උන්මාද රූමතී | Unmaada Roomathi by Sandeep Jayalath [2020]

Sinhala song lyrics with music notes illustration

ගමන මන ලෝලී
නුඹද සුර නාරී
අනඟ දුනු හී දෙන්නා

බඹර සර නෑසූ
තඹර මල මේ දෝ
කුමර සිත පීදෙන්නා

සඳසේ කැල්මැති – දිලිසේ තොල්පෙති
දැහැනේ බින්ද පා සළඹ මිදුනේ කොහේ
ළමැදේ නිම්නෙහී – සැතපේ නෙත් රැඳී
රහසේ එන්න රෑ තරු ද නින්දේ හිඳී

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

දිගටි අතැඟිල්ලේ
සිලිටි සියුමැල්ලේ
නියද පැහැ නා දල්ලේ

නිතඹ නැළවිල්ලේ
හිතම කැළඹිල්ලේ
සුරඹ නුඹ සැනසිල්ලේ

සළුවේ මල් පිපී – සුවඳේ නිම් නැති
ශ්වේත සයුරේ ද දෝවන්නෙ ඔය පා පොඩි

සුළඟේ සිල් බිඳී – වරලේ රැල් සිඹී
හංස රැඟුමේ සියුම් තාල විඳිනා වෙලී

සිත්තරී සේද හීනේ අාදරේ පාටදෝ ගෑවුනේ
මත් කෙරූ රූප නාරී මේ සුවේ නෑ රැඳී මීවිතේ

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply