යශෝරාවී | Yashoraawee by Nilupul Chamikara [2019]

‌සිනා පෑවේ
හදේ පෑරී රිදුම් දුන්
වේදනා අතරේ

ඔබේ දෑසේ
ගැලී ස්නේහේ
දුමාරේ මා වෙලීලා සේ

ඔබේ ලෝකෙන්
මිදුනා වූ ඒ
නිමේශය කල්පයක් වාගේ

තුහින අහසේ
නුරාගී නෙත් තුල තනිවී
හීන සිඹිමී මං

සරා සද පරදාවී
සිනා සේලෙන් යශෝරාවී

හදේ කොනකින්
දිස්නේ දේ
ඔබේ පෙම් ප්‍රාර්ථනා අදුරේ

හදේ කොනකින්
දිස්නේ දේ
ඔබේ පෙම් ප්‍රාර්ථනා අදුරේ

දෙතොල් පහසින්
මිදිලානම් ග්‍රීස්මයක්මයි
ප්‍රේමවර්ශාවේ

රහසේ පායාවී අහසේ
රහසේ පායාවී අහසේ
හීන දුන් තාරුකා මාගේ

තුහින අහසේ
නුරාගී නෙත් තුල තනිවී
හීන සිඹිමී මං
සරා සද පරදාවී
සිනා සේලෙන් යශෝරාවී

 

Download the Official Audio from Here!