතාවෙ මුලකුරු ගැළපුන් නෑ…
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ…//

දළ රළ පෙළ මේ යාමේ
හිත බිඳ යයි මේ ආලේ
මේ ස්නේහෙන් හදවත් බිඳුනා
තරු කැටයම් ඇති අහසේ
සඳ තනියෙන් ඇයි නාවේ
රෑ අහසින් කඳුලක් නිවුනා
හිතේ තවත් නෑ
දුකක් දැනුන්නෑ
අපේ නමින් බැඳි ආදර කතාවේ මුලකුරු ගැළපුන් නෑ
සියුම් හැඟුම් ඇඳි සීමාවේ නුඹේ හිතත් නෑ
ඉතින් තවත් අපි සංසාරේ ගිහින් පලක් නෑ

මට මා නැති වුණ යාමේ
ළඟ උන්නේ ඔබ මාගේ
ඒ මතකය කාලෙන් වැසුනා
අඟ හිඟකම් පිපුණානේ
ඒ මත දුක රැදුණානේ
විශ්වාසය නුඹගෙන් මිදුණා

මේ ගින්දර…

written by Manuranga Wijesekara

මා අහසේ ලියූ දේ | Ma Ahase Liyu De by Shashika Nisansala

මා අහසේ ලියූ දේ
පෙනුනෙ නුඹට විතරමයි
මා සුළගට කියූ දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුනේ
ඒ එක හිත විතරමයි
විතරමයි
විතරමයී
විතරමයී

ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියෙන්
කදු මුදුනට ගෙන නොගියා නම්

අදත් මා හිදීවී
තවත් නුඹ පතාවී

නුඹ ගැනම හිත හිතා ඉන්නට
හිතවත් මට දේවී

මා අහසේ ලියූ දේ
පෙනුනෙ නුඹට විතරමය
මා සුළගට කියූ දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුනේ
ඒ එක හිත විතරමයි
විතරමයි
විතරමයී
විතරමයී

දඟකාර හීනේ | Dangakara Heene by Shashika Nisansala

දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ
දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

අත්වැල් බැඳන්
ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං
අත්වැල් බැඳන්
ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං
ජීවිතේ පුරාම
තුරුලේ ගයන්න
කාටත් හොරෙන්ම
රහසක් කියන්න

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

පියඹා ඔහේ
ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං
පියඹා ඔහේ
ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං
ජීවිතේ පුරාම
තුරුලේ වයන්න
කාටත් හොරෙන්ම
රහසක් කියන්න

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ
දඟකාර හීනේ
යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ
ඔබයි මවන්නේ

දෙනෙතේ සරන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ
උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං

නොපෙනෙන සේ | Nopenena Se by Shashika Nisansala

නොපෙනෙන සේ රැඳී
එක මොහොතක් හරි
ඔබ දැකගන්න ලැබුණොත් යළි

නෙතු කඳුලින් පෙඟී
ඇති හිස්තැන් මැකී
ජීවත්වෙන්න මට ඒ ඇතී
අන්සතු ඔබ තරම්
ලෙංගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා
මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා

වාව ගන්නා වාරු හොයනා
ගිලන් හදවතකට
ආස කරනා ප්‍රේමෙ පෙරදා
දුන්නෙ යලි ගන්නද

දෛවෙ ලියලා තිබෙන හින්දා
ඔබව වෙන කෙනෙකුට
නිහඬවීලා නැවත හැරිලා
යන්නෙ මං කොහොමද

shashiks nisansala song,sashika nisansala songs,shashika nisansala new song,sashika nisansala new songs,shashika nisansala,shashika nisansala song collection,shashika nisansala acoustic,shashika new song,shashika new songs,shashika live songs,shashika live sing,nisansala sadak,shashika song collection,sinhala songs,samanala wawa langa,samanala wewa langa,samanala,shashika,samanala wawa,samanala wawa laga,sinhala songs 2023,samanala wewa laga

නොදන්වා නුඹ ගියත් | Nodanwa Numba Giyath by Shashika Nisansala

නොදන්වා නුඹ ගියත්..
මේ හිතේ නෑ අහිතකුත්..
ඇතත් පිරිලා ආදරේ තව
මහමෙරක් වාගේ..
නුඹ කියා දුන්නා
මතක සුන්බුන් ඉතිරි වූ තැන
මට හිතන්නට යමක්…

කියා අවසන් නොකල වදනක්
හිතේ තාමත් ඇතත්
හැඩිවෙලා… ගිය මගේ…
හිත ළඟ ඉන්නවා….
නුඹ හෙටත්..
මව් පියන් සැනසූ හිතත්..

