හිතේ උපන්නී | Hithe Upanni by Amisha Minol [2023]

රූබරියේ දිලෙනා
නිල් සඳ රැස් විහිදා
මා හා හිත් අහසේ ආවා පායාලා
මේ අත් අල්ලාලා ඉන්නම් ළඟට වෙලා
තුරුලේ දෙනුවන් පියෙනා

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනත් දී
හුරතලෙන් හාද වී ආලේ පාවී

වාරම් ගයන්නී – තාලම් වයන්නී
කෝලම් කරන්නී ඈ රුවත්තී
ළමැදේ ලගින්නී – ශෝකය නිවන්නී
සැනසුම් සදන්නී මා සිතැත්තී

හේ… ලස්සන කෙල්ලේ
ඔයා දැක්ක දා ඉනාවක් දැම්මා මල් වාගේ
ම්… ඔය රූපේ මගෙ හිත් පතුළට වැදිලා
මකන්න බෑනේ
දැන් මගෙ අතේ ගිටාරේ එන්න
මං වයන්නම් ඕන ඕන තාලේ
පන්සිළුගේ වීණාවට දෙවෙනි නෑ දැන්
මං වයන්නේ ආසම තාලේ
දැක්කම දෙනුවන් ඈ, සිත් අහසෙම පායපු සඳකි ඈ
මාගේ හිතේ ඔයා Trending 1 ඈ, කෝලම් කළ ඇස් දැක්ක
රාගෙන් මත් වුණු මගෙ හිතම දැව්වෙ ඈ.

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනත් දී
හුරතලෙන් හාද වී ආලේ පාවී //

written by Lasitha Jayaneththi Arachchige

එහෙමත් ආදරයක් Ehemath Adarayak by Amisha Minol [2022]

එපා නොවෙනා හිතක් තිබුණා හුඟක් මට දැණුන
ආස කෙරුවේ බලා ඉන්නයි නිතර ඒ මුහුණ
සෑම දෙබසේ තිබුණෙ අපගේ අනාගත පැතුම
කොහොම අද මං කියන්නද ඒ අවසාන කොටස

එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා… තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා… තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා

ඇස් දෙකේ ලියා තිබුණු පෙම් හිතේ සොඳුරු ලකුණු
ළං වෙලා බලන් හිඳපු කාලයයි හොඳම ගෙවපූ
ජීවිතේ සුන්දරයි ඔයා ළඟ
හිතින් යන්නෙ නෑ ඒ මතකේ නම්
සඳත් එක්ක නෑ අහසේ තරහක් ඔබත් ඒ වගේ හැමදාමත්

එහෙමත් ආදරයක් මට තිබුනා නේද කියා… තාමත් හිතනා
කොච්චර සතුටක් තිබුණද අපි ළඟ තුරුල් වෙලා
පතනා ලෝකය සිටිනා ලෝකෙන් වෙනස් කියා… තේරුම් යවලා
දැනෙනා ප්‍රේමය ලබනා ප්‍රේමය දෙකක් කළා