සඳේ සාවී | Sande Savi by Gihan Bandara from Iskole Teledrama

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවියේ

කෝ කොහේද සද අයිති සාවී
දුර ආකහේ හැංගුනාදෝ
තරුමන් වැටෙන් පැන ගියාදෝ

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවි

සිනා නැගුන නිල් දියේ
චමත්කාරේ වියලී ගිහින්
කොදමල්ද ලතවෙයි පෙමින්
නිල්ල නිලන කදුපෙතේ
පලා පැහැය දුරුවී ගිහින්
විහගුන්ද ගොලුවී හෙමින්
සද අයිති සාවී කොහෙදෝ ගිහින්
ගම්මානේ අදුරේ තෙමෙයි

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවි

කැලෑ මල් රුවත්තියන්
ඉබේ නැටුම් තාලේ නටින්
කල එලි උනා නම් දොලින්
මගේ අදුරු හිත පවා නුඹේ
එළිය ලංවූ සැනින්
දිලිසේවී ආලේ නමින්

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවි

කෝ කොහේද සද අයිති සාවී
දුර ආකහේ හැංගුනාදෝ
තරුමන් වැටෙන් පැන ගියාදෝ

සදපාන ඉවසයි
ගම්මානේ විමසයි
කොහෙදෝ සදේ අයිති සාවි

ඇස් අස්සෙන් සොකරි | As Assen Sokari Natawana by Nisal Sathsara

භාග හද පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

වැව පිට වැටිලාන ලියන
රිදී පාටිනා
අහසින් පැන ජෝඩු කාර
කදු‍ත් බලාන දුවන
ආල වඩන නාඩගම වෙලා
ගම්මානෙම හිත වශී කලා
හිතට කුමකට්ද මතක් වුනා
පෙරමග සුබ ලකුනු මතුවුනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

හිත යට පිපෙනා මල් මාලතී කතා
රහසින් වගේ පැණි රසකට රස හිතිලා
හිත් වෙන සබකෝලම පිරිමි කම පුරා
රන් පාරට මං වශී වෙලා
දෙව්ලොව ගම කියා තේරුනා
මන්දාකිණි මා දිහා බලා
ඇස් අස්සෙන් ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

භාග හද පායා ආපු දාට
බට ලී ගී ගයන රෑක
කඩුපුල් මල් හොරෙන් ඇහැරනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා
ඇස් අස්සෙන් සොකරි නටවනා

සිහිනයක් මැව්නා | Sihinayak Mawuna by Nuwandika Senarathne

සිහිනයක් මැව්නා
කාලයක් ගෙව්නා
දෑස් යුග තෙමුනා
ආදරේ දැනුනා

පින්නේ පිනි සුළගේ
නිල්ලේ නිල් නෙතගේ
රංචු වෙන සුසුමේ
දැනුනු පෙම් හැඟුමේ

මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේ
මා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ

යහන මත වැතිරී මවන පෙම් සිහිනේ
දැනෙන සුව ඉතිරී හැඟෙන මේ රහසේ
සෙනෙහස ලබන්නයි
හැඟුමන් විඳින්නයි
පතන්නේ මා සදා මේ මිහිතලේ

දැහැන මත ඇතිරී දැනෙන සුව යහනේ
අහස දුර විසිරී මැවන රෑ තරැසේ
සෙනෙහස ලබන්නයි
හැඟුමන් විඳින්නයි
පතන්නේ මා සදා මේ මිහිතලේ