අඳුර අඳුර | Andura Andura by Priya Sooriyasena

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

ගන රෑ කළුවර
තනියම කුටියේ
ගතකල දිවියේ
රස තැන් සිහිවේ

කුටියේ කෙලවර
එළියක් දිස්වේ
එළිය සොඳුර මගේ
දිවියට ලංවේ

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

පෙම් එළි විහිදා
නිවා දැමූ පසු
දුන් නෙත් පීඩා
දනිමී පෙරදා

සදාකාලිකය
අඳුරේ රැජිනිය
ඔබ හැර යන්නට
නොදේවී මගෙ හිත

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ

අඳුර අඳුර මගේ
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා
තනිකර එළියේ
නොයනු මැනවි දා
තනිකර එළියේ
නොයනු මැනවි දා
තනිකර එළියේ