නතාශා | Nathasha by Pawan De Silva [2018]

අළුයම් කාශ්මීරයෙ
ඔබෙ අත අල්ලන්
නතශා නතශා
අපි යමු දුර

වියැකුනු සිහිනය අවදි කල
ඉන්ද්‍රජාලිකා ආදර වීනාවේ
තත්සර ගෙනා
නිම් නද දෙනා
සෙනෙහසෙ සීනුව
නතාශා නතාශා
අපි යමු දුර

ගිනියම් පොලවේ දිය පොද
නිල් අඹර පුරා ඇඳි සඳ
නෙත් සඳ වේලා
මත් නද දේනා
හදෙහී ආලය
නතශා නතශා
අපි යමු දුර

ප්‍රේම කුමරී | Prema Kumari by Pawan De Silva [2021]

දූලී සේද අතරින් පෙනෙනා මේ
මං සොයනා සොයනා ඒ සිත් රුව දෝ
සීත සේද සුළගින් දැනෙනා සේ
ඔබ මැවෙනා මැවෙනා හැටී සොදුරුයීනේ
පෙම වෑහෙනා සිත ඉතිරෙනා
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ

මල් කිනිති පින්න ඉස
මොනවදෝ කියනවා
මේ ඇස් ඔබ දෙසටම
හැරෙන බව දන්නවා

මල් කිනිති පින්න ඉස
මොනවදෝ කියනවා
ඒ ඇස් ඔබ මතටම
වැටෙන බව දන්නවා

පෙම වෑහෙනා සිත ඉතිරෙනා
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ

ආල වීදි සලුපිලි
ලුහු බදිමී
ඔබ පෙනෙන පෙනෙන තැන
නතර වෙමී
හීන ගේන මිහිරිය
නුඹ දකිමි
මං නිවෙන නිවෙන ඔය රුව විදිමී

පෙම වෑහෙනා සිත ඉතිරෙනා
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ
ඔබදෝ පෙම් කුමරී මගේ සිහිනේ