ප්‍රේමයේ මුණිවරිය | Premaye Munivariya by Dumal x Kasun K

ප්‍රේමයේ මුණිවරිය
අත නෑර ළග සිටිය
සසල ලොව ළග
නිසල සනහස පිදුව
ඔබ ප්‍රේමයේ මුණිවරිය

ජීවිතේ මහ පුදුම කවි පොත
ප්‍රේමයෙන් පුරවා තබන අතරේ
අත හැරීමක මිහිර තැවරූ
කවි කොතෙක් තිබුණාද?
ඔබ ඇසුරේ…

මිනිස් ගුන සුවදින් පහන් වුණු
ඔබේ එළියෙන් – මම නිවෙන අතරේ
ඒ එළිය පතුරා- තැනින් තැන
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ

කාලය | Kaalaya by Dumal Warnakulasuriya [2021]

කාලය පැනගියත්
යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය
හද පත්ලෙහි ම විසූ

කදුලකට මුසු වුනත් සේදී
නොයයි සිතූ
හසරැල්ලක් විය
දෙනයක මත පිපුනූ

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

මැරුණු අතු මත
හිනැහෙන
තවම නොමැරුනු මල් වල
කතාවක් ඇත කියා ගන්නට
බැරුව මුව මත ගොළු වුන

මැරුණු අතු මත
හිනැහෙන
තවම නොමැරුනු මල් වල
කතාවක් ඇත කියා ගන්නට
බැරුව මුව මත ගොළු වුන

කාලය පැනගියත්
යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය
හද පත්ලෙහි ම විසූ

කදුලකට මුසු වුනත් සේදී
නොයයි සිතූ
හසරැල්ලක් විය
දෙනයක මත පිපුනූ

නිසල ඇස් මත දගලන
සසල වුන ඇසිපිල්ලක
කතාවක් ඇත කියාගන්නට
බැරුව කදුලක ගල් වුන

නිසල ඇස් මත දගලන
සසල වුන ඇසිපිල්ලක
කතාවක් ඇත කියාගන්නට
බැරුව කදුලක ගල් වුන

කාලය පැනගියත්
යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය
හද පත්ලෙහි ම විසූ

කදුලකට මුසු වුනත් සේදී
නොයයි සිතූ
හසරැල්ලක් විය
දෙනයක මත පිපුනූ

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

මළ සෙනෙහසට
හුස්ම පිඹුමින් සිටිමි
නොමල ගෙයකින්
අඹ මිටක් පතමි

සිතට සියුමැලි| Sithata Siyumali by Uresha ft.Dumal Warnakulasuriya

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

මඟ හැරුණු ජිවිත සැමරුම්…
පිටු අතරින් ඔබ හමු වූවා
හිත අද්දර ඉන්නා තනිකම…
සඳ වතුරේ ඉකි බින්දා

චමත්කාර ජිවිතේ…
හමුවන්නට පැතුමන් පිරුවද
සිතේ තනිවුන ආදරේ…
සගවා අප සිටියා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

විලෙක නෙලුම් පිපෙන සැදැවේ…
ඔබේ සිනහව යලි රැදෙනවා නම්
විහග ගීත ඇසෙනා මානේ…
ඔබේ කටහඩ යලි ඇසෙනවනම්

ඈතයි මාගේ පීදෙන තුරු මත…
රටා මවන සිතුවිලි අතරේ
හිතේ තනි වුන ආදරේ…
සගවා ගෙන සිටියා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

සිතට සියුමැලි ගීතයක් වගේ…
ජිවිතේට ආදරය ගෙනා
හැමතැනම පෙනේ සිත ලගම රැදේ…
ආදරයට ජීවිතය ගෙනා

හෙමි හෙමින් | Hemi Hemin by Dumal Warnakulasuriya [2021]

හෙමි හෙමින් පස් දමා
ඔබෙ අතින්
මගෙ සිරුර සතපන්න දැන් ඉතිං
ඉන්පසුව ඔබ යන්න රැයට ඉඩ දී
මම නතර වෙමි මෙතැන ඔබට සමු දී …..

නැත කරුණු වැළපෙන්න නොයන මුත් මං
මුමුණන්න අප අතර මතක සතුටින්
එවන් හසරැල් විතක් රැගෙන සොහොනට ඇවිත්
ඉතිං මට සමුදෙන්න දැන් ඉතිං …..

අප හමුව සෙනෙහසින් සිනාසුන තැන්
දුකට කරුණක් නොවේ එහි නැතත් මං
ඔබත් එනු ඇති දිනෙක මම නිදන බිම් කඩට
එතෙක් මට සමුදෙන්න දැන් …..

