මුළු ලොවම | Mulu Lowama by T. M. Jayarathne

මුළු ලොවම නැති උනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම නැති උනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්

ඔබේ සෙවණෙහි රැඳී ඉන්නට
වරම් නැති වූ ලෝකයෙන්
වෙන්ව සිටිනා හුදකලාවේ
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම නැති උනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්

ලොවේ දිනයෙක තනි වුණෝතින්
ඔබේ හද සෝ තාපයෙන්
ලොවේ දිනයෙක තනි වුණෝතින්
ඔබේ හද සෝ තාපයෙන්
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්

මුළු ලොවම නැති උනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්

නොබලන් කුමරිය | Nobalan Kumariya by T. M. Jayarathne

නොබලන් කුමරිය නිසසල මා දෙස

සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා

නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක
දල්වා සමුගත මැනවි ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස

සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

සුපුරුදු තනිකම පාලුව මිහිරී

හිදිනෙමි සැනසිල්ලෙන්
සුපුරුදු තනිකම පාලුව මිහිරී
හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස

සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා
රුව කලබනු නොහැක ඉතින්

ජීවිතේ අමා දරා | Jiwithe Ama Dara by T. M. Jayarathne

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

අද රෑ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කොව්ලනේ නාඩන්නේ



ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

ඈත නිල්වන් ගුවනේ පියාබනා ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැදුනේ…

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

හමන පවනේ සඟවා මගෙ පාලුව රහසේ
ඇත එවා ඔබ සොයා ගියා ලඳේ
මීවිතේ රස උතුරා…

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

නොබලන් කුමරිය | Nobalan Kumariya by T. M. Jayarathne

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්
නුරා පිරුනු නෙත් වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

සුපුරුදු තනිකම පාලුව
මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
සුපුරුදු තනිකම පාලුව
මිහිරී හිදිනෙමි සැනසිල්ලෙන්
ආදර රැහැනින් මහද වෙලන්නට
ඔබ හට නොහැක ඉතින්

නොබලන් කුමරිය නිසසල මා දෙස
සසල ඔබේ දෙනෙතින්
ආදර පවනින් නොසැලුනු මා රුව
කලබනු නොහැක ඉතින්

එක සිත දෙතැනක | Eka Sitha Dethanaka by T. M. Jayarathne

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි…මගේ ළඟයි….
ඒ සිත දෙතැනක නතර වෙලා

ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙත ද වැළපෙයි
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි…



එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි…මගේ ළඟයි….
ඒ සිත දෙතැනක නතර වෙලා

ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ…
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි
ඔබම යලිදු හමු වෙයි…

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි…මගේ ළඟයි….
ඒ සිත දෙතැනක නතර වෙලා

හිමින් සැරේ පියා විදා | Hemin Sare Piya Wida by T.M.Jayarathne ft. Sunila Abeysekara

හිමින් සැරේ පියා විදා
හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

මලක් නම් එය මලක් වුව මැන
සිනිඳු සුකොමල ආ රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉඳුවර ආ දියෙන් උපදින

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

නැවුම් වත්සුනු රොනින් මත් වී
සිහින නිම්නය ආ සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැරදා ආ පවුරු සිරි යහනේ

හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

රාත්‍රිය උදා උනා | Rathriya Uda Una by T.M.Jayarathne

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා

ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්

රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ

ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
සිත් තැවුල් මවාලයි පුරා රැය නිතින්

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

මේ නගරය අළුත් වෙලා | Me Nagaraya Aluth Wela by T.M.Jayarathne

මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
මේ නගරය අළුත් වෙලා

එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොද පින්වතුන්
එදා අප දුටු පෙම්වතුන්
වෙලා අද හොද පින්වතුන්
අකුරු පොත්පත් පිරුණු අත්වල
එල්ලිලා අද පොඩි පුතුන්

මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
මේ නගරය අළුත් වෙලා

පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු
පෙම් කරපු තැන් පුරුදු
වසා සුවිසල් මැදුරු
පෙම්වතුන් අද සිරවෙලා
පාළු කුටිවල අදුරු

මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
මේ නගරය අළුත් වෙලා
වැව්‍ දිය රළ ගිලන් වෙලා
අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
පටු මාවත් පුළුල් වෙලා
මේ නගරය අළුත් වෙලා

රන් ටිකිරි සිනා | Ran Tikiri Sina by T.M.Jayarathne

රන් ටිකිරි සිනා මුව මුව පාලා
ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

දෑතේ බැදිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං බැදලා ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී

බාලේ ගෙවලා ආලේ දුරැලා
නොපෙනී යනවද සුදු නංගී
දගකර සිටලා ගංතෙර හැරදා
ගමනක් යනවද සුදු මල්ලී

වලා තීරයෙන් එහා | Wala Theerayen Eha by T.M.Jayarathne

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්…
අපේම ලෝකයක්…

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්…
අපේම ලෝකයක්…

තරංගයක් ලෙසින් අදී
බිඳි නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්…

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්…
අපේම ලෝකයක්…

සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්…

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්…
අපේම ලෝකයක්…