ආදරේට නැ සීමා | Adareta Na Seema by Sudeera Dilshan [2024]

ආදරේ හීන ගේනා
මවා රූප චායා
දෑස මානෙ ඇවිදින් ඉන්න
හීන ඇහැරවා

ඔයා දෑසින් වෙන්වීලා
කොහෙ යන්නද මන් මිදිලා
නිදි නේනා රැයම ගෙවෙනා
නුඹේ ඇස් පියන් යට සදා

අම්බරේ ඈත පාවෙලා
යන්න දේන්නෑ මගෙන් මිදිලා
වෙනස් නොවෙනා
හිතක් තිබුනා
ආදරේට නෑ සීමා //

හිතම දවනා
නුරා ගින්නේ
සියුම් දෙකුපුල්
සිඹින පහසේ
හාදු තවරා
සුසුමේ දවටා
එවන් රහසින් ප්‍රේමියේ

ඔය ඇස් ලඟ මම නිවේනා
සියුම් සයනෙක තුරුලු වෙලා
හැඟුම් දවනා දිනක් ගෙවෙනා
අපෙ කතාව යලි මැවුනා…

අම්බරේ ඈත පාවෙලා…

written by Sudeera Dilshan

lyrics,lost boy lyrics,lost boy lyric,ruth b lyrics,lost boy lyrics ruth b,lost boy ruth b lyrics,ruth b lost boy lyrics,golden hour lyrics jvke,golden hour jvke lyrics,ruth b. lost boy lyrics,jvke golden hour lyrics,lost boy lyric video,lyrics ruth b,golden hour by jvke lyrics,lyric lost boy,lyrics lost boy,viral songs,ruth b lyrics lost boy,lyrics golden hour,jvke lyrics golden hour,jvke golden hour lyric video,lyric video lost boy,music,tiktok song

තවපාරක් හමුවි | Thawaparak Hamuvi Hinahi by Sudeera Dilshan

තව පාරක් හමුවී හීනැහී
ගවුගානක් දුර යමු වෙන්වී
මග හැරුනත් මගදී
නුඹ වෙත පෙම් කරමි

හිමිකම් නැති හීනෙක ගොළුවී
ප්‍රේමයෙ මුණිවත මා කරමී
හිමිනම් හමුවේවී
නැතිනම් වෙන් වේවී

මේ ගෙවෙන විරාමේ
හිත තනිව මුළාවේ
අපි පැතුව කතාවේ
සුභ නැකත නිමා වේ

ඔය සිනහව මතකෙ තියා
තනිවෙමි මා සසර පුරා
හැම හමුවීමම කෙලවර වන්නෙ
පසුවදනක් නැවත තියා

අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහිවෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගතවෙ නවා

මේ මොසම් සුලගේ පාවී
යන්නම් නිහඩ වෙලා
ගවුගානක් ඈතින් ඈතට
ඔය ඇස් දෙසම බලා
මල් මාවත් නැති මේ ජීවිත
ගමනේ මගක එදා
හමුවී නුඹ දුන් ආදරයට
දෛවය එරෙහි වුනා

written by Udesh Aryan

ඇහෙනවද | Ahenawada Gahena Hadawatha by Sudeera Dilshan

හමන සුලඟක් කීවා
පුවත අපි වෙන්වෙනා
නුඹට නෑ තව සීමා
අපිට අපි දුර නිසා

හෙට තනි වී ආයෙම – ආ ගිය පාරෙම
ඇවිදන් යන්නම් – මන් තනියෙන්
කවුරුත් නැතිදා – සඳ එලියෙන්

ම්ම්ම්

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ…//

ලඟින් හිඳ ගෙවුන කාලයේ
නුඹෙන් මා සෙව්ව ආදරේ
මගේ නොවේද මට කියන්න
දුක නිවෙන්න හදවතේ

මා හා රැදෙන්න දුරින් මේ භවේ…

ඇහෙනවද ගැහෙන හදවත මගේ…///

written by Udesh Aryan

sudeera dilshan,sudeera dilshan new song,sudeera tik tok viral song,the voice sudeera dilshan,allan yanna beri athak sudeera dilshan,hindi song,udesh aryan,vidura vijersthna,udgoshanaya,allan yanna beri athak tik tok song,nuba ha hamuvi,aye ma thanivila,porondu wennma sansare,lofi song sinhala,manoparakta sindu,slow song sinhsla,zara zara sinhala,eka diga kathawak,manoparakata sindu,bora diya ravi jay,nethu ananya tik tok,mewwa beheth 2

පාළුව රජකරනා | Paluwa Rajakarana by Sudeera Dilshan [2021]

