පෑව මල් සිනා | Pawa Mal Sina by Nilantha Rajendra [2013]

පෑව මල් සිනා ඔබ මට මා වශී උනා
ඔබ හට තාම මා සිතේ රැඳී තියේ
වේදනා ගෙනේ හදවත දරාගන්න බැරි තරමට
කාරනා පැතුම් අතීතයේ

නිලන වැසි සමේ ඉකිබිඳ
හඬන හිත මගේ
නුඹ ගැන හීනය
හිත යටම නිදිවරයි
හිතට හිත නැතත් නෙත ළඟ
තවම මැවි මැවී නොපෙනෙන
ජීවිතයට සැනසුම නුඹමයි

සුවඳ මල් නෙලා සැරසුව
පාට හැඩ තියා ගැලපුව
මගේ නොවන හිත නුඹේ ළඟයි
කඳුලු තව තියේ සීතල
හඬනවාම නම් දෙනුවන
මගේ නෙතට හදවත කොඳුරයි

පෑව මල් සිනා ඔබ මට මා වශී උනා
ඔබ හට තාම මා සිතේ රැඳී තියේ
වේදනා ගෙනේ හදවත දරාගන්න බැරි තරමට
කාරනා පැතුම් අතීතයේ
කාරනා පැතුම් අතීතයේ
කාරනා පැතුම් අතීතයේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here