අම්මේ | Amme by Dhanith Sri [2023]

මට මතක ඇති කාලේ ඉදන්
පොඩි කුඩේ අරන් පොඩි අඩි පාර
ගාව ඉදන්
මම ගනන් කරා ගෙදර ඉදන් අඩි 100ක් ගෙවන්
නුඹ යනවා හැමදාම පොඩි කාසි හොයන්
අම්මේ

හැමදාම අනුන්ටම නුබ හම්බකරන්
දෙන දෙයක් අරන් ඇව්ත් අපිටම පුදන්
දවසක් හදිස්සියකට හෙව්වා රුපියල් 100ක්

අම්මේ කෝ පර්ස් එකෙ නෑනේ සත පහක්
අම්මේ කෝ මහන්සියෙන් හම්බ කරපු දේවල්
සතියට දවස් පහයි සති අන්තෙ හිටං
මම දැක්කා නුඹ කාපු කට්ට මාස ගනන්
අඩෝ ඇයි කවුද මගේ අම්මව කෑවේ හූරන්

හිතෙනවා ඔළුකටු කුඩුකරන් යන්න
සිස්ටම් එක හදපු හරකව මරන් කන්න
තත්ව හදාගෙන ego එක fill කරන්න
එකෙක් පෑගෙන්නම ඕනේ
එකෙක් ගොඩ යන්න

වැඩකට නැති කොලේකට value එක
ආටෝප රජ වෙන කාලෙක
මම මවනව හීන ලෝකයක් මගේම
මගේ අහින්සක අම්මට පාඩුවේ ඉන්න

අම්මේ මට බැ නුඹ විදි දුක බලන් ඉන්න තවත්
තව නම් බෑ නුඹව හූරන් කනවා බලන් ඉන්න
බර ඇද්දා ඇති නේද දැන් නවතින්න
මම ඉන්නවා නේ අපේ හීන හැබෑ කරලා දෙන්න

වචනෙකින් හරි නුඹව රිදුව එකෙක්ව
දෙපාරක් හිතන්නේ නම් නෑ මරාගෙන මැරෙන්න
හීනෙකින්වත් හිතුවේ නෑ කදුලක් දෙන්න
රත්තරන් අම්මේ මම චූටී ආදරෙයි පැලෙන්න

මේ moment එක ඇති හොදට හිනාවෙන්න
හැමෝටම ආදරෙයි හිත පිරෙන්නට
තියෙන දේ හොදාටම ඇති සෑහෙන්න
ඒකම තමයි එයාගේ හිතේ සුපර්පවර් එක

මගේ අම්ම කූඹියෙක් වගේ අහින්සකයි
ටයිටේනියම් එයාගෙ හිත මාරම හයියයි
හැමදේම ගොඩ ගහගෙන ඉන්න කාලේ
ඒත් තියන පොඩි දෙයත් දීලා දානවා එයා එහෙමයි

ඔයා වැදුව එකෙක් හදනවා ලෝකේ ලොකු තැනක්
තව එකෙක් ලෝකේ නලවනවා ගීතයෙන්ම
මට හිතාගන්න බෑ අම්මේ ඔයා ගැන
පර්ස් එකේ සල්ලි නැතත් ඔයා දුප්පත් ද

written by Dhanith Sri

ලෝක සිතියම | Loka Sithiyama by Methun SK & Dhanith Sri

ලොක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය
ලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තකට

වර්ගයා නසාගෙන,
ස්වර්ගයා හොයා යන
මුර්ගයන් ඉන්න ලොකෙක,
සොයනවා අපි වසන්තය

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට,
පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව ආද්‍යාත්මික

ප්‍රාන්තේඇති වේදනාවට
අනන්තේ දුර යන්නේ මොකටද
වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද?

වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා
වේදනා දැකලා ,හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා

කරගහන් එන හේතු ඓල ටික,
ගෙවනවා තව එකතු කරගෙන.

අනන්තේ පුරා | Ananthe Pura by Dhanith Sri [2021]

ලයේ සතපා මා බාලයේ හොවා..
සිතේ දුක් සාගරේ දරා මා නිසා..
කාලයක් ගෙවී දැඩි වූවත් මගේ..
සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ..
පවසන්නම් ඉතින් ඇසෙයිනම් හඬ මගේ..

දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ..
සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ..

නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා..
මගේ මුලු ලෝකයේ පුරා හැඩකලා..
නොසෙල්වී මහා පොළවේ පය ගසා..
සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා..
වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා..

