රූ වරුණා | Ru Waruna by Centigradz

කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

අහස් ගව්ව සොයා යන්න
සමනල තටු ලැබුණයි
නුඹේ අතින් හැදෙන ඇඹුල
දිගු ගමනක් යන්නයි

හීන් හිනා කවට කතා
අද විතරක් ඔට්ටුයි
කිරි වදිනා හෙට දිනයේ
අලුත් පැලක් තැනුණයි

සුළග සේ පාවී | Sulanga Se Paawee by Centigradz

සුළඟ සේ පාවී ඈ යලි යාවී
මා යලි තනි වී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී රහසින් තනි වී
කී බස් ගොළු වී අද මෙසේ
ඈ.. යලි නොඑයි… සිහිනයේ… පෙර ලෙසේ…
මා.. තනි වෙලා… නොසිතු සේ… මේ රැයේ…

මේ මාවතේ අප එදා හමුවෙලා…
ඒ කී කතා බොඳ වෙලා…
වියැකිලා…..

සුළඟ සේ පාවී ඈ යලි යාවී
මා යලි තනි වී පෙර ලෙසේ
පෙර දිනේ හමු වී රහසින් තනි වී
කී බස් ගොළු වී අද මෙසේ
ඈ.. යලි නොඑයි… සිහිනයේ… පෙර ලෙසේ…
මා.. තනි වෙලා… නොසිතු සේ… මේ රැයේ…

විසේ විසේ | Vise Vise by Centigradz [2021]

විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයා
ඇසේ ඇසේ රසේ හදේ නනන නනේනා
රැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයා
එසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා

සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා…
අගේ බඳේ තාල ලතා හීංසැරේ පාද තියා…
ඉබේ වගේ දෑස බලා හීල් පොදේ රේණු සලා…
හදේ මගේ හීත වෙලා වාං පිරේ ආල නුරා…

ඉග සුග ගතහැකිය මිටින ඇගේ
ඕයාව කරගන්නද සින්නක්කර මගේ
හන්තාන වගේ පාළුයි මගෙ හිත තාම
මකන්නට එනවද පාර
එක දෙක තිය තිය පාද
ලස්සන පිරුනු හිනාව
මංගල කිංකිණි අහෙනවා මට තාම.
එක කතාවක් නෙමේ වතාවක්
මට ඇති හොඳටම ඔය එක හිනාවක්
ගිනිගත් හදවත් ගැස්සෙන පැද්දෙන ලස්සන රෑ තුන්යාමේ
අමතක වෙන් නෑ ඔයා ඉනාවක්.

අතේ අතේ ගෙතේ ගෙතේ කියඹු දඟේයා…
එතේ එතේ රනේ රුවේ පබළු ගෙලේයා…
කෙතේ කෙතේ බැතේ කොතේ උසට ඇතේයා…
සතේ සෙතේ නැතේ සිතේ සතුට වගේයා…

මිනි මුතු | Mini Muthu by Centigradz ft. Samitha Mudunkotuwa [2021]

මල් තුහීන ගත හිරිවට්ටන
හීන් හුළගේ තුරුලිය පැද්දෙන
සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

වාසනාවන් ආදරේ
මිනිමුතු සේ පවතී නම්
ආදරෙයි මං රහසක් රකිනා සේ
මා රකිනවානම්

වාසනාවන් අපේ ආදරේ
මිනිමුතු සේ මිනිමුතු සේ පවතීනම්

හිතේ උතුරන ආදරේ
උනුසුම් ද කෙතරම්
අපිම අපිටම හිනාවෙන විට
සුන්දර ද කෙතරම්

හිම පොරෝනෙක ගුලිවී තුරුලුව
උමතුවෙන් මෙන් ඔබේ අත ගෙන
හිම පොරෝනෙක ගුලිවී තුරුලුව
උමතුවෙන් මෙන් ඔබේ අත ගෙන

සීත සවසක තුරුලට හිරවී යන්නට
එන්නද මං
ඔබේ නිල්මිණි නෙතු මත සැතපෙන්නට
ඉඩ දෙනවාම නම්

Just give me one good reason why
I shouldn’t love you
Love is so blind they say
Do you get the picture?
Gonna miss you like water in the rain
This is our story ain’t fairytale

හිතේ පතුලක ආදරේ
මිණි මතුව එයි නිතැතින්
මගේ ලග ඔබ දැවටෙනා විට
සුන්දර ද කෙතරම්

වාසනාවන්ත ජීවිතේ
මගේ වත්කම නුඹ වේ
වාසනාවන් ආදරේ
මිනිමුතු සේ පවතී නම්

මගෙ ආදරේ | Mage Adare by Centigradz

තෙන තෙන තෙන තෙනෙනා
නා තෙන තෙන තෙනෙනා
තෙන තෙන තෙන තෙනෙනා
තෙනෙනා

රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගෙ ආදරේ මදි උනාද

ඉඟ නෙරියේ රැලි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොලට හාදු දීපු
මගෙ ආදරේ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

තන තම්දෙන තාන තනා
තම්දෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

තන තම්දෙන තම්දෙනා තනා
තනෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා
තෙන තෙන තෙන තෙනෙනා
තෙන තෙන තෙන තෙනෙනා

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරේ නැති උනාම
මං ජීවත් හිඳීද

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරේ නැති උනාම
මං ජීවත් හිඳීද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එලියේ පෙම් පුරාපු
මගෙ ආදරේ මදි උනාද

