පියුමන්තියේ | Piyumanthiye by Raween Kanishka [2020]

මහ මෙරක් තරම් ආදරේ මගේ
තාමත් නොකීවත් හිත ඉඟි කළේ
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ

පියුමක් විලස හිනැහෙන්න පියුමන්තියේ
මට මා අමතක වෙයිද පෙම්වන්තියේ පියුමන්තියේ
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ

හීන ගොන්නක් ඔය ඇස් ගාව නවතී
මතක ගොන්නක් භවෙන් භවය යාවී
ආල හිත ගාව නවතින්න හිත මිමිණුවේ
පෙම්වත් හුරුව ඔබ මගේමයි හැඟවුයේ

හිතේ නවතින්න ආවාද ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ

මහ මෙරක් තරම් ආදරේ මගේ
තාමත් නොකීවත් හිත ඉඟි කළේ
හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේ

මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ
මුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ
තුරුල්ලේ මියැදෙන්නම් මා පියුමන්තියේ

ලා සඳ | Laa Sanda by Ridma Rangana Perera [2020]

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

සුළං රැලක හෙමි හෙමින් පාව එන
මල් පෙත්තක රැඳි නුඹේ සුවඳ පොද
අසුරු සැණින් ලද එකම ඇසිල්ලක
මගේ කොපුල් තල මතින් තියනවද

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ඔබත් මමත් එක හිතින් සිනාසුන
එකම අහස යට එකම වෙරළ කොන
පුරුදු හැඟුම් මුළු හිතින් දරාගෙන
එදා කතාවම යළිත් ලියනවද

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ලා සඳ එළියක සිහින එකින් එක
අහුලමි රෑ අඳුරේ
මටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ

ආදරියේ | Adariye by Tharuka Gunarathna [2020]

තුහින සර ඉහිරිලා
හිත අස්සේ දැවටිලා
නොදැනීම ලංවෙලා
හැඟුමන් හිත් යා වෙලා

මේ මල් තුහින යායේ
හමුවන්නම් ආයේ
දිවුරා කියූව ආදරියෙ ප්‍රේමාදරියේ මගේ
දිවුරා කියූව ආදරියෙ ආදරියේ මගේ

පෙම්වත් තුරුල තුරුල්ලේ
උණුහුම් සුසුම් කිතිකවන්නේ
ආයේම එනතුරු හිඳින්නේ
කොයිදෝ ගියේ ආදරී

මේ මල් තුහින යායේ
හමුවන්නම් ආයේ
දිවුරා කියූව ආදරියෙ ප්‍රේමාදරියේ මගේ
දිවුරා කියූව ආදරියෙ ආදරියේ මගේ

මේ අහස යටම | Me Ahasa Yatama by Raween ft. Shanika Madhumali

මේ අහස යටම
යළි හමුවන්නට
ගිවිසාගත් හැටි
ඔබ හා මම
මතකද…
මතකද…
කියන්න
ඔබ හා මම
මතකද…
කියන්න

සංසාර පුරුදු
නෙක හීන අතර
ඔය හිතට උරුම වූ
මගේ සුවඳ
දැනුනද…
දැනුනද…
කියන්න

සිඳු රළට හොරෙන්
ඔබ දැකගන්නට
මහ පොළව සොයා ආ
කිඳුරු දෙනෙත
මතකද…
මතකද…
කියන්න

ඔබ හා මම
මතකද…
කියන්න

මේ අහස යටම
යළි හමුවන්නට…..
සංසාර පුරුදු
නෙක හීන අතර…..
මගෙ අහස නුඹයි
මහ සයුර නුඹයි
සඳ තරුද නුඹයි මට නම්
පිණි හුළඟ වගෙම
මුළු හිතම නිවන
ආදරය නුඹයි මනරම්

සංසාර පුරුදු
නෙක හීන අතර
ඔය හිතට උරුම වූ
මගේ සුවඳ
දැනුනද…
දැනුනද…
කියන්න
මගෙ අහස නුඹයි
මහ සයුර නුඹයි…..

ස්නේහයේ වෙරළ | Snehaye Werala by Dulshara de Alwis [2020]

ස්නේහයේ වෙරළ සිඹ
ඇදී යන සිනිඳු රළ
ගෙනෙන සිහිලැල් සුවඳ
තරම් සිසිලක් කොහෙද

නිල්විලකි සාගරේ – මුතු දිදුලනා / සඳ වෑහෙනා
සංසාරෙ පැතුසේම – නුඹ හමුවුණා

දයිවයේ සැඩ පහර
නවතන්න බෑ අපට
අඳුරු සෙවනැලි අතර
දිනුම පැරදුම නුඹය

නිල්විලකි සාගරේ – සඳ වෑහෙනා
සංසාරෙ පැතුසේම – නුඹ හමුවුණා

තරු එළියෙ උණුහුමට
තුරුළු කරගමි ලයට / නුබ වැලඳ ගමි නැවත
නොමියෙනා ප්‍රේමයේ
කිරුළ අපටයි උරුම
අඳුරු සෙවනැලි අතර
දිනුම පැරදුම නුඹය

නිල්විලකි සාගරේ – සඳ වෑහෙනා
සංසාරෙ පැතුසේම – නුඹ හමුවුණා

සසර කින්නරාවී | Sasara Kinnaravi by Bachi Susan ft. Hirushi [2021]

සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ

ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ

දෙතැන තනිවම එකම හීනෙට
සුවඳ සොය සොය නැගු පියවර
එකම මාවත එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ

සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී

සොයා ඇවිදින් ආයෙමත්
සසර කින්නරාවී
සිත්තම් කරන්නට
කින්නර කතන්දරේ
සත් වර්ණයෙන් ආදරේ

ඉතින් මෙතැනින් නවතිමී
ම`හද කුමරාණනී
තත් රැව් නගන්නට
කින්නර කතන්දරේ
සත් ස්වරයෙන් ආදරේ

ආදරේ මල් පිපී හිනැහෙන
සෙනේ වැහි මල් කිනිති නහවන
සොඳුරු ලොවකට එකට එක්වී
දෑත බැඳ පියනගන බවයයි මේ

සසර කින්නරාවී
මහද කුමරාණෙනී
සසර කින්නරාවී