ලෝකේ දුටුවා මා..
මිනිසුන් හ්ඳුනයි මා..
බැඳීමෙන් මගේ..
මිඳී යන්න දැන්..
අනන්තේ පුරා

ලෝකේ දුටුවා මා..
මිනිසුන් හ්ඳුනයි මා..
බැඳීමෙන් මගේ..
මිඳී යන්න දැන්..
අනන්තේ පුරා

ලෝකේ දුටුවා මා..
මිනිසුන් හ්ඳුනයි මා..
බැඳීමෙන් මගේ..
මිඳී යන්න දැන්..
අනන්තේ පුරා

ලෝකේ දුටුවා මා..
මිනිසුන් හ්ඳුනයි මා..
බැඳීමෙන් මගේ..
මිඳී යන්න දැන්..
අනන්තේ පුරා

කොල්ලනේ යං | Kollane Yan by Block & Dino ft. Dhanith Sri [2021]

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්

කොල්ලනේ
ප්ලාස්ටික් බෝතල් විසි කරන්නෙපා

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

ප්ලාස්ටික් ස්ටෝස් බිම දාන්නෙපා

පන්දු යවන්න පොලු ගැලවෙන්න
හෙට සිට යං ජය අරගන්න
පවතින්නැති ජය පැරදුම එකයි
කීවට

ඉඩක් නෑ දැන් නම් පරදින්න
මේ යං
ඉදිරියටම යං
ඒකාලේ වගේ ආයේ නම්බර් 1
වෙනකල් ඉගිලෙන්න

තටු නැතුවට අපේ කොල්ලොන්ට
බෝලෙයි බැට් එකයි ඇති මේ ලෝකේ ජයගන්න

හරි දනිත් ඇති
ප්ලාස්ටික් ගැන කතා කරමු අපි
යන යන තැන ප්ලාස්ටික් විසි කරන
ජරා ගති
කුනු බාල්දිය පෙනි පෙනි බිම දාන සක්කිලි

අම්මා ගහයි බැට් එකෙන්
මෙහෙම ගියොත් තොපි
කොල ඉදුල් ප්ලාස්ටික් එකට මික්ස් කරන කොට
ඒවා එකතු වෙන්නේ මේ මහ පොලවට

වතුරට ඇල දොල ගං මුහුදට
මෙහෙම ගියොත් ප්ලාස්ටික්මයි කන්න වෙන්නේ තොට

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්

යෝගට් කාල හැදි කප් වෙරලට දාන්නෙපා

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

කොන්ඩම්ස් හොදයි හැබැයි ඒවා
විසිකරන්න එපා

මුලු ලෝකෙත් එක්ක කරට කර
සිංහයෝ රග දෙනවා පිටිය මැද
2022 අද ජය කනුව ලග
සිංහ කොඩිය ගහනවා අනිවාර්‍යෙන්ම
මොකද
ශ්‍රී ලංකන් කොල්ලෝ හරිම වසයි
යකඩ බෝල 2 3 4 පලයි
එක පිට එක බැට කෑවත් ඊයේ ලමයි
අඩියෙන් අඩිය තියලා හරි නැගිටිනවා මයි

ආයුබෝවන් සියලුම
ක්‍රිකට් ෆෑන්ස් ලට
අපි ආදරෙයි ජෙන්ඩ්ල්මන්ස් ක්‍රීඩාව
අතීතයේ ප්‍රොඋඩ මතක් වෙනවා නේ තාමත්
ආයේත් තියමු එක අකුරක් නෑරම

ටීම් එක ඇති
ජර්සිය ගැන කතා කරමු අපි
රීසයිකල්ඩ් ප්ලාස්ටික් වලින් මහලා පට්ට ගති
බෝතල් 30000ක් පොලිඑස්ටර් කලා පටි

එහෙම තමයි ගැහුවේ ගේම
හිතට ගොඩක් හතී
වෙනස් වෙන්න ඕන කියලා
වෙනස වෙමූ අපි

මදර් නේචර්ට මල පැන්නොත්
කන්න වෙන්නේ ටොපි
ප්ලාස්ටික් ඇති
ටීම් එකට සප් එක දෙමු අපි
මෙන්න දුන්නා බැට් එක ගහපහං
දනිත් සිරි

ශ්‍රී නොට් සිරි
අම්මටසිරි සොරි

කොල්ලනේ යං
ඒකාලේ වගේ අයෙමත් නම්බර් 1 වෙනකන්
ප්ලාස්ටික් පාවිච්චි කරන්නේපා
වර්ල්ඩ් කප් එක දිනන්න
හැබයි ප්ලාස්ටික් පාවිච්චි කරන්නෙපා

ජය ටැබ කරා
අබිමන් දරා
එක හදවතින්
පියමන් තියා
අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

පැරදුම ඇතී
දිනුමක් නැතී
රෙදි නැති අතීතයට තිත තියා

අපි ඉදිරියටම යමු දැන්
කොල්ලනේ

වේදිකාවේ | Wedikawe by Dhanith Sri [2021]

වේදිකාවේ
මේ රාත්‍රියාමේ
ඔබගැන මතකේ අවදිකලා

පාලු යාමෙ
මදුමූ පෙරෙන්නේ
මම නැති ලෝකේ
තනිවුන මා

ජීවිතේට නුඹ ආවා
දිනයේම ලංවෙන්න සිතුනාට

මෙ මා එක්ක
සිපගත්ත
සිපගන්න ගුලිවෙන්න
සිතුනත් මට

වේදනාවේ
මා හා ගෙවෙන්නේ
දෙනෙතින් තෙමී
කදුලැල් සලා

මං මුලාවේ
තනිවී තැවෙන්නේ
නුඹ නැති හීනේ උරුම නිසා

ජීවිතේට නුඹ ආවා
දිනයේම ලංවෙන්න සිතුනාට

මෙ මා එක්ක
සිපගත්ත
සිපගන්න ගුලිවෙන්න
සිතුනත් මට

රෝජා | Roja by Dhanith Sri [2021]