තන තම්දෙන තාන තනා
තම්දෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

තන තම්දෙන තම්දෙනා තනා
තනෙනා තාන තනා
තෙන තම්දෙන තම්දෙන තනා
තම්දෙනා තාන තනා

හදාගන්න මේ හිත | Hadaganna Me Hitha by Centigradz

හදාගන්න මේ හිත මාගේ

හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලං වුයේ
කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ
හදේ ගැස්ම දෝරෙ ගලා
හමා යන්න මාරුත ගින්නේ
සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ

සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ

Try, Ah, Yeah
I loved you through my life and
You don’t wanna lose the right man
For you to leave me just like that
There are thousands of reasons
Love is so blind
They say our time is near
Never gonna sit back and get rolling
Back together forever
Centigradz is the charge,
Just remember the name
Yeah, just remember the name
Come on

මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා
සන්තාපේ මා වේලුනා
නෑ මා නම් හැඬවූයේ
සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසුවේ
ආදරයේ අරුමේද මේ

ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..
ල ලා ලා ල ලා ල ල ලා ලා..

නෑ මා නම් හැඬවූයේ
සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසූවේ ආදරයේ
අරුමේද මේ

ඔය තුරුලේ මුදු දෙතොලේ

සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
සැනසුනදා නෑ ආයේ එන්නේ
ඔය තුරුලේ මුදු දෙතොලේ
සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා
හ්ම්.. ම්.. ම්.. හ්ම්.. ම්..

රන්වන් මල්දම් | Ran Wan Mal Dam by Centigradz

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්

රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්

ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවා සිහින දකිමින්
මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්

Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5, 6 in ma studio
We don’t…

දිවුරාලා පවසන්න | Diwrala Pawasanna by Centigradz

දිවුරාලා පවසන්න මට ආදරෙයි නම්
මගෙ ලෝකේ ඔබ විතරමයි සිතෙනවා නම්
එය සත්තකයි සොඳුරේ මා මියෙන තාක්කල්
ඔබමයි මගේ සෙනෙහේ නෑ දෙන්නෙ කාටත්

හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ

සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසේ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
ඕ, නිදියන්න මගේ මැණික මට තුරුලු වීලා

හිරු මල් දෑතේ සඟවා වලා රොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගේ වේද හැමදාක සොඳුරේ

දැනුනා | Danuna by Centigradz [2021]

උන්මාදේ ප්‍රේමාදරේ
පෙම් හීන සිත්තම් කලේ
දුන්නාට සිත සාගරේ
රැදුනාද ඒ ආදරේ
ලං වෙලා ආදරෙන්
ඉන්නම් කියා මා ලගින්

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

නවුකාවක් වී හද පැදයන විට
එය වේදනාවක් වී අද
නොපෙනෙනෙ විමානයක තනිවී
එතෙර වෙයිද සංසාරෙත් භවයක
හීනයකත් අවිනිශ්චිත බව
සගවා යන්නට හිතුනද තනියම

මාරුතයක් මට්ටු කරන කොට
පොතේම පිටු පෙරලෙනවා එක දෙක
ආදරයක් පාරිශුද්දනම්
ඇයි ආදරය රිදුම් දෙන්නේ

වේදනාව ආව නාව කාරනාව
දැන් දැන දැන දුක් දුන්නේ
හිතුවා මං දහස් වතාවක්
ඒකත් සුන්දර හරස් කතාවක්
ඇතැමුන් අසනවා අපි ගැනමා
සොයනවා උත්තර මං හැමතැනම

දෑස වැසෙන තුරා
පැතුවාද ඒ ආදරේ
ඈත සංසාරයේ
සෙව්වාද ඒ ආදරේ
ලං ලං වෙලා ආදරෙන්
ඉන්නම් කියා මා ලගින්

සීත නලරැල් පවා
ඉගි පෑව ආදරේ
රෑක තනිමංසලේ
ගොලුවීද ආදරේ
ලං ලං වෙලා ආදරෙන්
ඉන්නම් කියා මා ලගින්

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

දැනුනා ඒ වේදනා ආදරේ
දැල්වුනා ඒ වේදනාවන් හදේහි
දැල්වුනා

උන්මාදේ ප්‍රේමාදරේ
පෙම් හීන සිත්තම් කලේ
දුන්නාට සිත සාගරේ
රැදුනාද ඒ ආදරේ

මං මුලාවී (ලබැදියේ) | Man Mulawee (Labandiye) by Centigradz [2015]

මං මුලාවී
සිහින අතරේ
සිතින් පියවර
මනිමි අදුරේ

නිවූ සිතුවිලි
ඔබේ හසරැලි කොහේ
මග හැරුනේ

සොයා යන්නෙමි
ඔබේ දෙනයන මගෙ
මියුලැසියේ

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

මට උරුම කල ලැබැදියේ
නුඹ මතකයන් රෑනක්
නෙතු කෙනෙලි අග කදුලු සගවා
තවත් විදවනු බෑ

ලංවෙනා සද ලබැදියේ
නුඹ දැනුනා සැනසීමක්
නොවන්නට හමුවන්න මෙලොවේ
නුඹේ වෙන්වීමත්

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ

මං මුලාවී
සිහින අතරේ
සිතින් පියවර
මනිමි අදුරේ

නිවූ සිතුවිලි
ඔබේ හසරැලි කොහේ
මග හැරුනේ

සොයා යන්නෙමි
ඔබේ දෙනයන මගෙ
මියුලැසියේ

ලබැදියේ
ලබැදියේ
ලබැදියේ
ලබැදියේ