දෑසින් දෑසින් | Dasin Dasin by Yasas Medagedara x Kavindya Adikari

හීනේ ආලේ මවා
මේ යායේ පාවීලා හිනැහීලා
රෝස කම්මුල් පුරා
පෙම් හාදු වෑහීලා ගවසාලා

දෑත අල්ලා හමුවීලා
කෝල පෑවා මා
මාගෙ හුස්මේ දැවටීලා
ඒවී ඒවී මා හා..

මැවීලා ලංවී යෞවනේ
බැඳිලා ආලේ ලංකලේ
සරාගී ආශා ආදරේ
දැනීලා රෑ
උමතුව යාදෝ මා

දෑසින් දෑසින් දෑසින්
මන්මත් වේවී ආලේ
කුල්මත් වේවී සිහිනේ

රහසින් රහසින් රහසින්
යන්තම් ගෑවී වාගේ
ඔච්චම් පාවී ආයේ

දෑතින් දෑතින් දෑතින්
අල්ලන් යාවී ඈතේ
පෙම් මල් දේවී සීතේ

දෑසින් පහසින් රහසින්…

written by Shehan Galahitiyawa

medagedara,wasawa baduge,sandanari,yasas,therunado wisal adare,sansarini,adaraneeya,adare,wasawa,baduge,sharadha,sad,chadrapani,chandramani,chandrapani,chandrapanee,parami,romantic video status english,romantic video song hindi,shanudrie,prarthana,romantic video song,romantic videos of love story,romantic video status,sinhala new songs 2021,sinhala sindu,sinhala songs,song,video,romantic videos on youtube,movie,wisal,songs,rahul,sinhala new song,latest,roshel

උන්මාද චිත්‍රා | Unmada Chithra by Sahan C ft. Kavindya A

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

උන්මාද චිත්‍රා
පෙම්වන්ති චිත්‍රා
තනිකුටියේ කදුලින්ද මා ගෙන සිතා

සමුදුර තොටුල රැළි නැගුනේ
සුවදට මදනලයි විසිකලේ
සැගවෙන්න දේවී පඩු එයි මතු දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

නාදලු පැටලේ
මීවිත සැපයට නැලවේ
ඔබ ගෙල දo ගෙඩිය රසවන්ත වේ
මැකෙනා රූපේ පාට පෙනි පෙනි ආලවන්ත වේ
ආලේ වේ

රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඩයි සත් සවනතම මුසුකලේ
නොහඩන්න දේවී කුමරා එයි දිනේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

පoසිලු වන්නේ
කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ

written by Milinda Madawa Perera

ගියත් දමා | Giyath Dama by Kavindya Adikari [2022]

හදිසියෙන් යද්දී ඔබ දුරට මා ගෙන්
දුටුවාද කදුළු දෑසේ
ඒ ආදරයයි මා පැතුවේ
ඉක්මනින් එන්න මා කීව වචනේ
ඇයි නෑසුනා වාගේ
තනිකම විතරක් ඉතිරි කළේ
මේ පපුවේ ගිනි දැල්වේ
එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
පෙර වාගේ ඔය තුරුලේ
තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්

ගියත් දමා නෑ වෛර කළේ
ඔබේ මතකෙන් අදත් මා තනිවී
නෑ ඉතින් තවත් කෙනෙක්
මගේ ලොකේ ආදරෙන් රැවටූ

හීන ගොඩක් අයිති කරන්
ඇවිත් දුරක් මා දැන්
අහිමි වෙලා ආදරයත්
අයිති දෙයක් නෑ දැන්

කිසි දිනේ කළේ නෑ පුංචි බොරුවක්
ඔය හිතට විහිළුවටවත්
රවටන්නට බෑ දැනුන හිතක්
මට පෙනී හිටිය ඔබ නොවේ හිටියේ
හැර යන්න හිතලා ළංවී
නැති ආදරයක් දීපූ හිතක්
මේ පපුවේ ගිනි දැල්වේ
එක මොහොතක් ඉන්නට බෑ ඈතින්
පෙර වාගේ ඔය තුරුලේ
තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්

ගියත් දමා නෑ වෛර කළේ
ඔබේ මතකෙන් අදත් මා තනිවී
නෑ ඉතින් තවත් කෙනෙක්
මගේ ලොකේ ආදරෙන් රැවටූ

හීන ගොඩක් අයිති කරන්
ඇවිත් දුරක් මා දැන්
අහිමි වෙලා ආදරයත්
අයිති දෙයක් නෑ දැන්

ස්වේත හීන | Swetha Heena by Kavindya Adikari ft. YAKA [2020]

මේ රෑ මා සිතැඟි ආශා වෑහෙනා
විමති වී සඳ සේ රූ සේයා
යාවෙනා ළංවෙනා
රූ ඡායා මනස රූ රා නැහැවිලා
සලිත වී මතුවේ
ඒ ඡායා රෑ පවා යාවෙනා

ස්වේත හීන පායා
මැවෙනා රූ සොබා වත
නින්ද නේන හේතු ගානේ
සිත ඇහැරෙනා සඳ රෑ පුරා

නෑ සීමා බිදෙති සීමා සෑහී මා
සුරත දී රිසි සේ මා
දෑසා පේවෙනා සැහෙනා
රූ සීරා සිහින රූ රා රෑ පීරා
උමතු වී සයනේ රූ තෝරා
මා වෙලා ලංවෙලා

ස්වේත හීන පායා
මැවෙනා රූ සොබා වත
නින්ද නේන හේතු ගානේ
සිත ඇහැරෙනා සඳ රෑ පුරා
සඳ රෑ පුරා