සැන්දෑ අහස වගේ | Sanda Ahasa Wage by Malani Bulathsinhala

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

හිස ගවසන්න සිතා – සමන් පිච්ච පොකුරු ගෙනා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා තරුයි කියා ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

කණ පලදින්න ගෙනා – තෝඩු දෙකින් එකක් කඩා
අහසට විසිකෙරුවා මං
රෑ කල අහස බලන ඔබට පෙනේවී
හිතන්නෙපා අඩ සඳ යැයි ඔබ රැවටේවී

සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ

written by H.M Jayawardhane / Lucian Bulathsinhala

මේ රට මගේ රට | Me Rata Mage Rata by Malani Bulathsinhala

මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

සරු පස පොළොවෙන්
වැහි බිඳු අහසෙන්
මිණි කැට මුතු ඇට
මගේ සිරිලක ඇත

මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

මගේ සිරිලක ගැන
ලොවට කියමි මම
සුර පුරයක් වෙන
ලොවේ මෙවැනි නැත

මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

එඩිතරකම ඇති
කම්මැලි කම නැති
ළමයි සිටින රට
මගේ මේ සිරි ලක

මේ රට මගේ රට
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

ඔබට මා | Obata ma by Malani Bulathsinhala

ඔබට මා

ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්…

ඔබට මා

ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්…

වළාවකින් ඔබ

වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට
නිවී ගියා සැඩ සුළඟේ…

ඔබට මා

ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්

ඉරත් මැරී

පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ
පාළු පැලේ
නිදි පැදුරේ

ඔබට මා
ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්

ඔබට මා

ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ

දුරු රට යනතුරු නොදනිම්