හීනයේ දැවටිලා | Heenaye Dawatila by Dumal Warnakulasuriya [2020]

විරහවේ ගිනිමතින් දැවුනාවේ
පියාපත් ඔබේ සෙනේහේ
චිතකයේ අලුමතින් හැමුවා වේ
කුනාටු මේ සුසුමේ
රූ සිතුවම්
යයි බොදවී
දුක වැතිරී
නෙත් දැහැලේ

හීනයේ දැවටීලා
නැවතිලා ජීවිතේ
හීතලේ මියැදුනේ
ඒ ඔබේ ආදරේ

සදා ආකහේ
යලි නොඑන් පායලා රෑ
ඒ රුව මවා ඔය රැසින්
වැහිලිහිනේ ඔබ ගයන් පාලු ගීතේ
ඇය නෑ ඉතින් මා ලගින්
ගංගාවේ නෑ ගලන්නේ
නෑ වසන්තේ ආයේ එන්නෙ
ඒ සිනා නෑසෙනා නිසා

හීනයේ දැවටීලා
නැවතිලා ජීවිතේ
හීතලේ මියැදුනේ
ඒ ඔබේ ආදරේ

අදටත් රැයේ ඇස්පියන් අවදි වීලා
නුඹ හොයනවා හුරු සුවදකින්
කවදාක හෝ සිහිවෙලා එන්න ආයේ
තවමත් මෙගේ හිත නුබටමයි

වස්සානේ සිහිල වියැකී
ගිම්හානේ ගින්න ඇවිලී
දවයි මේ හැගුම් හදේ

හීනයේ දැවටීලා
නැවතිලා ජීවිතේ
හීතලේ මියැදුනේ
ඒ ඔබේ ආදරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

නොංචි | Nonchi by Dumal Warnakulasuriya [2020]

පීන පයෝධර සළුවෙ ඔතන්නී
නිතඹ තලා පට මෙවුල් දරන්නී
නීල දෙබැම අවු වැසුම් දමන්නී
ටිකිරි දෙපා උස් වැහුම් බඳින්නී
හීන අරණ්ණේ නොංචි රඟන්නී
ප්‍රේම මන්දිරේ වර්ණ මවන්නී
සුපෙම් නුරා නෙත් කොනින් අදින්නී
බඹරුන් කැන්දනා මල්සර කුසුමී

වඩිනා උදයේ ඉර දෙව් සේමා නලලේ රැස් විහිදෙයි
අසුනේ ඉඳගෙන කෙහෙරැලි පීරා මුහුණේ හැඩ බලතෙයි
විලවුන් ඉහලා නාදළු විකලා උජාරු වෙන් බලතෙයි
දුම්රිය නළඟන කොහොමද කීවොත් අපොයි කියවෙයි

පීන පයෝධර සළුවෙ ඔතන්නී
නිතඹ තලා පට මෙවුල් දරන්නී
නීල දෙබැම අවු වැසුම් දමන්නී
ටිකිරි දෙපා උස් වැහුම් බඳින්නී
කෝල බැලුම් ලා ඔමරි කරන්නී
මන්ද හාස දී සුරතල් වෙන්නී
අනඟ සරින් විද සිදුරු කරන්නී
ආලෙ නොදී හද දැදුරු කරන්නී

අකුලා උරහිස දුම්රිය වාගේ නලලේ රැලි දමතෙයි
වනලා නිතඹේ ගස්සා පද්දා ගෝමර පෙති නටතෙයි
බලලා කොනකින් ඉඟිත් මරන කොට ගමකට සැර දමතෙයි
දුම්රිය නළඟන කොහොමද කීවොත් අපොයි කියවෙයි

පීන පයෝධර සළුවෙ ඔතන්නී
නිතඹ තලා පට මෙවුල් දරන්නී
නීල දෙබැම අවු වැසුම් දමන්නී
ටිකිරි දෙපා උස් වැහුම් බඳින්නී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Dhttps://t.me/sinhalasongs/4513ownload the Audio from here

සබඳේ | Sabande by Umara Sinhawansa ft. Dumal Warnakulasuriya [2019]

සබඳේ නොසිතු සේ උන්මාදවී මෙලෙසේ
සොඳුරේ නොසිතු සේ ශ්‍රුන්ඝාර වේ රැය මේ
පෙරදා මසිතේ පාට තැවරූ ඔබද මේ
මිහිරේ හිත කැළඹේ හීන අතරේ විසිරිලා

