නුරාවී | Nurawee by Sandeep Jayalath

රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

කොපුලේ පුරා සිතු සේ සරා
කෙහෙරැල්ල සුළැඟිල්ලේ
සෙල්ලම් කලා
ළමැදේ පවා සුවසේ නිදා
නළරැල්ල ඔච්චම් කලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

රූ තෝරනා නෙතේ ඈදිලා
උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා
නොකී ආදරේ පීදිලා
මන්දාර සුවඳේ හමා ආ
සංසාර සිහිනේ ඔයා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා
ඉබේ හැරිලා

නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා
ඉබේ හැරිලා

written by Tharinda Kasun Jayawardana

හාදුවක් | Haduwak by Sandeep Jayalath

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ
බාර ගන්නට ආසනම් නින්දේ

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ
බාර ගන්නට ආසනම් නින්දේ

භාවනාවක් සේම නරබන්
ඔබගේ දෙනුවන් කෙරේ
ඉන්න හැකි නම් වාසනාවක්
දිවිය ඇති කල් මගේ

තුරුල්ලේ ගුලිවෙලා
නිදන විට මුහුනේ
අනන්තේ නැවතුනා
ඔබට ඇති ආදරේ

කල්ප ගානක්
දෑත පටලන්
පැමිණි සංචාරයේ
නුබගේ හුරතල් වදන යහමින්
නිබද සැනසුම් ගෙනේ

තුරුල්ලේ ගුලිවෙලා
නිදන විට මුහුනේ
අනන්තේ නැවතුනා
ඔබට ඇති ආදරේ

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ
බාර ගන්නට ආසනම් නින්දේ

හාදුවක් මම පා කරන්නද
සීත රෑ පින්නේ
ආදරෙන් නුඹ
බාර ගන්නට ආසනම් නින්දේ

සඳ කෙමි | Sanda Kemi by Sandeep Jayalath [2021]

සද කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

තරුමල් කඩා
ගගනේ විමනක් තනා
සැතපෙන්න යහනක් මවා

පවනක් මතින් යමින්
වියනක් එලා
ලද ජීවිතේ පල නෙලා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

සද කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

මතක තියාගන්න | Mathaka Thiyaganna by Sandeep Jayalath [2021]

ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්න
දැන් සතුටින් යන්න
හුස්ම කෑ ගසයි හදේ නවතින්න
කාටත් නොපෙනෙන්න
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

ඔය මුවේ සිනහවයි
හදවතින් හැමදා පැතුවේම
තරහ නෑ මගෙ නෙතින්
කඳුලු ගත්තට හැම මොහොතේම
මතක තියාගන්න
මම නැති දිනක හිනාවෙන්න
මින් මතු ඉපදෙන්න
මගෙ විතරක් වෙන්න

සත්තමයි මැරුණත් මගෙ පපුව
තුල තිබූ ප්‍රේමය ඔබ සතුව
තියේවි නොවෙනස්ව
ලෝකයක් නෑ මට ඔබ නැතුව

එක දවසක අපි | Eka Dawasaka Api by Sandeep Jayalath & Kalpana Kavindi [2018]

එක දවසක අපි නූපූරුදූ සුවඳක
හිත හෙමිහිට බැඳුනා

අප හමුවුණු හිනැහුණු මතකය
සසර පුරුදු හැගුනා
ජන්මෙන් ජන්මේ
ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

තුන් හිතක සීතලේ ගුලි වුනු
පෙම් කවක් තියෙනවා කියන්න
දිව්රන්න ආදරේ නාමෙන්
මා හැරදා නොයන බව
ඔබේ සූවඳ දැනුණා
හද මගේ නිවුණා
ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

මේ ලොවම සැහැසි වූ අඩ සඳ
මා හදෙන් වෙන්වී නොයන්න
ආදරේ සනාථ පැතුමන්
මතු භවෙත් හදේ රැඳෙන්න
ඔබේ සුවඳ දැනුණා
හද මගේ නිවුනා

ජන්මෙන් ජන්මේ ඔබට හද පිදුවා
මේ භවයෙදි හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ

උන්මාද රූමතී | Unmaada Roomathi by Sandeep Jayalath [2020]

ගමන මන ලෝලී
නුඹද සුර නාරී
අනඟ දුනු හී දෙන්නා

බඹර සර නෑසූ
තඹර මල මේ දෝ
කුමර සිත පීදෙන්නා

සඳසේ කැල්මැති – දිලිසේ තොල්පෙති
දැහැනේ බින්ද පා සළඹ මිදුනේ කොහේ
ළමැදේ නිම්නෙහී – සැතපේ නෙත් රැඳී
රහසේ එන්න රෑ තරු ද නින්දේ හිඳී

