මල්සර හීසරින් | Malsara Heesarin by Shashika Nisansala

මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
වින්දා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් මලින්
ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට
දෙනවාද මට ආදරේ

මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ
පාලු නගරේ ඉන්න ආසයි ඉඩක් දෙනවාදෝ
දිගන්තයකින් අනන්තෙට යන පාර මැද ඉන්නම්
ඔබට ලංවී

හදේ දොරටුව ලඟට ඇවිදින් සිතද ඉල්ලන්නේ
මගේ නගරේ තවත් කෙනෙකුට ඉඩක් නෑ දෙන්නේ
වසර ගණනක් පෙරුම් පුරලා ලැබූ මන්දීරේ
මටම හිමිවූ

මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
වින්දා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් මලින්
ඉල්ලන්නේ මා ඔබෙන් දෙනවාද මා හට
දෙනවාද මට ආදරේ

Leave a Reply