රන් කෙණ්ඩියකින් | Ran Kendiyakin by Punsiri Soysa

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

කාටත් වරදින එකම වෙලාවක
නැති බැරිකම ආදරයට පැරදී
මටත් වැරදුණා මමත් පැරදුණා
තේරුම් ගන්නට බැරි හදවතකට

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

කීවත් මොන දේ හිතට දැනේවීද
සෙනෙහස නැති නම් කුමටද ලතැ වී
ඔබෙන් වියෝ වුණු සිතෙන් කියනුයේ
සියතින් ගෙල සිඳ මිය යනු බැරිකම

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

බිඳුණු කලක | Bindunu Kalaka by Punsiri Soysa

බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්
බිඳුණු කලට අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්

මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
මදහස පෑ දෑස හිත හඩවා යන්න යාවි නම්
කඳුලේ …
රිදුමෙන් …
සොයමි රස හැඟුම්
කුමට සුබ පැතුම්

බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්
බිඳෙන බඳුන් කුමකට සුරකිම් ද ආදරෙන්

වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති
වැටහෙන්නෙ නෑ වින්ද දුක රුදුරු නිමා වී නැති
ගිලිහී… ගියදෙන්…
පෙමට දුන් රිදුම්
බිඳුණු පෙම් පැතුම්

බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
බිඳුණු කලක අමතකකල නොහැකිනම් සිතින්
බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන්
බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්…

මේ බස් නැවතුම | Me Bus Nawathuma by Punsiri Soysa

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

ඉස්සර හවසට මා එනතුරු ඔබ
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ ඉඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

ප්රේමය නිමවුණ මා අද තනිවම
රියකට මෙතැනින් ගොඩ වෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනේ ඉඳගෙන යනවා

මේ බස් නැවතුම පෙර හැමදිනකම
අප හමුවුණ හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ

සුබාෂිනි ඔබ | Subashini Oba by Punsiri Soysa

සුබාෂිනි ඔබ මගේ නමට එවූ
ඇරයුම් පත ලැබුනා
මනාලියක වී සුබ නැකතින් හෙට
යනබව එහි තිබුනා
ඊයේ වෙනතුරු මට පෙම් බැන්දේ
ඔබදැයි සැක සිතුනා
ඔබේ චපලකම හදුනා ගන්නට
සිව්වසරක් ගෙවුණා

යාලු මිතුරු කැළ ඔබ ගෙන කීදෙය

ගැනා නෑ මා සිතුවේ
පාළු සිතට මගේ එළියක් ඔබගෙන්
ලැබ ගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර
නොයෙන බවයි කිවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක
ඔබමයි මට ලිවේ

සුබාෂිනි ඔබ මගේ නමට එවූ

ඇරයුම් පත ලැබුනා
මනාලියක වී සුබ නැකතින් හෙට
යනබව එහි තිබුනා

මංගල දිනයට ඇරයුම් කෙරුවත්

කෙලෙසද මා එන්නේ
පෙම්කල සිතකට වෛර කරන්නට
සිත නැ ඉඩ දෙන්නේ
සිතට වහල්වී මා හැර යන මුත්
නැ දොස් පවරන්නේ
ඔබවැනි ළදකට පෙම්කල මා ගැන
මම අද දුක්වෙන්න්නේ

සුබාෂිනි ඔබ මගේ නමට එවූ

ඇරයුම් පත ලැබුනා
මනාලියක වී සුබ නැකතින් හෙට
යනබව එහි තිබුනා
ඊයේ වෙනතුරු මට පෙම් බැන්දේ
ඔබදැයි සැක සිතුනා
ඔබේ චපලකම හදුනා ගන්නට

සිව්වසරක් ගෙවුණා