නීල ආකාසේ | Neela Akase by Meena Prasadini ft. Roony from Dharmayuddhaya Movie [2017]

මේ නීල ආකාසයේ
රන් වලා කැරලි අතරේ
රෑ දහවලේ පියඹා
කූඩු වි ඉදිමු සැමදා

ගී නිම්න නැතේ වී
ස්නේහේ සුසර වැයිලා

සුන්දරයි ලොවම සුන්දරයි
මේ මියුරු දකිමු උදයේ
හමු වී වැස්සේ ඉන්නේ හිනැහී
මේ ජීවන කැදැල්ලේ
වහගුන් වෙමුය මිහිරේ

පාට පාට දේදුනු නැගී
නංවන්න ලෝ සිව් දිසා
සූ සද කලාවන් සදා
මේ ජීවන කැදැල්ලේ
විහගුන් වෙමුය මිහිරේ
වහගුන් වෙමුය මිහිරේ

කල්ප කාලයක් | Kalpa Kaalayak(Remake) by Sanka Dineth ft. Meena

කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ
මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා

මතකයිද අද වාගේ | Mathakaida Ada Wage by Meena Prasadini [2017]

මතකයිද අද වාගේ
දින ගැන්න ඒ කාලේ
ලංවෙන්න පෙරමග බලා

ඒ මැව්ව හැම හීන
ගනේම ඉටු වීලා
අපෙ ආදරේ ජය ලබා

මගෙ දිවියේ
මට ලැබුනූ
වටිනාම තිලිණේ ඔයා
මගෙ දිවියේ
මට ලැබුනූ
වටිනාම තිලිණේ ඔයා

ඒ බව දැනුනා දැනුනා
මගෙ ලෝකෙ
ඔබ කියලා

ඇහිරූ
සිතිවිලි මාගේ
එකිනෙක අමුනා
ගෙත්තම් කලා

ඔය රූ
දසුනකි මාගේ
හදවත පතුලේ
සිත්තම් කලා

අද ඔය දෑස
මාගේ වෙලා
දිවිය පුරා
දිවිය පුරා
දිවිය පුරා

මතකයිද අද වාගේ
දින ගැන්න ඒ කාලේ
ලංවෙන්න පෙරමග බලා

ඒ මැව්ව හැම හීන
ගනේම ඉටු වීලා
අපෙ ආදරේ ජය ලබා

මගෙ දිවියේ
මට ලැබුනූ
වටිනාම තිලිණේ ඔයා
මගෙ දිවියේ
මට ලැබුනූ
වටිනාම තිලිණේ ඔයා

Download the Official Audio from here

දෙනුවන් Denuwan by Peshala Manoj ft. Meena Prasadini & Iraj [2011]

රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

යුග ගී රැදි සුලගක් ලෙසින්..
සවනේ ඔබේ රැව් දෙන්නේමී…

දෙනුවන් පුරා..
ඔබ විදගන්නෙමී….
හදවතින්ම මා..
පිළිගත් ළබැදී…
සිහිනෙන් පවා..
ඔබ අමතන්නෙමී…
ජීවිතේදී මා..
පැතු සුපෙම්වතී….

( ඔයා..ඔයා කැමතිද හැමදාමත් මගේ වෙලා ඉන්න…)

රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…
රහසින්… සැදි පෙම් සිතිවිලී…
ළමැදේ ඔබේ…අතුරන්නෙමී…

දෙකොපුල් පුරා…
තොල් විහිදන්නෙමී…

(රිද්දන්න හැදුවට.. තවත් රිදෙන්නෑ මට.. මට විශ්වාසයි.. මීට කලින් අපි.. හමිබවෙලා තියෙන්නෙ.. සංසාරෙ පුරුද්දට වෙන්න ඇති.. මම ඔයාට ආදරෙයි..)

පෙම් තෙපුල් පුදා
තෙරපන විටදී…
රහසින් පවා
ඔබ අමතන්නෙමී…
ආදරයේදී මා
ඔබ හට පරදිමී…

ජීවිතේ සුවදැති…
ආදරේ උල්පතී…
වටලේ සුවද ගෑවී ඔබේ…
තුරිලේ පහස වැඩිවෙයි මගේ…

දෙනුවන් පුරා..
ඔබ විදගන්නෙමී….
හදවතින්ම මා..
පිළිගත් ළබැදී…
සිහිනෙන් පවා..
ඔබ අමතන්නෙමී…
ජීවිතේදී මා..
පැතු සුපෙම්වතී….