දෙතැනක තනිවී ගිම්හානේ
එන තුරු ඉමු අපි වස්සනේ
ඉවසා තනිකම් මංදාරේ

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

පාළුව රජකරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ

මුරකවුළු යලි හැරෙනා
දිනක අපි හමුවෙනවා

පාළුව රජකරනා
අදුරෙ ඉමු ඈතට වී මාහා

හමනා සුලගක් වී මා
එන්නම් රහසේ පාවෙලා
නුඹ මා විමසන හැමවෙලේ

ඒ ලෙස කාලය ගත වී
නුදුරේ දවසක් යලි ඒවී
හැබහින් ඔය ඇස් හමුවෙනා

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

දවසක ආයෙ අපි හමුවෙලා
තනිවෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

written by Udesh Aryan

sudeera dilshan new song,sudeera dilshan,sudeera new song,indian sad song,udesh aryan,ellila kansa gahe,tik tok song,pena than wala athi,nishan buddika,thank god,papa films,mathaka wedanawan,seeni,hamuvi semada hith,manoparakata sindu,charitha aththalage,maduwa x king lotus,hamuvi semada hithe,under the influence,dinesh gamage,pawee ahase tharuwak,oba magema heenema aa wenna,allan yanna beri athak,muna gahunu maga harunu,mumuna kiwa adare

ඒක දිග කතාවක් | Eka Diga Kathawak by Sudeera Dilshan [2022]

සතුටින් නේද කීවේ මාව හැරයන්නම් කියා
පියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා

දරාගන්න බැරිවූ ප්‍රේමේ
දෝරෙ යන්න දෙමු සංසාරේ
ඒක දිග කතාවක්
නුඹ දන්නැතී

පේනා තැන්වල ඇතී
නොදකින දේවල්
ඉක්මනින් තීරන නොදී
තේරුම්ගමූ ඒ දේවල්

ජීවිතේ සමහර තැන්වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත් හරින්න
එකම හිනෙක ආයෙම අපි
යලි මුණගැහෙන්න
තනිව යන සංසාරේ මග තව දුර නොවෙන්න

කියා දෙන්න හිතේ තිබුණ ආදරේ තරම් මගේ
ඉන්න තිබුණා නුඹටමා ගාවින්
මේ භවේ

written by Udesh Aryan

sudeera dilshan new song,sudeera dilshan,sudeera,indian sad song,sad song,new sinhala songs,piyath rajapaksha new song,piyath rajapaksha new songs,udesharyan,super star,sadani fernando,chandra payanne,sandani fernando,dhanith sri,udesh aryan,ellila kansa gahe,supun perera,tik tok song,ridma weerawardena,pena than wala athi,sanuka wickramasinghe,rajapaksha,manoparak nethu nonida,sirasa super star,seeni,manoparakata sindu,dethanaka thanivi gimhane

මතක වේදනාවන් | Mathaka Wedanawan by Sudeera Dilshan

සද නේන රෑ පුරා
මැවු හීන මාලිගා
හැබහින් වගේම තාම පේනවා

නෙතු කෙවෙනි අග තියා
දුක හංගත් සිනා
නුඹ නේන කාරනාව දන්නවා

මතක වේදනාවන්
සගවලා මියෙන්නම්
නුඹ හා ගෙවු අතීතයෙන්
මිදී
සුසුම් පා කරන්නම්
නුබට මා දැනේනම්
ඒ ලෝකයේදි මුණගැහෙයි
අපි

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ
බොහෝ තියේ

මුණගැහුන මගහැරුනු ස්නේහෙ
හැමදාම මතකේ තියෙන්නෙ
අත් හැරෙන අත්වලිනි ලෝකෙ
ප්‍රේමයේ සෘතුව ලියන්නෙ

නොපැතු ලෙසේ දරාන අයිති තනිකම්
මේ හීනයේ මං පාළුවේ ඉන්නම්

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ
බොහෝ තියේ

Written by Udesh Aryan

අල්ලන් යන්න බැරි අතක් | Allan Yanna Bari Athak by Sudeera Dilshan

පොරොන්ඩු වෙන්නම් සංසාරේ
දුකක් නම් නොදී
පරිස්සම් කරන් ඔබව මං
එක්කන් යමි

මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපටම පමණක් අයිති
නැවතුමකදි කොහේ හෝ හමුවී
විදගමු මේ ආදරේ

අපි පතනා ජීවිත
සමහර තැන් වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වන්නේ
හිමි වීමෙන් නොව අවසානේ

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

ඇහි පිල්ලම් යට
හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වූ ඒ ආදරේ රිදුම්

සිනහව පාරනා සුසුම්
දරාන ජීවිතේ ගිමන්
මේ භවේ ඉමු අපි පේන මානයෙන්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්