වරාමලෙක | Waramaleka by Rakitha Welangoda ft. Samodhya Thathsarani [2020]

සරාසදක සිසිලස ගෙන ආ
කිදුරංගනී
වරාමලෙක මුවරද සොයනා
පෙම්වතානණේ
සද රේණු නෙතු අග තවරා
සැගවූ සෙනේ
කදුලු ගේන සිහිනෙක යලි මා
නොරදනු මැනේ

සදාතනික වූ සුසුම් වැල්
හදේ රන්දලා
සදානන්ද වූ පැතුම් මල්
අනේ පරවෙලා
හදේ රුවන් මාළිගාවේ
පහන් දල්වලා
ඔබේ ආදරේ මැකී යයි
සිත්තමක් වෙලා

සද නේන විල්තෙර මානේ
කොදුරා කියා
මගේ හීන මල් පෙති අදුරේ
විසිරී ගියා
පෙරදාක ඔය හිත හැරදා
මග වැරදුණා
හැමදාක රැදෙමී මතුදා
ඔබ හා සදා

පරාදවී ඔබේ පෙම් ලොවේ
හැඩූ දා එදා
මරා දැමූ නුරා පෙම් හැගුම්
සදා වියැකිලා
නුරාබරිත මුලාවෙන් වෙලී
දෙනෙත් අද වෙලා
නුඹේ ලොවට ගෙනා වේදනා
විදින්නෙමි මෙදා

සද නේන විල්තෙර මානේ
කොදුරා කියා
මගේ හීන මල් පෙති අදුරේ
විසිරී ගියා
පෙරදාක ඔය හිත හැරදා
මග වැරදුණා
හැමදාක රැදෙමී මතුදා
ඔබ හා සදා

සරාසදක සිසිලස ගෙන ආ
කිදුරංගනී
වරාමලෙක මුවරද සොයනා
පෙම්වතානණේ
සද රේණු නෙතු අග තවරා
සැගවූ සෙනේ
කදුලු ගේන සිහිනෙක යලි මා
නොරදනු මැනේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here