හන්තානෙ මල් | Hanthane Mal by Mahiru Senarathne x Akesh J

සඳ නාව දිනයක් පාසා ඉකි බිඳින කවියක් රෑ
බොඳ පාට බිඳුවක් සීමා යයි සේදි පදවැල් පෑ

මාරුතේ හැමුවොතින්
හන්තාන මල් වී දුකින්
පෙති ගිලිහිලා යන සැනින්
හිත් පරවෙලා යයි හෙමින්

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආ‍යෙත් තවත් නොඑනා

සෙව්ව රූප රෑ සඳගනාව කෝ පෑ
අන්ත ස්වරය ඈ කී කතාව තව නෑ

ආලාප වාද නොඇසී ඉන්න දෙන්න කාලයක්
පසුගාමි නොකර ආලෙ නැද්ද හීනෙකට ඉඩක්

හන්තානෙ මල් නුඹෙ හිත වාගේම යල්
පැනයන ආලේම මං දුටුවා
තුන්යාමෙ කල් අරගෙන පාවී දුරක්
ආ‍යෙත් තවත් නොඑනා

written by Mahiru Senarathne

රහසේ මා | Rahase Ma by Dhyan Hewage ft. Mahiru Senarathne

සද නොපෙනෙන හැම රැය නුබේ
ළැම සුවමැද මම තනිවුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සද හැරගියේ

ආදරේ මා සොයනා…
චාරුවේ ඈ නිවෙනා…
දෑසමානේ පේනදේ ….නොවේ… මා
තාලයේ ඈ විදිනා….
මීමතේ මා පොවනා…
හීනයායේ නුබ තියා මිදුනා….මා

මා යාවෙනා……දෙතොල හා
තබා ලූ රටා…රහසෙ මා

සද නොපෙනෙන හැමරැය නුබේ
ළැම සුවමැද මම තනිවුයේ
මධු අයදින නුබ තනි මගේ
මම කිම මගේ සද හැරගියේ

written by Buddhi Sandeepa

dhyan hewage,dhyan hewage songs,sinhala new songs,me hitha na palu,sinhala edm,rashan,rashan balasooriya,hanthaney,sri lanka,new sinhala songs,sri lankan hip hop,sinhala songs 2022,sinhala pop,pem sithuwam,samith gomes,sl new music,sinhala sindu,yuki navaratne,kisha creations,sri lankan music,new music friday,mrec entertainment,trending,westnahria,drill team,lost stories,kshmir

ආලෙන් බැඳී | Alen Bandi by Mahiru Senarathne [2021]

හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං..
ආදරෙන් එහා පෙනිච්ච චන්ඩ මාරයක්..
ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්..
තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්..

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..

වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ මෙමං..
මුසා බස් ගොතා කියන්න කාරනා නැතත්..
හීන මානයෙන් මිදෙන්න ඕනි නෑ තවත්..
ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්..

ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..

Charitha Attalage Medley by Mahiru Senarathne [2019]

සදවතියේ
ඔබ මගේමයැයි කියාලා
රාධාවණී මා ඉන්නම්
නිල් වරල පුරා
ගලන ගගක් රල වාගේ

සදාකාලේ මා
හදේ වීනා
අහස බලා උන්නා
අහස බලා උන්නා

මගේ හීනේ මා
සොයා ආවා පැතූ සේ එදා
ඇය මගේ සදවතිය

කුවේණියේ මා
කුවේණියේ මම
තම්මැන්නා එනවා
හීන මකා හංගාලා
මං ආවා

හෙට නාඩගමේ මං රජාට අදිනවා
අජාසත්තෙන් නාමෙන්
ස්ෘංගාර්‍යේ මගේ
හද විල්තීරයේ

නීල නුවන් සරසන්නම්
රාධාවනී මා ඉන්නම්
නීල සරින් රදවන්නම්
රාධාවනී මා ඉන්නම්

හීන මකා හංගාලා
ගලන ගගක වාගේ

පාට දේදුන්නේ | Paata Dedunne by Mahiru ft. Dhyan Hewage & Didula

පාට දේදුන්නේ
රැදි පාට ඕවිල්ලේ
හීන සාගරේ සිනා රැදේ
රේනු මෙන් පාවේ
සුලගේ වරින් වරේ
රොන් සොයා ඇදෙයි බිඟුන් වටේ
ආදරේ සැප සාදරෙන්
සැම ලෝකයේ දකිනා
ජීවිතේ මුල පෑදෙනා
මල් පාට සේදී යෙනා