අනුරා සුපෙම් ගී සුළගේ ඇසේවා තරිඳා සළු උනාලු මේ රෑ
නොදවා නුරාවෙන් රැය දැන් ගෙවේවා සුව වී සිත නිවේවා සීතේ
සේපාලිකා යායේ සුවඳට මා යාවේ මේ සීත මායාවේ උණුහුම නෑ කාගේ
සඳ එළියේ මා දැවේ

මධු රෑ මහෝගේ අද නෑ උදාවී සබඳේ ඇයි මුළාවී මේ රෑ
පිබිදී ප්‍රමෝදේ දෙසිතක් බැඳේවා තුරුළේ රැය ගෙවේවා පෑහී
තාරුණ්‍ය මායාවේ හීනෙන්ද රෑ පානේ
සෝ තාප සංකාවේ ගිලෙමුද රෑ යාමේ
නිදි නැති රෑ මා දැවේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සාංකාව රිදුමක් | Sankawa Ridumak by Dumal Warnakulasuriya [2019]

සාංකාව රිදුමක්
හිස්වූ ලය පතුලේ
මතක පිරිමදින
හිතට කා වැදුණු
සුවද ඉව කරන
සාංකාව රිදුමක්

බොදවූ වැස්සක් සේ මා දුටු
අවසන් කදුළු බිදත්
නොහෙලාම ගිය පසු
හුස්මද වද විදිනා
මේ යාමේ
සාංකාව රිදුමක්

යලිත් එතැයි මග බැලුවත්
ඔබ නොඑනා බව දනිමී
ඔබ නොකියන මුත්
ඔබ දනී
අපට අප අහිමි වූ
හිස්වූ ලය පතුලේ
සාංකාව රිදුමක්

සාංකාව රිදුමක්
හිස්වූ ලය පතුලේ
මතක පිරිමදින
හිතට කා වැදුණු
සුවද ඉව කරන

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

දෝදස අම්බරි | Do Dasa Ambari by Dumal Warnakulasuriya ft. Dulshara [2019]

දෝතස
අම්බරී
මෝරිය නර්ථනේ
ගගනේ
ඉදු අදනී
පස සැදී
සමග රගන්නෙ

මා මනමාලී

දීපංකර පාරේ
කපු හේනේ
දෙතගු ගයන්නේ
මා මිනි
මාමුනි
කාලෙස වාසිනී
වරලේ ජටා මකුත
හතර අතට නෑගං යන්නේ

දා දුක් ගිනි

මන බන්දන දේවී
සිත් ඇතුලේ ජප කරලන්නී

සූරිය චන්දිර
තහරෙක පන්තිය
සූරිය චන්දිර
තහරෙක පන්තිය
අපලේ බල බිදලූ
ගිනි අහුරූ නේත්‍ර දරයි

සීහෙල කලී
පතිනිය ආමිනී
සීහෙල කලී
පතිනිය ආමිනී
මේ දැන් ඇගේ වාරේ
බව තේරෙයි
කනට ඇසෙයි

දුක දුරූ වෙනී
දෝතල පි දුනි

කිදුර වූ මිනි
දෝතල පී දුනි
පැනිතංකර සේවේ
අප සැමගේ
සිහිකරලයි

නොපෙනුනානම් | Nopenunanam by Dumal Warnakulasuriya [2019]

නොපෙනුනානම්
හදෙහි ආලය
සඟවා ඉන්නට තිබුණා
නොදැනුනානම්
සංසාර ප්‍රේමය
දුර නෑවිත් ඉන්න තිබුණා

ඇය පසුකරන්
හිත තදකරන්
ඔහේ ඇවිද ගිය ප්‍රේමයම
සඟවන්න තිබුණා
සඟවන්න තිබුණා

හන්තාන කදු මැද තනි වෙලා
එකම හුස්මක් දෙකට බෙදිලා
නුඹ කදු මුදුනේ සගවා
එන සුළග මට
සිනහවී ඇදුනා

ඇය පසුකරන්
හිත තදකරන්
ඔහේ ඇවිද ගිය ප්‍රේමයම
සඟවන්න තිබුණා
මට සඟවන්න තිබුණා

ඈ උස් හඩින් මගේ
ආදරේ කියලා
නැවතුමක් ගැන
හිතක් නැතිවා
වියෝ රාගය
හිතට දීලා
මම නැතිව ඈ
නිවන් මා සොයලා

ඇය පසුකරන්
හිත තදකරන්
ඔහේ ඇවිද ගිය ප්‍රේමයම
සඟවන්න තිබුණා
මට සඟවන්න තිබුණා