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

දිගටි අතැඟිල්ලේ
සිලිටි සියුමැල්ලේ
නියද පැහැ නා දල්ලේ

නිතඹ නැළවිල්ලේ
හිතම කැළඹිල්ලේ
සුරඹ නුඹ සැනසිල්ලේ

සළුවේ මල් පිපී – සුවඳේ නිම් නැති
ශ්වේත සයුරේ ද දෝවන්නෙ ඔය පා පොඩි

සුළඟේ සිල් බිඳී – වරලේ රැල් සිඹී
හංස රැඟුමේ සියුම් තාල විඳිනා වෙලී

සිත්තරී සේද හීනේ අාදරේ පාටදෝ ගෑවුනේ
මත් කෙරූ රූප නාරී මේ සුවේ නෑ රැඳී මීවිතේ

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

හිමන්තරා | Himanthara by Sandeep Jayalath & Reeni De Silva ft. Raj Thillaiyampalam & Kapilan Kugavel [2020]

සිඹිනා හැම සුසුමේ
ඔබ හැංගී ඉන්නවා
ගැඹුරේ මගෙ පපුවේ
ඔබ හුස්මත් ගන්නවා
මතුදා සංසාරේ
හැමදා ඔබ මාගේ
වෙන්වී නොයා
ලංවී සදා
ඉන්නම් කියා දිවුරමී

මගෙමයි ඔබගේ ආදරේ
පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා

ඔබමයි මාගේ ආදරේ
හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා

උකුලෙම ඉන්න ආසයි
ලඟ නැතිවාම ලෝභයි
උහුලනු කොහොමද ඔබ නැති ජීවිතේ
මේ නෙතු පෑරුවේ
ඇයි හඬවා ගියේ

කඳුලක රස්නේ රිදවයි
මතකය ඈත දිවයයි
හුස්මට දියවුණු කවියකි ආදරේ
මේ හිත පාළුවේ
නෑ ඉහලුම් නොදේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හුස්ම ඔයා | Husma Oya by Sandeep Jayalath [2019]

මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ
මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ…
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ළඟින්…

ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
මගෙ හුස්ම නුඹයි-මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයි..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..

හෝ..හෝ..ආදරයට හුස්මන් තැවරූ ඔබමයි මාගේ
ජීවිතයට හුස්මත් ගෙන ආවේ සංසාරේ
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔබ කොයි කාලේ කාටවත්
බෑ දෙන්නට මොහොතකටවත්
ඔය අල්ලාගත් අත පපුවට තියාන
ඉන්නම් ඔයා ළඟින්…

ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
මගෙ හුස්ම නුඹයි-මගෙ සිනහ නුඹයි
මගෙ ජීවිතයම නුඹමයි..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා..

ඇතාගේ විලාපය | Athage Vilapaya by Manakkalpitha ft. Sandeep Jayalath [2017]

ගජිධානෝ තේජ ලීලා.
හෙඞළ දීපා සරසවනා.
දෙවිදානේ ප්රාණේ පාගා දළ ඕනා මනුරකුසා.

වෙඩි පාලා, බිම බාවා නැතුවා කරුණා…
ඇතුනේ මා. නුබ ගාවා. මැරුනේ මිනිසා.

Manakkalpitha මනඃකල්පිත
මිනිස් වර්ගයට ඇති චතිකුල මල නැත මට ඒවා මම අයිති ඇත් කුලයට
පාදය ඇස බිලිවුනා උණ්ඩයකට එනමුදු කරදර නෑ උබලා හට
උබලට ඕන වුනේ මගේ ගජමුතු අමුතු විදිහෙ මරණයක් මට හිමි
වුනු අවසන් ගමන් යමි වෛර නොකරමි මතු මතු ජාති ලක් දෙරණ නොපතමි.
පුංචි කාලේ මම හරි ආඩම්බරෙන් හිටියෙ මගේ දළ දෙක මුව දරන් කපන් යන බව

දන්නවා නං මම පතන් නෑ දළ රත්තරන් හරිහැටියට නොපෙනුනත් ලෝකයා අඩිය තිබ්බෙ

මම නං හරි විදිහට. හිරිහැර කරේ නැ මම නුබලට පාඩුවෙ හිටියා හැංගිලා කැලයක

ගජිධානෝ තේජ ලීලා.
හෙඞළ දීපා සරසවනා.
දෙවිදානේ ප්රාණේ පාගා දළ ඕනා මනුරකුසා.
වෙඩි පාලා, බිම බාවා නැතුවා කරුණා…
ඇතුනේ මා නුබ ගාවා. මැරුනේ මිනිසා…
වෙඩි පාලා, බීම බාවා නැතුවා කරුනා…
ඇතුනේ මා නුබ ගාවා. මැරුනේ මිනිසා