සංසාර ආදරේ | Sansara Adare by Athma Liyanage ft. Thilina Ruhunage [2020]

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉරහද පවා දිව්‍ රයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හිමිහිට රහස් අපි ගැන කිව්වා කතා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

ඇහිපිය පවා හදුනන හීනය වෙලා
කදුලයි දුකයි තනියට හිතවත් කලා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
මුළු හිත පුරා තිබුනා නුඹ ගැන ලියා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා
සෙනහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා ඇස් ඉඹිනවා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න  |  Download the Audio from here

 

මේ හිත තනියෙන් | Me Hitha Thaniyen by Athma Liyanage ft. Thilina Ruhunage

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්…

කදුළක් ලග නැවතුන
ඇහිපිය දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ හීනේ මැද්දෙන් ජිවිතේ
අලුතෙන් ලියන තරම්

වරුවක් ලග මුමුණන ඔය හිත
මගේමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මග බලමින්
ආයේ හීනේ මැද්දෙන්
ආදරේ අමුනා තියෙන තරම්

මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම්
නෑ මං දන්නා වෙන කවූරුත් නුඹව තරම්
ආදරයෙන් එදා ඉදන්…

ලියතඹරා | Liyathabara by Athma Liyanage

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි

මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
විණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි
මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි

හිත දුර හන්දා | Hitha Dura Handa by Athma Liyanage ft. Thilina Ruhunage

හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා …
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා …
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා …..

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමයි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා …

හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා …
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා …
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..

හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා …
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා …
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..

සඳ හිරු තාරකා | Sanda Hiru Tharaka by Athma Liyanage

සසලව ඇත ඔබෙ සිත බියවී
මගෙ සිත‍ වෙනතක දෝ.. සිතා..
සිතන්න සැක බිය හැරදා ලදේ..

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..

එපා සිතන්න හිත රිදෙනා දේවල්
‍එපා පතන්න අප වෙන්වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..

සිතා සිතුවත් හිත රිදෙනා දේවල්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
‍හඬා කීවත් සිත‍ රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..

සඳ හිරු තාරකා පායනා ලෙසින්
සඳ හිරු තාරකා පායනා ලෙසින්..
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ..

එපා කඳුළැල් සලා | Epa Kandulel Sala by Athma Liyanage

එපා කඳුළැල් සලා
හඩන්නට ඔබේ සිත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ රුව

එපා කඳුළැල් සලා
හඩන්නට ඔබේ සිත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ රුව

එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද
එපා සුසුමන් සලා
රිදවන්න ඔබේ හද
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත
සතපවයි ඔබේ සිත

එපා කඳුළැල් සලා
හඩන්නට ඔබේ සිත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ රුව

ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා
ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන්නෙපා
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා
හිමි කුමරු එන තුරා

එපා කඳුළැල් සලා
හඩන්නට ඔබේ සිත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ රුව

බිදි ගිය සෙනෙහේ | Bidi Giya Senehe by Athma Liyanage

බිදි ගිය සෙනෙහේ
යදී ඈ ජිවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ

බිදි ගිය සෙනෙහේ
යදී ඈ ජිවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ

ඈත් වී ලොවෙ
සොදුරු බව හුදකලා
කුරිරු සිතින් ලොවෙ
ජිවිතේ බොද කලා

ඈත් වී ලොවෙ
සොදුරු බව හුදකලා
කුරිරු සිතින් ලොවෙ
ජිවිතේ බොද කලා

බිදි ගිය සෙනෙහේ
යදී ඈ ජිවිතේ
මල් තලා රොන් උරා
ඉගිල ගිය බඹරුනේ

පිපි කුසුමි ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ

පිපි කුසුමි ගත දරා
හිරු නැගේ හෙට දිනේ
රොන් උරා මල් තලා
යනු එපා බඹරුනේ

සිහින ලොවේ | Sihina Lowe by Athma Liyanage

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

තටු සලා පියඹලා
ඉගිලිලා වෙහෙසිලා සිහිනේ මරා වැළපෙනවා

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

විකසිතයි මුකුලිතයි
මී විතයි පෙණ බිඳයි සිහින් මියේ
අඳුර ගලයි

සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ
සිහින ලොවේ මායා වැතිරේ නීල නුවන් කඳුළු පිරේ

 

කඳු පාමුල සිට | Kadu Pamula Sita by Athma Liyanage

කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යනතුරු අවර වන පතේ
ඔබ කිව් රහසින් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

ඇල ඳොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

පෙනෙන නොපෙනෙන | Penena Nopenena by Athma Liyanage

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවෙන හීනේ
නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ
ජීවිතේ තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ
උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක්
වගේමයි සිතුනා
නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලුවෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

මිරිඟුවක හිත තියලා
නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ
තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන්
සිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ
ඔය නමත් රැදුනා

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්
ආයෙමත් ආදරෙන්