ගිම්හානයේ පාවෙලා | Gimhanaye Pawela by Samantha Konara

මං තාම වා..රු ගන්නේ – මල් හීනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි – මුළු ජීවිතේ
ඔය නෙතට කදුලැල් දුන්නේ – මං ජීවිතේ
ඔබෙ හීන රජ කරවන්නයි – මා සැරසුනේ
සවනේ තාමත් රැදුනේ – ඔබගේ වදනයි සොදුරේ
ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා – ඈත රන් මාලිඟා
සීතලේ ගුලිවෙලා – වින්ද සෙනෙහේ පුරා
අද නෑ..කොහෙදෝ පාවී – සිහිනේ මා අද තනිවී
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ
ගිම්හානයේ පාවෙලා – ඈත රන් මාලිඟා

සංසාරෙ හුරු හින්දයි – යලි හමුවුනේ
මේ දෑස ඔබගේමයි – ඇයි හැඬවූයේ
පවසන්න මගෙ සෙනෙහේ – ඇයි මදිවුනේ
පෙර සංසාරෙත් ඔබමයි – මා හැරගියේ

සැමදේ සුන්වී බොදවී -කොහෙදෝ තුරුලක සැඟවී
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා //

written by Samantha Konara