පේන මල්පාරේ
ඇති රෝස කටු පදුරේ
රොන් තිබෙයි නමුත්
විසයි ලොවේ
මල් සිනා යායේ
නොම දෙන් වරින් වරේ
ස්නේහ ආලයෙන්
හිදින් ලෝවේ

ආදරේ සැප සාදරෙන්
සැම ලෝකයේ දකිනා
ජීවිතේ මුල පෑදෙනා මල්
පාට සේදී යෙනා

ආදරේ සැප සාදරෙන්
සැම ලෝකයේ දකිනා
ජීවිතේ මුල පෑදෙනා මල්
පාට සේදී යෙනා

මේඝ වර්ෂාවේ | Megha Warshawe by Mahiru Senarathne [2020]

මීදුම් පාර මැදින්
අත් අල්ලන් කුඩේ යටින්
වැහි බිඳු වැටෙන සැනින්
හිරි ගැහුනා තුරුළු වෙමින්

වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ

වැහි සලුවෙන් ඇගෙ
පින්බර මුහුණ තෙමා
කෝල මුවින් ලීලාවක ඇය සරසා

වැහි සලුවෙන් ඇගෙ
පින්බර මුහුණ තෙමා
කෝල මුවින් ලීලාවක ඇය සරසා
කලඑළි රූ මවා කුළුඳුල් ගායනා
උණුහුම් දී හොවා පිනි
බිඳුවක නුඹ සතපා



වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ

මා රම්බරිය මා | Ma Rambariya Ma by Mahiru Senarathne [2020]

වීනාවී
මා සීතාවී
දරා ගන්න මුවගින් ආදරේ මා

හිත් දෑලේ
දරා ගන්න ඈගේ
මාලා මල් පුංචි ගොතලා ඈ නිසා

නීල නෙතු අගනා රූබරිය මා
නීල වරලස ඔබනා
මා රම්බරිය මා

මැදියම රැයක ප්රේමනීය රැඟුමන්
එක්ටැම් මාලිග පවුරු අතරින්
ඇසුනා පෙම් කවන්
කෝල මන බඳිනා රූබරිය මා
ප්රේම හීනෙක සොයනා
මා රම්බරිය මා

නීල නෙතු අගනා රූබරිය මා
නීල වරලස ඔබනා
මා රම්බරිය මා

රූපිකාවී | Roopikawi by Mahiru Senarathne [2020]

රූපිකාවී…ඈගේ වරලේ…
ශෝභනාවී….මා…ආදරී…..
රූපිකාවී…

ඈගේ සෙනේ…
නීල යහනේ නුඹේ…
මා සැතපූ වෙලේ…
මල් යහනේ නුඹේ…

ඒ සොඳුරු සිහිනයේ…
සිටු කුමරිය මගේ…
හැම භවයෙන් භවේ…
ලඟ හිඳිනා මැනේ…
සීතාව සේ මා..ලංවී හිඳින්….
සංසාරයේ මා හා…..

මුවඟින් නුඹේ…නැගෙන සිනහව ඔහේ..
මගෙ ආඩම්බරේ..
අමතක උනා සඳේ…මියෙන කල් තුරු ලොවේ..
නුඹය මගෙ ජීවිතේ…
අගය වඩනා ලෙසේ…හිමු සැමදා මෙසේ..
අඳුරු අකාසේ…සඳ සාවි සේ..
හිඳිනා මැනේ..මා හා….

රූපිකාවී…ඈගේ වරලේ…
ශෝභනාවී….මා…ආදරී…..
රූපිකාවී…