ඔබට නොහැක | Obata Nohaka by Centigradz

ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත….



අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
ඒ අත් භවයෙත් මේ වාගේම අපි
හමුවී වෙන්වී යන්න ඇති…..

හමුවී වෙන්වෙමූ සසර පුරැද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරැ මුණිය පෙම් යුවල නොවේ අප
හිනැහෙමු කඳුලැලි සඟවා හිත යට…..

ඔබට නොහැක මගේ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත….

කොටුව | Kotuwa by Centigradz [2011]

මදහස පානා බසයේ රියදුරු මහතා
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා
රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා
දෙල්කඳ නංගා මගදී බසයට නැංගා

කොටුව කොටුව කොටුව පිටකොටුව
138 මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බෑ එක යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30

I Took A Look Around There
She Was Back Second Row
At The Same Time I Heard
That Time On Radio
Oooh She Took Her Time To Move
On From The Front To The Back
She Got A Fake Smile On

I Took A Pause To Check Her Inner Section
Look Like Miss Daisy Of Victoria’S Collection
Selection First Class Reflection
Lookin So Fine Like A Blueberry Projection
Time Is Right Let The Journey Begin
8.30 On The Dial
Baby Like In A Scene Of
A Movie So Tight With That Ashely Green
Pick It Up Double It Up And Let The Story Begin

රිය සක පරදන සොඳ පුළුලුකුල
මහ මග වැනිය කළු කෙස් වැටිය
බඳ නන්දනිය නම රංජිනිය
සැම මන කළඹන ඇගෙ රූ සිරිය

කොටුව කොටුව කොටුව පිටකොටුව
138 මම හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30

මදහස පානා බසයේ රියදුරු මහතා
කොන්දොස්තර මාමා පාරේ හඬ පානා
රෑනේ එන සේනා අතරින් හිමිහිට රිංගා
දෙල්කඳ නංගා මගදී බසයට නැංගා

කොටුව කොටුව කොටුව පිටකොටුව
138 මං හිටිය
අඩිය අඩිය අඩිය තියන්නට
බැහැ එකේ යුද්දෙට පොරපිටිය (පොරපිටිය)
තැලිලා තැලිලා පොඩි වෙලා
තෙරපිලා කැරකිලා යන මේ ride එක
විදලා විදලා පිඹලා ගියත්
ඉස්කොලෙට යනකොට 08.30

කොටුව කොටුව කොටුව කොටුව කොටුව
ඔටුවා.! කවුද ඔටුවා මමද ඔටුවා?
ඔටුවා #### උඹෙ ඔටුවා
ඉස්සරහ හෝල්ට් බහිනවා

නළියන ඇස් | Naliyana As by Centigradz [2019]

ඔය නළියන ඇස් ලග
ආදරේ තැවරිලා තියෙනවා
නවතින්න ඉඩක් දෙනවද
මට
ජීවිතේ පුරා

ඔය නළියන ඇස් ලග
ආදරේ තැවරිලා තියෙනවා
නවතින්න ඉඩක් දෙනවද
මට
ජීවිතේ පුරා

ඇස් රිදෙනවා
හිත දැවෙනවා
හද හොයනවා
ඇස්දෙක ඔබේ
මා නිවෙනවා
මා නිවෙනවා
ඔබෙ ආදරෙන්
ඔබෙ ආදරෙන්

ඔය නළියන ඇස් ලග
ආදරේ තැවරිලා තියෙනවා
නවතින්න ඉඩක් දෙනවද
මට
ජීවිතේ පුරා

හිත කියනවා
ඔය ඇස් මගේ
ලගටම වෙලා
ඉන්නට ඔබේ
දෙනවද අනේ
ඔය ආදරේ
මා නිවෙනවා
මා නිවෙනවා
ඔබෙ ආදරෙන්

ඔය නළියන ඇස් ලග
ආදරේ තැවරිලා තියෙනවා
නවතින්න ඉඩක් දෙනවද
මට
ජීවිතේ පුරා

භවතුරේ | Bawathure by Ishan Lantra ft. Centigradz [2020]

නිලූ නෙතු…
මගේ හදේ…
රෑ පුරා…
මැකී නොයේ…
තැනු සිහිනේ…
බිදී වැටුණේ…
නෑ ආයේ ඈ….
වියැකි ගියා ජීවිතේ…

ඒ මතකේ හිත පාරා…
රිදුම් දේ…
හදේ…

ඒ මතකේ හිත පාරා…
රිදුම් දේ…
හදේ..

සෝ සංකා…
මා හංගා හිනැහුණේ…

නිලූ නෙතු…
මගේ හදේ…
රෑ පුරා…
මැකී නොයේ…
තැනු සිහිනේ…
බිදී වැටුණේ…
නෑ ආයේ ඈ….
වියැකි ගියා ජීවිතේ…

සෑ ප්‍රේමේ ගිනි දල්වා…
අලු වී යාවී සෙනේ…
සෑ ප්‍රේමේ ගිනි දල්වා…
අලු වී යාවී සෙනේ…
රෑ මෝහා…
දේ පීඩා…
භවතුරේ…

උපන් දිනය අද ඔබගේ (The Birthday Song) | Upan Dinaya Ada Obage (The Birthday Song) by Centigradz [2017]

උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැදුනු දහසක් දේ
පවසමි මේ ගීයෙන් රහසේ
උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ
රැදි මල් පොකුරයි මේ මාගේ

Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday to you

හිතේ ඇදි ඇති මගේ ආදරියේ
සෙනෙහයෙන් මා උමතු කලා
දහස් පැතුම් මා හදේ දරාගෙන
ඔබේ ආදරේ අයැදිනවා

උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැදුනු දහසක් දේ
පවසමි මේ ගීයෙන් රහසේ
උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ
රැදි මල් පොකුරයි මේ මාගේ

හදේ පැතුම් පොදි උහුලන්නට
බැරි තරමට මා සිත සසල වෙලා
ඉතින් ඇවිත් සිත අරන් යන්න මාගේ
හුස්ම පොදත් හිමි ඔබට නිසා

උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හිතේ රැදුනු දහසක් දේ
පවසමි මේ ගීයෙන් රහසේ
උපන් දිනය අද ඔබගේ
සුබ පැතුම් ගෙනෙමි මා සුහදේ
හදේ නැගෙන ආදරයේ
රැදි මල් පොකුරයි මේ මාගේ

සිත සැලුනා | Sitha Saluna by Centigradz

ඇය හද ගැස්මේ සඟවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුලු කරන්
ඔහු යනවා ඈ සොයලා

ඇය හද ගැස්මේ සඟවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුලු කරන්
ඔහු යනවා ඈ සොයලා

නුඹ වේ මා හිමි කාරියේ
නුඹ වේ මා පැතු ලෝකයේ
නුඹ වේ මා දුටු සිහිනයේ
නුඹ වේ මගෙ මුලු ජීවිතේ

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා
සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා

ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න
පැහැදුල් නුවන් සඟලේ මට ඉන්න ඉඩ දෙන්න
සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න
කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා
සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා