ඔන්න | Onna by Indika Upamali [2020]

ඔන්න
රැය බෝවෙනවා
කැදවමින් ඔබ
මතක අරණට

කදුලු ගංවතුර
ගලා ගිය
කොපුල් මිටියාවත පුරා
මුදු සිනාමල් මෝදු වන

ඔන්න
දෑසම වැසුනා
ඉඩ දෙමින් ඝන කළුවරට
උණුහුම් සුසුම් පොදට
කැළබුණා

රණ හසුන් ඉගිලෙන්න
දගලන
විනීතයි උන් ඔබ
ලමැද විල

ඔන්න ඉකියක් බිදුනා
සියෝ ලගම
කිලිපොලා ගිය
ඉවසන්න තව
බැරිම තැන

වැරදි මතකයට
ගිනි ලෑ
අනුරාග ගිනිසිළුව
නිවමින

ඉන්න මොහොතක්
නොදොඩා
සැතපී
හංස විල මත
මේ ගැඹුරු කලුවර රාත්‍රිය

කෙලවර පිපෙන
ඉරමල
දවන්නට පෙර
සිහිනය

සුන්දර මැජික්කාරි | Sundara Magickari by Indika Upamali [2013]

සුන්දර මැජික්කාරි කොහෙදෝ
ඇදෙන්නේ නල රැළක් දිගේ
සුවඳක් බිගෝනියා යායේ
තවරලා දුවන්නේ
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා…ආ…ආ…ආ…

මිදි යායෙන් හැරී ඔබ බලනා හැටී
හෙමින් සැදු සිතින් එබී
රෙමලිනෝ ඔබගේ ආලේ හිතින්
දහසක් හදවත් මිදිලා තාමත්
රෙමලිනෝ ඔබගේ ආලේ හිතින්
දහසක් හදවත් මිදිලා තාමත්

දවසක් දා යළී ඔබ අහසට ඇදී
පුළුන් වළා රොදක් ලෙසින්
රෙමලිනෝ ඔබගේ මතකේ පාවී
කාටත් රහසේ නොපෙනී යාවී
රෙමලිනෝ ඔබගේ මතකේ පාවී
කාටත් රහසේ නොපෙනී යාවී

සුන්දර මැජික්කාරි කොහෙදෝ
ඇදෙන්නේ නල රැළක් දිගේ
සුවඳක් බිගෝනියා යායේ
තවරලා දුවන්නේ
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා
රෙමලිනෝ ඔබගේ දෑසේ පීනනා
මිනිසුන් දහසක් ගිලිලා…ආ…ආ…ආ…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

පමාවී පිපුණු මල් සුවඳයි | Pamawee Pipunu Mal Suwadai by Kasun Kalhara ft. Uresha Ravihari & Indika Upamali [2006]

පමාවී පිපුණු මල් සුවඳයි
පමාවී පිපුණු මල් සුවඳයි
පිපුනි දෙතැනක ඒ නමුත්
සුවද ලෙන්ගතුමයි
හිතට හිතැතිව
ගලා යන සුලගේ
හිතා ගන්නට බැ
කුමනට මලට ද
කුමන සුවදටදෝ
හද පියන් පත් හැර දමන්නේ

සිහින නගරේ සිගිති සද එලියේ
දොර ගලනා මතකයේ
සිනිදු පිනි අග පිපී නැලවෙන
මලකි මා මලකි මා ඔබගේ

පතන් බිම්පෙත තුරු වියන් තුරුලේ
දිය කදුරු ඉවුරේ පිනි කදුලු මත
උදා අරුණත හුදකලාවට සිනා මුසු කල
මලකි මා මලකි මා ඔබගේ

පමාවී පිපුණු මල් සුවඳයි
පිපුනි දෙතැනක ඒ නමුත්
සුවද ලෙන්ගතුමයි
ඒ මමයි ඒ මමයි ඔබට මතකයි නම්

පමාවී පිපුණු මල් සුවඳයි
පිපුනි දෙතැනක ඒ නමුත්
සුවද ලෙන්ගතුමයි
ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම්
කුමනට මලකට කුමන සුවදටදෝ
හද පියන් පත් හැර දමන්නේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here