සැඳෑ අඳුරේ රතුවෙලා යන
ඇසේ කඳුලක අරුත්
නුඹේ හුස්මක තියන් මාවම
සොයනවා ඇති අදත්…
නුඹ හෙටත්..
ලොවම නොපෙනී ගියත්….

මල්සර හීසරින් | Malsara Heesarin by Shashika Nisansala

මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
වින්දා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් මලින්
ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට
දෙනවාද මට ආදරේ

මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ
පාලු නගරේ ඉන්න ආසයි ඉඩක් දෙනවාදෝ
දිගන්තයකින් අනන්තෙට යන පාර මැද ඉන්නම්
ඔබට ලංවී

හදේ දොරටුව ලඟට ඇවිදින් සිතද ඉල්ලන්නේ
මගේ නගරේ තවත් කෙනෙකුට ඉඩක් නෑ දෙන්නේ
වසර ගණනක් පෙරුම් පුරලා ලැබූ මන්දීරේ
මටම හිමිවූ

මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
වින්දා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් මලින්
ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට
දෙනවාද මට ආදරේ

සඳ රෑට රෑට | Sanda Raata Raat by Shashika Nisansala

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා…

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා…

සිත ආදරේ කරන්න බෑ කියා
දඟකාර සේ හිඳී එපා කියා…
සඳ තරු මිලිනව යාදෝ
යලි හිරු නැග ඒදෝ
මගෙ හද ගැහෙයි ඒ නිසා

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා…

ඔබ ජීවිතේම දෙන්න මා පතා
මට ආදරේ කරන්න ආ නිසා…
ඔබ ජීවිතේම දෙන්න මා පතා
මට ආදරේ කරන්න ආ නිසා…
ඔබ සඳ කිරණක් වේදෝ
ඝන අඳුරක් වේදෝ
මගෙ හද ගැහෙයි ඒ නිසා

සඳ රෑට රෑට සඳ විමනට තරු අරන් ගියා
ඔබ ආදරේට මටත් හොරෙන් හිත අරන් ගියා
ඔබ මේ ආවේ මා සොයා සසරේ පුරුදු ඇති නිසා
පෙර ආත්මයේ මා ඔබේ නිසා…

ආකාසයේ දුර | Akasaye Dura by Shashika Nisansala

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

නන්නාදුනන මේ රන් තාරකාවෙන්
වලා යහන රන්වන් වෙලා…
ඔබේ නුහුරු ගීයෙන් සදා සොඳුරු බැල්මෙන්
රැයේ පීදිලා යව්වනේ…

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

මං මුලා කතරේ…
කෙම් බිමක්‌ වූ මේ
දිලී නිලෙන තුරු වැල් අරා
නිදා නො ඉඳ ඉන්නම්
ලියා තබා යන්නම්
ඔබේ ජීවිතේ මා නමින්…

ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ…
ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ
මා ඉගිල එන්නම් ලගින් තුරුළු වෙන්නම්…
ඔබේ උණුසුමේ රාත්‍රියේ
ඔබේ උණුසුමේ රාත්‍රියේ…

ඔබ මා හමු වුන දා | Oba Ma Hamuwuna Da by Shashika Nisansala

ඔබ මා හමු වූණු දා දෑත් දරා
පෙර භවයක බැඳුණා මෙන් දැනුණා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා
මට ආදරෙයි කියා

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
මගෙ දෑස් දිහා….

මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබේ දෑස් දිහා….

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ – ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා – මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
මගෙ දෑස් දිහා….

මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබේ දෑස් දිහා….

සිත් මල් දෙකක් ලං වී සිතැඟී පුරා
කොඳුරා වඳන් රැදිමි සඟවා නුරා
සඳ දිය පිරී ඇසිපිය හැරී
පවසන්න ලංවෙලා
මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා…

ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබ ඇස් පිය නොහෙලා බැලුවා..
මගෙ දෑස් දිහා….

මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
මා ඇස් පිය නොහෙලා බැලුවා..
ඔබේ දෑස් දිහා….