සදාතනී | Sadathanee by Imal Shashith [2019]

පෙම් පාරමී දම්
සංසාරේ හුරුකම්
ඔය බැල්ම කීවා එදා
හැමදාම හිමිකම්
ලබනා කෙනයි මං
ඔය ආදරේ හිත් පුරා

රැකගන්නම් මා
නෙතු පියෙනා තෙක්
සිතුවිල්ලේ සදාතනී
ලග ඉන්නම් මා
රිද නොතෙමා නෙත්
හසරැල්ලේ නිවී නිවී

උපනූපන්
මතු මතු මා
හමුවේවා ඔබ සදා
උපනූපන්
මතු මතු මා
හමුවේවා ඔබ සදා

සිත් ආකහේ පායා
සදපාන සේ
නිරතුරු ඔය රූ මැවේ
ඇස් මායිමේ මා හා
තුන් යාමයේ
නැතුවත් මතකේ හිදී
මොහොතක් මොහොතක් පුරා
හිතෙනා දැනෙනා කෙනා ඔබ
මාගේ හැමදේ නිසා
මොහොතක් මොහොතක් පුරා
හිතෙනා දැනෙනා කෙනා ඔබ
මාගේ හැමදේ නිසා

රැකගන්නම් මා
නෙතු පියෙනා තෙක්
සිතුවිල්ලේ සදාතනී
ලග ඉන්නම් මා
රිද නොතෙමා නෙත්
හසරැල්ලේ නිවී නිවී

මේ මාවතේ ආවා සේ ජීවිතේ
තව දුර සෙවනැල්ල වී
යමු මේ වගේ බාදා ආවත් කෙසේ
කිසිදා නොබිදී බැදී

දිව්රා කියමී සදා
ඔබ හා ඉන්නම් කියා
මේ හුස්ම වැටෙනා තුරා
දිව්රා කියමී සදා
ඔබ හා ඉන්නම් කියා
මේ හුස්ම වැටෙනා තුරා

රැකගන්නම් මා
නෙතු පියෙනා තෙක්
සිතුවිල්ලේ සදාතනී
ලග ඉන්නම් මා
රිද නොතෙමා නෙත්
හසරැල්ලේ නිවී නිවී

උපනූපන්
මතු මතු මා
හමුවේවා ඔබ සදා
උපනූපන්
මතු මතු මා
හමුවේවා ඔබ සදා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here