ලසොවින් | Lasowin by Eranga Jayawardhana & Gayani Kaushalya [2019]

ලසොවින් දැවෙමින් හඩනා
මේ සංතාප ගීතේ
සැමරුම් කදුලින් පෙගිලා
සෝ සංකාව වෑහේ

ගිනිගත් සන්තානේ
රෑ අහසේ වෙලෙනා
සංවේගේ නෑ සීමා
මිහිරාවේ

පියකරු සිහිනේ
ඉර හද වැලපේ
මියගිය මතකේ
කල තාලේ
යටි හිත යදිනා
පෙම්වත් පහසේ
හිරිපත නෙතගේ රැදුනා

දැනෙනා වියෝගේ
රෑ දිවා
සැනෙකින් නිවේවා මා නිසා
හැගුමන් දැනේවා ජීවිතේ පුරා
දැනෙනා වියෝගේ
රෑ දිවා
සැනෙකින් නිවේවා මා නිසා
හැගුමන් දැනේවා ජීවිතේ පුරා

නිරුදක කතරේ
සිහිලක් නොදැනේ
හිත ගිනි හුලගේ එතුනා
ගිය මග අදුරේ
අරුතක් නොදැනේ
හිමිනැති දිවියේ සරනා

මග යන්න සන්තාප ගීතේ
ඔබ එන්න කදුලැල් නිවා
කිමිදෙන්න රිසිසේ රසෝගේ
පිඹිදෙන්න අරුණක් වෙලා
නොගයන්න සන්තාප ගීතේ
ඔබ එන්න කදුලැල් නිවා
කිමිදෙන්න රිසිසේ රසෝගේ
පිඹිදෙන්න අරුණක් වෙලා