රෝජා නුඹ අද හවසත් එනවද
රෝජා නුඹ මා තනිකර යනවද
රෝජා තව එක බැල්මක් දෙනවද
රෝජා නුඹයි ආලේ මාගේ

ආකාසයෙන් ආ ලඳේ..
දෙව්දූකවන් රූපෙ මාගේ..
දෝරේ ගලයි ආදරේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

කඳුරැල්ලේ ලන්දේ පායා සිනාසේ..
මල් වාරේ ඇවිදින් මෙහේ..
දෙකොපුල් විලේහී හසරැල් පිපේවී..
හැඟුමන් හදේ යාවෙවී..
ආලේ හැඟුම්..
ප්‍රේමේ පැතුම්..
ඇතිරූ සිතින් මා මෙහේ..
හිඳිමී ඉතින්..
නෙතුකැන් පියන්..
එයිදෝ සොයා මා කෙරේ..

රෝජා නුඹ තනියම අද එනවද..
රෝජා අද නුඹ මාගේ වෙනවද..
රෝජා නුඹ තව ඈතට යනවද..
රෝජා නුඹයි ආලෙ මාගේ..

ආකාසයෙන් ආ ලඳේ..
දෙව්දූකවන් රූපෙ මාගේ..
දෝරේ ගලයි ආදරේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..
නුඹ ගැන මතකය සිහිනෙක රන්දා..
මා තනියම වින්දේ..

නිවාලන්න මා | Niwalanna Ma by Dhanith Sri [2021]

නිවාලන්න මා..
නිවාලන්න මා..

හිමිවීමක් නැති..
නිමාවක් නැති..
ජීවිතේ පුරා..
කාටවත් නැති..
ආලයෙන් බැඳී..
හීනයේ නුඹේ..
එක බැල්මක් ඇති..

නිවාලන්න මා..
නිවාලන්න මා..
නිවාලන්න මා..
නිවාලන්න මා..

මා ලය තුරා වැතිරී..
ඈ ගිමන්හරී..
හීනයක්ද මේ..
තාම දන්නැති..
මතකයෙන් ඇදී..
නුඹ හා ගෙවූ දිනේ..
එක මොහොතකුත් ඇති..

නිවාලන්න මා..
නිවාලන්න මා..
නිවාලන්න මා..
නිවාලන්න මා..

දාම් (Theme Song) | Daam (Theme Song) by Dhanith Sri [2020]

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

ආදරේ
අහසක් තරම් බව
නේද කීවේ
ඒත් අම්මා නැතිව කොහොමද
හිතාගන්නේ

ආදරේ අහසේ
උදා වෙන බව
හදයි දන්නේ

දූගේ අම්මා තමයි හද මත
හිනා වෙන්නේ

හැන්ගි මුත්තම්
සෙල්ලමත් මට
එපා වේවී

එන්න අම්මේ
මාව අමතක වෙලාවේ
දූගේ අම්මා
හීනෙනුත් තුරුලුව හිදීවී
හෙටත් රහසින්
බලං ඉමු හාදුවක් දී

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

ආදරියේ | Adariye by Dhanith Sri [2020]

නුඹගේ චායා
රූ අතරේ මා හා
ඇදිලා

මතකේ පුරා
විසිරී ගියා
සිත මා
සොදුරේ නුඹ මා
දෙස නොබලා බලා
ගිය දා

නුඹ මගේම තමා
සිතුනා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

නුඹ මේ චන්ද්‍රා
තරු අතරේ පායා
දිලෙනා

නොදොඩා ගිය දා
නෙත් අතරේ වර්ෂා
හැලුනා

සැනෙකින් බැදෙනා
සිත මන්මත් කරනා
අගනා

නුඹ රූ වරුනා
නැත ලොවෙහී කිසිදා
දැක මා

ආදරියේ
ආදරියේ
ආදරියේ
ආදරියේ

දිගැසියේ | Digasiye by Dhanith Sri [2020]

දිගැසියේ
දිගැසියේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

කොපුල් තෙමා හිටි හැටි
ඈ ඇවිද ගියා
තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

මායාවන් හංගමින්
සේයාවක් වත් නොදී
ඇගේ රී මා ඈතින් වින්දෙමි

රූපයේ මන බන්දනී
ප්‍රේමයේ අනුරාගිනී
වේදනාවේ මා තනිවෙමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

රූ අදුන් ගල්වන්නියේ
මා හැගුම් රිදවන්නියේ
රූපයෙන් මා මන මත්වෙමී

රත්‍රියේ සදවන් මුවේ
නිල් නුවන් සිප ගන්නේමී
මේ සිහිනේ මං නවතිමී

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ
දිගැසියේ