ඉල් මහේ කුරුල්ලෝ | Ill Mahe Kurullo by Nisala Kavinda ft. Yuki

අපි රෑ පිරෙන්න ආදරේ කලා නේ
කොදුරා කියන්න හාදුවක් නම් ඕනේ
නිවාඩුවේ මං පාඩුවේ සිතාරේ
තාලේ වයන්න හාදුවක් නම් ඕනේ

නුඹ මගේ මිලියනයකින්
විසදන මතු තේරවිලි
නිවෙන මේ ආදරේ

මදහාස දුන්නු ඈ
සසදා බලන්න කෝ
ආදරේ
එන්නකෝ ආදරේ

ඔය රූපේ මා වශී කලා
ඉල් මහේ කුරුල්ලෝ
කියා ගියේ නෑ මං
නෑ මල් තලා ලා//

සල්පිලේ තුරුල් වූ
සිල් අරන් ඔබේ නෑ මං
නෑ මල් තලාලා//

ඉල් මහේ කුරුල්ලෝ…
සල්පිලේ තුරුල් වූ…

කැටේ දේවතාවක් වගේ
හිත සනසන
ආතමය මගේ මේ හිත සැනසෙන
ආලවන්ත කතා පවසන
බබරෙකි රගන ඔය ගැවසෙන මා

ආවෙත් පස්සෙන් දාගන්න හිමින් දැලේ
කෙල්ලේ මම මේ ආදරෙන් තද කලේ
ආස ලගින් ඉද්දී ඒ හුරතලේ
දෙවගන ඔයා මා වශී කලේ

ආතක් පාතක් නැතිව මම නංගී ගියා
හොයා හිතට දැනෙන ආලයක්
කිවේ මේ ඔයා මියුරු කතාවේ
මගෙ වෙතින් ඉගිල ගිය මියුරු කුමරියක්
ඒ ආදරේ නෑ කාටවත් දැනුනේ
කෙල්ලේ මේ ආදරේ
කාරවත් නෑ දැනුනේ
පිවිතුරු පෙමක ගැටුනේ
හිමි නොවුනත් ඔයාට පුදන්නම්
ආලේ මගේ

ඔය රූපේ මා වශී කලා..

ඉල් මහේ කුරුල්ලෝ…//
සල්පිලේ තුරුල් වූ…//

written by AKIIY & Nisala Kavinda