නුඹට දුන්නු ආලේ | Numbata Dunnu Aale by Gajindu Fonseka [2024]

නුඹට දුන්නු ආලේ ආයේ ගන්න බෑනේ
මට ඉන්න ඕනේ නුඹව පේන මානේ
මේ ප්‍රේම ගීතෙ නුඹයි බිසව මාගේ
මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ

නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම
ගංතෙර ළඟට නුඹ එනවාද
දන්නවා නුඹ නොඑනා වග
දන්නවා නුඹ නොඑනා වග

ඊයේ හවසත් හැඬුවා මම //

සනසන්නම් සිනහවකින් නුඹ
හිමි නොවුනත් ඔයා අද මට
සකුරා මල් පිපෙනා හවසක
හමුවෙමු ආයෙත් මතු භවයක

මට ඉන්න ඕනේ නුඹව පේන මානේ
අපි අපිට නෑනේ මේ ප්‍රේම ගීතේ
නුඹ එක්ක

ඊයේ හවසත් හැඬුවා මම //

written by Gajindu Fonseka

gajindu fonseka,sinhala calm songs,new sinhala songs,sinhala chill songs,gajidu,sinhala pop,manoparakata,obata dunnu aale,nowatina tharuwak,numbata dunnu aale,hitha niwara sindu

මනමාලිය වී ඈ | Manamaliya Wee Aa by Gajindu Fonseka [2020]

හඩනා විට දී
මා ලග උන්නා
ආදරයෙන් මා නැලවූවා

නෑ අමතක මට නම්
නුඹගේ සිනහා
අක්කේ මතකද අපි
පොඩිකාලේ
පියෙකු ලෙසින් මා
රැක ගත්තා
අම්මා සේ සැමදා
මා ලග උන්නා

මනමාලිය වී අද
නුඹ යනවා

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

දෙනෙතේ කදුලැලි
මා සගවමි රහසේ
හිනැහෙන්නම් නුඹගේ
අද දවසේ

වැටෙනා හැම මොහොතේ
නුඹ මා ලග උන්නේ
හැමදා නුඹ මට
හයියක් වූයේ

රහසක් මං
කියන්නම්
නුඹ හැමදා මගෙ
කුමරිය වූවා
මනමාලිය වී අද නුඹ යනවා

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

අක්කේ නුඹ විතරයි
මට උන්නේ
අක්කේ මා හැරදා නුඹ යන්නේ

දෙනෙතේ කදුලැලි
මා සගවමි රහසේ
හිනැහෙන්නම් නුඹගේ
අද දවසේ

නොවටිනා තරුවක් | Nowatina Tharuwak by Gajindu Fonseka [2019]

තාරකා පිරි ආකහේ
සදක් පායා තිබුනා
නොවටිනා තරුවක්
සදුට පෙම් බැන්දා

වැලපෙනා ස්වරයෙන්
සදුට ගී ගැයුවත්
නොඇසුනා සේ
සදුත් හිනැහෙනවා
සදුට හිරු ඇත එළිය වෙන්නට
ඉතින් කුමටද නොවටිනා තරුවක්
දනිමි ඔබ වෙන එකුගේ කියා
නොදනී තවම ආදරෙයි නේ මා
සතුටින් ඉන්න සැමදා ඔයා
මියැදෙන්නම් මා තනිවී සදා

දෛවයේ ලියවී ඇතී
අපට අප හිමි නෑ කියා
ඒ නිසා වෙන්නැති
මේතරම් වේදනා
තරුව වැලපෙයි සෑමදා
අහස කදුලින් තෙමා
අනුකම්පා නැති මෙවන් හිතකට
පෙම් කලේ ඇයි තනිව මා අද

සදුට හිරු ඇත එළිය වෙන්නට
ඉතින් කුමටද නොවටිනා තරුවක්
දනිමි ඔබ වෙන එකුගේ කියා
නොදනී තවම ආදරෙයි නේ මා
සතුටින් ඉන්න සැමදා ඔයා
මියැදෙන්නම් මා තනිවී සදා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here