මාවතේ | Mawathe by Vinuja Tharushka [2021

නුඹේ‍ රුව ලඟ හදවත ගැහුනද බැලුමෙන් සිත නැවතූවා
නුඹේ‍ සිතුවිලි පොදි බැඳ ඒ මත ආලය තවරා ලං වූවා

රෑ යාමේ ඇවිදා මාවතේ
මා නුඹ හා සිටියා
ඒ සිහිනයේ ප්‍රේමියේ

අතැඟිලි පටලා දෙනුවන් සොයනා මා ඔබ රඳවා
මතකය උදුරා අමතක නොව පෙම් කතා යලි නැගුනා

රෑ යාමේ ඇවිදා මාවතේ
මා නුඹ හා සිටියා
ඒ සිහිනයේ ප්‍රේමියේ

කඳුලැල් සඟවා ඈතක උන්නා මා එන බව පවසා
පැතුමක් සඟවා රහසින් කිව්වා ඈ ලං වුනා

රෑ යාමේ ඇවිදා මාවතේ
මා නුඹ හා සිටියා
ඒ සිහිනයේ ප්‍රේමියේ