ප්‍රකම්පිත | Prakampitha by Supun Perera from Dharani Teledrama [2020]

ප්‍රකම්පිත චිත්තා ශක්තිනී
අකම්පිත මාතා භක්තිනී
මන සාර චිත්තාකර්ශනී
ධරක ප්‍රේමිණී

අග්නි වර්ශා දිවිය අවුරා
පුරා සඳ විලසින් පැහැදුල් මන නොසැලේ
සලිත නොවෙමින් මනසින් පවා
සරතැස දරයි මන ගැඹුරේ

සුසුම් උහුලා රිදුම් ඉවසා
දරා ළය පතුලින් දිවි ගිම් දිවිකතරේ
අචල හැඟුමින් පියවර තබා
විදසුන් වඩයි දිවි මාරුතේ

ප්‍රකම්පිත චිත්තා ශක්තිනී
අකම්පිත මාතා භක්තිනී
මන සාර චිත්තාකර්ශනී
ධරක ප්‍රේමිණී
ධරණී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here