in Dhanith Sri, Sinhala Rap

සරළ දේවල් | Sarala Dewal by Dhanith Sri [2023]

සරළ දේවල්
හිතින් පතන්නේ මං
සරළ දේවල්
සරළ දේවල්
ජීවිතේට පණ දෙන්න ලෝකේ ඉඩකඩ ඇති තරම්
සරළ දේවල්
විඳින්න ලෝකේ අමතක කරලා දාලා යන්නේ මං

සඳ පිණි මත වැටි නෙතු අග දිළිසෙන්නේ
සඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේ
තරු එක දෙක වැටුනට මං නෑ තැවෙන්නේ
අහස සිඹින මට ඔටුනු වැටෙන්නේ
එක කකුලකි බිම නෑ MISS වෙන්නේ
වැටුනට බයක් නැත්තේ ඒකයි අදටත් හෙටත් මල්ලී

සරළ දේවල්
හිතින් පතන්නේ මං
සරළ දේවල්

ජීවිතේට ගන්න බැරි ආදරේට දුන්න දේවල්
දීලා දාන්න මල්ලි අපි අද හෙට යයිද දන්නෑ බං
කවුරු මොනව කිව්වත් නිදහස්සේ හෙමිහිට මං මගෙ පාරේ
නුඹේ අදහස මං ගැන මොකක් වුනත් අදාල නෑ බං
අපි අපි ගැන සැක කළ උස් මිටි කම් ඇති කළ
කැත සල්ලි ගැන කතාකරන්නවත් ඉඩක් දෙන්නෑ මං

සරළ දේවල්
හිතින් පතන්නේ මං
සරළ දේවල්

YEAH
සරළ දේවල්
විඳින්න ඉගෙනගනින් මචං කවුරු කීවත්
සරළ දේවල්
අමතක කරන්නෙපා මචන් පොඩිවුනත් ඒවා ලොකු දේවල්
ගහන්නෑනේ ලේබල් ඕන දෙයක් තේරුම්ගන්න මගෙ හිත OPEN
ඉන්නම්
හඳේ හාවත් එක්ක සෙල්ලම් කර කර මං

YEAH
ඉර හඳ තරු යට කැරකෙන ලෝක බෝලෙ උඩ යන
පොඩි පොඩි කූඹි වගේ එහේ මෙහේ ප්‍රශ්න ගොඩ ගහගෙන
යන එන හිත තේරුම් අරන්ගෙන හරි මැද ඉඳගෙන
සබඳ අපි නොම වෙමු කඳු එක එකා පරයා නැග එන

උම්බම්බේ උබම් බම්බේ
සඳ පිණි මත වැටි නෙතු අග දිලිසෙන්නේ
සඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේ
සඳ පිණි මත වැටි නෙතු අග දිලිසෙන්නේ
සඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේ

written by Dhanith Sri

banner

Leave a Reply