පියාණනී මා | Piyanani Ma by Abeywardana Balasooriya

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..

ශිල්ප සතර දී සිහසුන හිඳුවා
ඔබට අහිමි ලොව මා රජ කරවා
ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
නෑ ඔබ වන් පියවරු හමුවන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..

හිත මිතුරන් මා හැර ගිය දවසේ
ලොව ම එරෙහි වී තනිවුණු මොහොතේ
ඔබේ පැලේ නැත දොරගුළුලන්නේ
ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ

පියාණනී මා නැවත උපන්නොත්
අපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා..

කල්පනා ලොව | Kalpana Lowa by Abeywardana Balasooriya

කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ…
ආදරේ… ආදරේ…

නීල අහසේ තාරකාසේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බදවා තබන්නී

කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ…
ආදරේ… ආදරේ…

මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරු මැවිලා
පාවයයි මුළු ජීවිතේ සුදු
මීදුමින් දැවටී එතීලා

කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ…
ආදරේ… ආදරේ…