කොලොම් තොටින් | Kolomthotin by Pradeepa Dharmadasa

කොලොම් තොටින් නැව්
නැග්ගා අපේ රටේ මනුස්සකම…
කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට…
කොලොම් තොටින් නැව්
නැග්ගා අපේ රටේ මනුස්සකම…
කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට…

බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරුඹුහුටි කමට.
නැවෙන් ඇවිත් කොළොම්තොටට
ගොඩ බැස්සා අපූරුවට
අපෙ ඇත්තෝ බෝනික්කන් මිළදීගෙන කාසි වලට…
කිරි දරු පැටවුන්ගෙන්
නැව් පුරවන්නේ ඒ වෙනුවට…

කොලොම් තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම..
කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට…

මව් තුරුලේ පිපෙන මලට
ලංසු තියෙන නොමිනුසුන්ය…
දුප්පතුනගෙ මල් නෙළමින්
ඉසුරු සොයන බැතිමතුන්ය…
කිරි දරුවන් විතරක් නොව
මාරුවෙලා කාසි වලට…
කොළොම් තොටින් නැව්
නැග්ගේ අපේ රටෙ මනුස්සකම…

කොලොම් තොටින් නැව්
නැග්ගා අපේ රටේ මනුස්සකම…
කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට…
කොලොම් තොටින් නැව්
නැග්ගා අපේ රටේ මනුස්සකම…
කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට…

සොයා දියව් මට | Soya Diyaw Mata Saranak by Pradeepa Dharmadasa

සොයා දියව් මට සරණක්
මා අතගන්නට – පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී – උතුරේ දී
මරා දැමූයේ
තෙපි නොවේද පව්කාරයිනේ

නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි
නීල වරල මතුවන නර කෙස් ගනිමි..
බාල සුවඳ ආලේපන ගෙන උලමි
දෙතන එරෙන කිරි – දොවා ඉවතලමි
දෙතන එරෙන කිරි – දොවා ඉවතලමි
තෙපිටයි ඒ ශාපේ – පව්කාරයිනේ..

සොයා දියව් මට සරණක්
මා අතගන්නට – පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී – උතුරේ දී
මරා දැමූයේ
තෙපි නොවේද පව්කාරයිනේ

මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ
මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ
හදෙහි නැගෙන ගිණි – කඳුලින් ඉවසමි
හදෙහි නැගෙන ගිණි – කඳුලින් ඉවසමි
තෙපිටයි ඒ පාපේ – පව්කාරයිනේ..

සොයා දියව් මට සරණක්
මා අතගන්නට – පෙරුම් පිරූ යෞවනයන්
දකුණේ දී – උතුරේ දී
මරා දැමූයේ
තෙපි නොවේද පව්කාරයිනේ